Skip to content

පටුනට යන්න

වම: 1945දී එංගලන්තයේ ලන්ඩන්වල එළිමහනේ පවත්වපු රැස්වීමක්; දකුණ: 2012දී අප්‍රිකාවේ මලාවිවල එක්දින සමුළුවක්

5වෙනි කොටස

දෙවිගේ රාජ්‍යයෙන් හැමෝටම අධ්‍යාපනය ලැබෙයි

දෙවිගේ රාජ්‍යයෙන් හැමෝටම අධ්‍යාපනය ලැබෙයි

ඔබේ සභාවේ තරුණ සහෝදරයෙක් සමුළුවක ඔහුගේ මුල්ම දේශනය ඉදිරිපත් කරනවා. දේශනයට හරිම උනන්දුවෙන් ඇහුම්කන් දෙන ගමන් ඔබට මතක් වෙනවා මේ සහෝදරයා වේදිකාවට නැඟලා සේවා පාසැලේ ඔහුගේ මුල්ම පැවරුම ඉටු කරපු විදිහ. දැන් ඔහු හුඟක් දියුණු වෙලා. පුරෝගාමි පාසැලෙන් ඔහුට හොඳ පුහුණුවක් ලැබිලා තියෙනවා. මේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ ළඟදී ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලටත් සහභාගි වෙලා තියෙනවා. හිතට කාවදින විදිහට ඔහු දේශනය දීලා වේදිකාවෙන් යද්දී ඔබත් ඇවිත් ඉන්න අනිත් හැමෝමත් හරිම සතුටින් අත්පුඩි ගහනවා. යෙහෝවා දෙවිගේ සේවකයන්ට කොච්චර වටිනා උපදෙස් සහ පුහුණුවක් ලැබෙනවාද කියලා කල්පනා කරද්දී ඔබට ඒ ගැන පුදුම හිතෙනවා.

මීට අවුරුදු ගාණකට කලින්ම යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තිබුණා ඔහු තම සෙනඟට උගන්වනවා කියලා. (යෙසා. 54:13) ඒ පොරොන්දුව අද අපේ ඇස් පනාපිටම ඉටු වෙනවා. අපේ පොත් පත්වලින් විතරක් නෙවෙයි රැස්වීම්වලින්, සමුළුවලින් සහ අපේ පැවරුම් හොඳින් ඉටු කරන්න සංවිධානය කරලා තියෙන විවිධ පාසැල්වලින් අපි මොන තරම් වටිනා දේවල් ඉගෙනගන්නවාද! දෙවිගේ රාජ්‍යය අද ඇත්තටම පාලනය කරනවා කියලා දෙවිගේ සෙනඟට ලැබෙන ඒ අධ්‍යාපනයෙන් තහවුරු වෙන විදිහ ගැන මේ කොටසින් බලමු.

මේ කොටසේ

16වෙනි පරිච්ඡේදය

නමස්කාර කරන්න එකට රැස් වෙයි

යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එකට රැස් වෙන එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

17වෙනි පරිච්ඡේදය

දෙවිගේ සේවකයන්ව පුහුණු කරයි

පැවරුම් හොඳින් ඉටු කරන්න විවිධ පාසැල්වලින් දේවසේවකයන්ව පුහුණු කරලා තියෙන්නේ කොහොමද?