Skip to content

පටුනට යන්න

5වෙනි ප්‍රශ්නය

බයිබලයේ සඳහන් වන පණිවිඩය මොකක්ද?

බයිබලයේ සඳහන් වන පණිවිඩය මොකක්ද?

“ඔබ සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම් තබන්නෙමි. ඔහු ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.”

උත්පත්ති 3:15

“ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.”

උත්පත්ති 22:18

“ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!”

මතෙව් 6:10

“තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.”

රෝම 16:20

“මන්ද සියල්ල පුත්‍රයාට යටත් කළ පසු පුත්‍රයාද තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාණන්ට යටත් වනු ඇත. එසේ කරන්නේ දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කිරීම සඳහාය.”

1 කොරින්ති 15:28

“ආබ්‍රහම් සහ ඔහුගෙන් පැවතෙන තැනැත්තාට දෙවි දුන් පොරොන්දු ගැන සලකා බලන්න. . . . ඒ තැනැත්තා නම් ක්‍රිස්තුස්ය. මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.”

ගලාති 3:16, 29

“මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන් හා ඔහුගේ ක්‍රිස්තුස් සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”

එළිදරව් 11:15

“එහෙයින් ඒ මහත් මකරාව පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහුව පොළොවට හෙළන ලදි. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.”

එළිදරව් 12:9

“ඔහු මකරාව එනම්, යක්ෂයා ලෙසද සාතන් ලෙසද හඳුන්වන මුල් සර්පයාව අල්ලා අවුරුදු දහසකට බැඳ තැබුවේය.”

එළිදරව් 20:2