Skip to content

පටුනට යන්න

19වෙනි ප්‍රශ්නය

බයිබලයට ඇතුළත් වන පොත්වල තියෙන්නේ මොනවාද?

බයිබලයට ඇතුළත් වන පොත්වල තියෙන්නේ මොනවාද?

හෙබ්‍රෙව් ලියවිල්ල (“පරණ ගිවිසුම”)

බයිබලයේ මුල් පොත් පහ:

උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාව

පටන්ගැන්මේ සිට ඊශ්‍රායෙල් ජාතියේ බිහි වීම දක්වා

ඓතිහාසික පොත් (පොත් 12යි):

යොෂුවා, විනිශ්චයකරුවෝ, රූත්

ඊශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශයට ඇතුල් වීම හා ඉන්පසුව සිදු වූ දේවල්

1 සහ 2 සාමුවෙල්, 1 සහ 2 රාජාවලිය, 1 සහ 2 ලේකම්

යෙරුසලමේ විනාශය දක්වා ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය

එස්රා, නෙහෙමියා, එස්තර්

බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වූ පසු යුදෙව්වන්ගේ ඉතිහාසය

කාව්‍යමය භාෂාවෙන් ලියා තිබෙන පොත් (පොත් 5යි):

යෝබ්, ගීතාවලිය, හිතෝපදේශ, දේශනාකාරයා, සලමොන්ගේ ගීතිකාව

නැණවත් කියමන් සහ ගීතිකා

අනාවැකි ඇතුළත් පොත් (පොත් 17යි):

යෙසායා, යෙරෙමියා, විලාප ගී, එසකියෙල්, දානියෙල්, හොෂෙයා, යෝවෙල්, ආමොස්, ඔබදියා, යෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, හග්ගයි, සෙකරියා, මලාකි

දෙවිගේ සෙනඟ ගැන කියූ අනාවැකි

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල (“අලුත් ගිවිසුම”)

සුවිශේෂ හතර (පොත් 4යි):

මතෙව්, මාක්, ලූක්, යොහන්

යේසුස්ගේ ජීවිතය හා දේවසේවය පිළිබඳ තොරතුරු

නියෝජිතයන්ගේ ක්‍රියා (පොත් 1යි):

ක්‍රිස්තියානි සභාවේ ආරම්භය සහ දේවසේවය පිළිබඳ තොරතුරු

ලිපි (පොත් 21යි):

රෝම, 1 සහ 2 කොරින්ති, ගලාති, එෆීස, ෆිලිප්පි, කොලොස්සි, 1 සහ 2 තෙසලෝනික

ක්‍රිස්තියානි සභාවන්ට ලියූ ලිපි

1 සහ 2 තිමෝති, තීතස්, ෆිලෙමොන්

එක් එක් පුද්ගලයන්ට ලියූ ලිපි

හෙබ්‍රෙව්, යාකොබ්, 1 සහ 2 පේතෘස්, 1, 2 සහ 3 යොහන්, යූද්

ක්‍රිස්තියානීන්ට ලියූ ලිපි

එළිදරව් (පොත් 1යි):

නියෝජිත යොහන්ට දකින්න සැලැස්වූ අනාවැකිමය දර්ශන