10වන පාඩම
සැබෑ ආගම සොයාගන්නා ආකාරය
ඔබට දෙවිගේ මිතුරෙක් වීමට අවශ්‍ය නම්, ඔබ දෙවි අනුමත කරන ආගම ඇදහිය යුතුයි. “සැබෑ නමස්කාරකරන්නන්” විසින් “සත්‍යයට” එකඟව දෙවිට නමස්කාර කළ යුතුයි කියා යේසුස් පැවසුවා. (යොහන් 4:23, 24, NW) දෙවිට නමස්කාර කිරීමට ඇත්තේ එක නිවැරදි මාර්ගයක් පමණයි. (එපීස 4:4-6) සැබෑ ආගම සදාකාල ජීවනයට මඟ පෙන්වන අතර බොරු ආගම මඟ පෙන්වන්නේ විනාශයටයි.—මතෙව් 7:13, 14.
ඔබට සැබෑ ආගම හඳුනාගන්න පුළුවන් වන්නේ එය පිළිපදින අයව නිරීක්ෂණය කිරීමෙනුයි. යෙහෝවා යහපත් නිසා, ඔහුගේ සැබෑ නමස්කාරකයනුත් යහපත් අය විය යුතුයි. හරියට හොඳ අඹ ගසක් හොඳ ඵල දරනවා වගේ, සැබෑ ආගම හොඳ මනුෂ්‍යයන්ව බිහි කරනවා.—මතෙව් 7:15-20.
යෙහෝවාගේ මිතුරන්ට බයිබලය කෙරෙහි ගැඹුරු ගෞරවයක් තියෙනවා. බයිබලය දෙවිගෙන් ලැබුණ දෙයක් බව ඔවුන් දන්නවා. එහි පවසන දෙයින් ඔවුන් තමන්ගේ ජීවිතවලට මඟ පෙන්වීම ලබාගන්නවා. ඒ වගේම ගැටලු විසඳාගන්න සහ දෙවි ගැන ඉගෙනගන්න උපකාර ලබාගන්නවා. (2 තිමෝති 3:16) එමෙන්ම, ඔවුන් දේශනා කරන දේ පිළිපැදීමට උත්සාහ කරනවා.
යෙහෝවාගේ මිතුරන් එකිනෙකාට ප්‍රේමය පෙන්වනවා. යේසුස් මනුෂ්‍යයන්ට දෙවි ගැන උගන්වමින්, ලෙඩුන්ව සුව කරමින් ඔවුන්ට ප්‍රේමය පෙන්නුවා. සැබෑ ආගම පිළිපදින සියලුදෙනාත් අනිත් අයට ප්‍රේමය පෙන්වනවා. යේසුස් දුප්පත් අය සහ විවිධ ජාතිවලට අයත් අයව පහත් කොට සැලකුවේ නෑ. සැබෑ නමස්කාරකයනුත් යේසුස්ගේ එම ආදර්ශයම අනුකරණය කරනවා. මනුෂ්‍යයන් විසින් තම ගෝලයන් හඳුනාගන්න යන්නේ ඔවුන් එකිනෙකාට දක්වන ප්‍රේමයෙන් බව යේසුස් පැවසුවා.—දෙවිගේ මිතුරන් යෙහෝවා යන දෙවිගේ නමට ගෞරව කරනවා. යම්කිසි කෙනෙක් ඔබේ නම භාවිත කිරීමට අකමැති නම්, එම පුද්ගලයා ඔබේ කිට්ටුම මිතුරා වෙයිද? කොහෙත්ම නෑ! අපිට මිතුරෙක් සිටින විට අපි ඔහුගේ නම භාවිත කරන අතරම එම මිතුරාගේ හොඳ අනිත් අයට කියනවා. දෙවිගේ මිතුරෙක් වීමට කැමති අයත් දෙවිගේ නම භාවිත කළ යුතු අතර අනිත් අයට ඔහු ගැන පැවසිය යුතුයි. අප එය කරනවා දකින්නයි යෙහෝවා කැමති.—මතෙව් 6:9; රෝම 10:13, 14.
යේසුස් මෙන් දෙවිගේ මිතුරනුත් මනුෂ්‍යයන්ට දෙවිගේ රාජ්‍යය ගැන උගන්වනවා. දෙවිගේ රාජ්‍යය කියන්නේ පොළොව පාරාදීසයක් කිරීමට යන ස්වර්ගික ආණ්ඩුවටයි. දෙවිගේ මිතුරන් රාජ්‍යය පිළිබඳ මෙම ශුභාරංචිය අනිත් අය සමඟ බෙදාගන්නවා.—මතෙව් 24:14.
යෙහෝවාගේ සාක්ෂිකාරයන් දෙවිගේ මිතුරන් වීමට උත්සාහ දරනවා. ඔවුන් බයිබලයට ගරු කරන අතර ඔවුන් එකිනෙකා අතරේ ප්‍රේමය තිබෙනවා. ඒ වගේම ඔවුන් දෙවිගේ නම භාවිත කරමින් හා එයට ගරු කරමින් අනිත් අයට දෙවිගේ රාජ්‍යය ගැන උගන්වනවා. ඇත්තෙන්ම අදදින පොළොව මත සැබෑ ආගම පිළිපදින්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව පවසන්න පුළුවන්.