Skip to content

පටුනට යන්න

15වෙනි ප්‍රශ්නය

ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?

ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?

“වෛරයෙන් යුතුව ගව මස් කනවාට වඩා ප්‍රේමය ඇතුව එළවළු ටිකක් කෑම හොඳය.”

හිතෝපදේශ 15:17

“මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.”

යෙසායා 48:17

“නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි.”

මතෙව් 5:3

“ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.”

මතෙව් 22:39

“අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.”

ලූක් 6: 31

“සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි.”

ලූක් 11:28

“කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”

ලූක් 12:15

“එහෙයින් අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.”

1 තිමෝති 6:8

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”

ක්‍රියා 20:35