Skip to content

පටුනට යන්න

7වෙනි ප්‍රශ්නය

අප ජීවත් වන කාලය ගැන බයිබලයේ කලින්ම කියා තිබුණු දේවල් මොනවාද?

අප ජීවත් වන කාලය ගැන බයිබලයේ කලින්ම කියා තිබුණු දේවල් මොනවාද?

“ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. . . . ඒ සියල්ල දරුණු විපත්වල ආරම්භයක් පමණයි.”

මතෙව් 24:7, 8

“බොරු අනාගතවක්තෘවරුන් රාශියක් මතු වී බොහෝදෙනෙකුව නොමඟ යවන අතරම, අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වන නිසා වැඩිදෙනාගේ ප්‍රේමයද හීන වී යයි.”

මතෙව් 24:11, 12

“විවිධ තැන්වල සිදු වන යුද්ධ ගැන ඔබට ආරංචි වෙයි. නමුත් භය වෙන්න එපා. ඒ දේවල් සිදු විය යුතුයි. නමුත් සියල්ලේ අවසානය එය නොවෙයි.”

මාක් 13:7

“මහත් භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙයි. මිනිස්සු බිහිසුණු දේවල් දකින අතර ඔවුන් අහසෙහි සිදු වන පුදුමාකාර ලකුණුද දකියි.”

ලූක් 21:11

“අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.”

2 තිමෝති 3:1-5