Skip to content

පටුනට යන්න

දෙවිගේ රාජ්‍යයෙන් පොරොන්දු ඉටු වෙන කල් ඔබත් ආශාවෙන් බලන් ඉන්නවාද?

7වෙනි කොටස

රාජ්‍යයෙන් දෙවිගේ පොරොන්දු ඉටු වෙයි

රාජ්‍යයෙන් දෙවිගේ පොරොන්දු ඉටු වෙයි

ඔබ දැන් ඉන්නේ ඇපල් වත්තක ඇපල් එකතු කරන ගමන් කියලා හිතන්න. ඔබ හොඳ ඇපල් ගෙඩියක් කඩාගෙන කූඩෙට දාන්න කලින් ඒකෙ සුවඳ බලනවා. ඔබට දැනෙන්නේ පුදුම සතුටක්. මේ වෙද්දී ඔබ එක දිගට පැය ගණනාවක්ම වැඩ කරලා තිබුණත් වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඔබේ අම්මාත් පවුලේ අනිත් අය සහ මිතුරන් එක්ක එකතු වෙලා හරිම සතුටින් ඇපල් එකතු කරනවා. ඔබ පුංචි කාලේ දැක්කා වගේ ඔබේ අම්මා දැන් හරිම තරුණයි. හුඟක් කාලෙකට කලින් අම්මා වයසට ගිහින් අසනීප වෙලා හිටියා කියලා දැන් නම් හිතාගන්නවත් බැහැ. ඔබට මතක් වෙනවා ඇය අසනීපෙන් මරණාසන්නව ඉද්දී ඔබ ඇගේ අතින් අල්ලගෙන හුඟක් දුක් වුණු හැටි. හැබැයි දැන් ඇය නිරෝගී සෞඛ්‍යයකින් හරිම සතුටින් ඉන්නවා.

අපි දන්නවා ඒ දේ ළඟදීම අපි හැමෝටම අද්දකින්න පුළුවන් කියලා. ඔව්, දෙවිගේ පොරොන්දු කවදාවත් ඉටු නොවී තියෙන්නේ නැහැ. ළඟදීම සිද්ධ වෙන්න නියමිත හර්-මගෙදොන් යුද්ධයට කලින් ඉටු කරන්න දෙවි පොරොන්දු වෙලා තියෙන දේවල් දෙවිගේ රාජ්‍යයෙන් ඉටු කරන්නේ කොහොමද කියලා අපි මේ කොටසින් බලමු. හර්-මගෙදොන් යුද්ධය ඉවර වුණාම දෙවිගේ රාජ්‍යයෙන් ඉටු කරන පොරොන්දු කිහිපයක් ගැනත් අපිට මේ කොටසින් දැනගන්න පුළුවන්. ළඟදී දෙවිගේ රාජ්‍යයෙන් මේ පොළොවේ සියල්ල අලුත් කරන කාලයේදී ජීවත් වෙන්න ලැබෙන එක කොයි තරම් අනගි වරප්‍රසාදයක් වෙයිද!

මේ කොටසේ

21වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වෙන අය විනාශ වෙයි

හර්-මගෙදොන් යුද්ධයට දැන් ඉඳලම සූදානම් වෙන්න ඔබට පුළුවන්.

22වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යයෙන් දෙවිගේ කැමැත්ත පොළොව පුරා ඉටු වෙයි

යෙහෝවා දෙවි දීලා තියෙන හැම පොරොන්දුවක්ම ඉටු වෙයි කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි?