Skip to content

පටුනට යන්න

2වෙනි ප්‍රශ්නය

දෙවියන් ගැන දැනගන්න පුළුවන් කොහොමද?

දෙවියන් ගැන දැනගන්න පුළුවන් කොහොමද?

“මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න. එහි සඳහන් දේවල් ගැන නිතරම අන් අය සමඟ කතා කරන්න. එවිට ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය.”

යොෂුවා 1:8

“ඔවුහු සැබෑ දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල කියවා එහි සඳහන් දේවල් ජනයාට දිගටම පහදා දෙමින් ඒ දේවල නියම අර්ථය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කළෝය.”

නෙහෙමියා 8:8

“දුෂ්ටයන්ගේ අවවාද නොපිළිගත්තාවූ . . . මනුෂ්‍යයා සන්තෝෂවත්ය. යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය. . . . ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.”

ගීතාවලිය 1:1-3

“ෆිලිප් ඔහු ළඟට දුව ගොස් එම නිලධාරියා අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල හඬ නඟා කියවන ආකාරය අසා, ‘ඔබ කියවන දේ ඔබට ඇත්තටම වැටහෙනවාද’ කියා ඇසුවේය. එවිට ඔහු, ‘කාගෙවත් මඟ පෙන්වීමක් නැතුව මේ දේවල් මම කොහොමද තේරුම්ගන්නේ’ කියා පැවසුවා.”

ක්‍රියා 8:30, 31

“දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ. එහෙයින් දෙවිව පිළි නොගෙන සිටීමට ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් නැත.”

රෝම 1:20

“ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.”

1 තිමෝති 4:15

“අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. . . . එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි.”

හෙබ්‍රෙව් 10:24, 25

“එහෙයින් තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.”

යාකොබ් 1:5