Skip to content

පටුනට යන්න

1වෙනි ප්‍රශ්නය

සැබෑ දෙවියන් කවුද?

සැබෑ දෙවියන් කවුද?

“යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.”

ගීතාවලිය 83:18

“යෙහෝවා දෙවි සැබෑ දෙවි බව තේරුම්ගන්න. . . . අපේ නිර්මාතෘ ඔහුය.”

ගීතාවලිය 100:3

“මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි. මට ලැබිය යුතු ප්‍රශංසාව දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.”

යෙසායා 42:8

“යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.”

රෝම 10:13

“ඇත්තෙන්ම සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.”

හෙබ්‍රෙව් 3:4

“අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද? තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය. ඔහු සතු අතිමහත් බලය හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.”

යෙසායා 40:26