Skip to content

පටුනට යන්න

6වෙනි ප්‍රශ්නය

ගැලවුම්කරු ගැන බයිබලයේ කලින්ම කියා තිබුණේ මොනවාද?

ගැලවුම්කරු ගැන බයිබලයේ කලින්ම කියා තිබුණේ මොනවාද?

අනාවැකිය

“බෙත්ලෙහෙම් එෆ්‍රාතා! ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය.”

මීකා 5:2

ඉටු වීම

“යේසුස් උපන්නේ හෙරොද් රජුගේ කාලයේදී යුදයට අයත්ව තිබූ බෙත්ලෙහෙම් නම් නුවරෙහිය. දිනක් නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ යෙරුසලමට පැමිණියෝය.”

මතෙව් 2:1

අනාවැකිය

“ඔවුහු මාගේ පිට වස්ත්‍ර තමන් අතරේ බෙදාගත්තෝය. මාගේ ඇඳුම් සඳහා දාදු දැමුවෝය.”

ගීතාවලිය 22:18

ඉටු වීම

“යේසුස්ව කණුවේ ඇණ ගැසූ හේවායෝ, ඔහුගේ පිට වස්ත්‍ර ගෙන . . . කොටස් හතරකට බෙදාගත්තෝය. ඔවුහු ඔහුගේ ඇතුල් වස්ත්‍රයද ගත්හ. ඒ වස්ත්‍රයට මූට්ටුවක් තිබුණේ නැත. එය උඩ සිට පහළට මුළුමනින්ම එකට වියා තිබිණ. එහෙයින් ඔවුහු එකිනෙකාට මෙසේ කීවෝය. ‘අපි එය ඉරන්නේ නැතුව එය අයිති වෙන්නේ කාටද කියා තීරණය කරන්න දාදු දමමු.’”

යොහන් 19:23, 24

අනාවැකිය

“ඔහු ධර්මිෂ්ඨයාගේ සෑම ඇටකටුවක්ම ආරක්ෂා කරයි. එයින් එකක්වත් නොබිඳෙයි.”

ගීතාවලිය 34:20

ඉටු වීම

“ඔවුහු යේසුස්ගේ කකුල් කැඩීමට ඔහු ළඟට ගිය විට ඔහු ඒ වන විටත් මිය ගොස් ඇති බව දුටු නිසා ඔහුගේ කකුල් කැඩුවේ නැත.”

යොහන් 19:33

අනාවැකිය

“ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ අපේ පාප නිසාය.”

යෙසායා 53:5

ඉටු වීම

“එක් හේවායෙක් හෙල්ලයකින් ඔහුගේ ළයට පහළින් පිහිටි පෙදෙසට ඇන්නේය. එවිට එතැනින් ලේත් වතුරත් පිටතට ආවේය.”

යොහන් 19:34

අනාවැකිය

“ඔවුහු මාගේ කුලිය ලෙස රිදී ෂෙකෙල් තිහක් දුන්නෝය.”

සෙකරියා 11:12, 13

ඉටු වීම

“ඉන්පසු දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙතට ගොස්, ‘මම ඔහුව ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවාද’ කියා ඇසුවේය. ඔවුහු ඔහුට රිදී කාසි තිහක් දීමට එකඟ වූහ.”

මතෙව් 26:14, 15; 27:5