Skip to content

පටුනට යන්න

2වන පාඩම

ඔබට සිටිය හැකි හොඳම මිතුරා දෙවියි

ඔබට සිටිය හැකි හොඳම මිතුරා දෙවියි

ඔබේ ජීවිතයේ වැදගත්ම දෙය වන්නේ දෙවිගේ මිතුරෙක් වීමයි. ඔබට ප්‍රීතියෙන් සහ සුරක්ෂිතව සිටීමට පුළුවන් කොහොමද කියා දෙවි උගන්වනවා. ඔහු බොහෝ වැරදි විශ්වාසවලින් සහ විනාශකාරි පුරුදුවලින් ඔබව මුදවාගන්නවා. ඔහු ඔබේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න යන අතර ඇතුළාන්ත සාමයක් සහ සුරක්ෂිතභාවයක් ලබාගැනීමට ඔබට උපකාර කරනවා. (ගීතාවලිය 71:5; 73:28) කරදරකාරි කාලවලදී පවා දෙවි ඔබට උපකාර කරන්න යනවා. (ගීතාවලිය 18:18) ඒ වගේම දෙවි ඔහුගේ ත්‍යාගය වන සදාකාල ජීවනය ඔබට ලබා දෙනවා.—රෝම 6:23.

ඔබ දෙවිට ළං වන විට, ඔහුගේ මිතුරන්ටද නිතැතින්ම ළං වෙනවා. ඔවුනුත් ඔබේ මිතුරන් වෙනවා. ඇත්තටම ඔවුන් ඔබේ සහෝදර සහෝදරියන් වගෙයි. ඔවුන් ඔබට දෙවි ගැන උගන්වන්න, එමෙන්ම ඔබට උපකාරය සහ දිරිගැන්වීම ලබා දෙන්න ආශාවෙන් බලා සිටිනවා.

අපි දෙවිට සමාන නෑ. ඔබ දෙවිගේ මිත්‍රත්වය සොයන විට එක් දෙයක් හොඳින් තේරුම්ගන්න අවශ්‍යයි. එනම් දෙවි සමඟ ඇති වන මිත්‍රත්වයේදී ඔබත් දෙවිත් සමාන තත්වයක නොවෙයි සිටින්නේ කියන එක. මන්ද දෙවි අපිට වඩා බොහෝ කාලයක් ජීවත් වී තිබෙන අතර ප්‍රඥාවෙන් සහ බලයෙන් අපිට වඩා ගොඩක් උසස්. ඒ විතරක් නොවෙයි ඔහු අපේ නීත්‍යානුකූල පාලකයා. ඒ නිසා, අපිට ඔහුගේ මිතුරෙක් වීමට අවශ්‍ය නම්, අප ඔහුට සවන් දී ඔහු පවසන දේ කළ යුතුයි. මෙය සැමවිටම අපගේම යහපතට හේතු වෙනවා.—යෙසායා 48:18.