Skip to content

පටුනට යන්න

18වෙනි ප්‍රශ්නය

දෙවියන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

දෙවියන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

“යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.”

ගීතාවලිය 65:2

“ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”

හිතෝපදේශ 3:5, 6

“සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”

යොහන් 17:3

“ඔහු [දෙවි] අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවෙයි.”

ක්‍රියා 17:27

“දෙවිගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමක් හා පූර්ණ අවබෝධයක් ඇතුව ඔබේ ප්‍රේමය තව තවත් වැඩි වෙන්න කියා මම ඔබ වෙනුවෙන් නිරතුරුව යාච්ඤා කරමි.”

ෆිලිප්පි 1:9

“ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.”

යාකොබ් 1:5

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි. පව්කාරයෙනි, ඔබේ දෑත් පිරිසිදු කරගන්න. දෙගිඩියාවෙන් සිටින්නෙනි, ඔබේ සිත් පවිත්‍ර කරගන්න.”

යාකොබ් 4:8

“දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.”

1 යොහන් 5:3