Skip to content

පටුනට යන්න

17වෙනි ප්‍රශ්නය

පවුලේ අයට දී තියෙන මඟ පෙන්වීම් මොනවාද?

පවුලේ අයට දී තියෙන මඟ පෙන්වීම් මොනවාද?

ස්වාමිපුරුෂයන්/පියවරුන්

“ස්වාමිපුරුෂයන්ද තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි. තම භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාටම ප්‍රේම කරන බව කිව හැකියි. මන්ද කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි. . . . ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි.”

එෆීස 5:28, 29, 33

“පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න. ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.”

එෆීස 6:4

භාර්යාවන්

“භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”

එෆීස 5:33

“භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. මන්ද ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස එසේ කිරීම සුදුසුය.”

කොලොස්සි 3:18

දරුවන්

“දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද දෙමාපියන්ට කීකරු වීම දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් ලෙසටයි. ‘ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.’ පොරොන්දුවක් සමඟ දී ඇති පළමුවෙනි ආඥාව එයයි. ඒ පොරොන්දුව නම්, ‘එය ඔබේ යහපතට හේතු වෙයි. එවිට පොළොවෙහි බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන’ යන්නයි.”

එෆීස 6:1-3

“දරුවෙනි, සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි.”

කොලොස්සි 3:20