Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, බයිබලයට ඇලුම් කරන අය වෙත,

යේසුස් මෙහෙම කිව්වා. “ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” (යොහන් 8:32) බයිබලයේ තියෙන සත්‍යය ගැන මුලින්ම දැනගන්න ලැබුණාම ඔයාට හැඟුණු විදිහ මතකද? මුළු ලෝකයම බොරුවෙන් පිරිලා තියෙද්දී සත්‍යය දැනගන්න ලැබුණු එක ගැන ඔයාට දැනුණු සතුට වචනෙන් විස්තර කරන්න බැහැ නේද!—2 තිමෝති 3:1.

හැමෝම සත්‍යය ගැන දැනගන්නවාටයි යෙහෝවා දෙවියන් කැමති. අපිත් මිනිසුන්ට ආදරේ නිසා අපිටත් ඕනෙ සත්‍යය ගැන එයාලට කියන්න. හැබැයි ඒක විතරක් කරලා මදි. දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්තිවලට ගරු කරමින් ඒවාට එකඟව ජීවත් වෙන්නත් අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. දෙවියන්ට ආදරෙයි නම් අපි කරන්න ඕන දෙයක් ගැන යේසුස් මෙහෙම කිව්වා. “මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා. ඒ වගේම ඔබත් මා ආඥා කළ දේවල් පිළිපදිනවා නම් මමත් ඔබට නිරතුරුවම ප්‍රේම කරනවා.”—යොහන් 15:10.

යේසුස් තම පියාණන්ට හුඟක් ආදරේ නිසා ඔහු කියපු හැම දේම කළා. අපිත් ඒ දේම කරනවා නම් දෙවියන්ගේ ආදරේ ලබමින් සැබෑ සතුට අද්දකින්න අපිට පුළුවන් වෙයි. යේසුස් කිව්වෙත් “ඔබ මේ දේවල් දැන සිටින නිසා ඔබ ඒවා පිළිපැද්දොත් ඔබට සතුටු විය හැකියි” කියලයි.—යොහන් 13:17.

බයිබලයේ තියෙන සත්‍යයට එකඟව ජීවත් වෙමින් දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට මේ පොත උදව් වෙයි. දෙවියන් ගැන තියෙන ආදරේ වැඩි කරගෙන ‘දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගන්නත් සදාකාල ජීවනය ලබාගන්නත්’ ඔයාලට උදව් කරන්න කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලනවා.—යූද් 21.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය