Skip to content

පටුනට යන්න

දේවවචනයට හැඳින්වීමක්

දේවවචනයට හැඳින්වීමක්

බයිබලයේ සඳහන් වෙන්නේ දෙවියන් මිනිසාට දුන් පණිවිඩයයි. අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලත් ඔහුගේ අනුමැතිය ලබාගන්න අපි කරන්න ඕනේ මොනවාද කියලත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම පහත සඳහන් ප්‍රශ්නවලටත් බයිබලයෙන් පිළිතුරු හොයාගන්න පුළුවන්.

  1. 1 සැබෑ දෙවියන් කවුද?

  2. 2 දෙවියන් ගැන දැනගන්න පුළුවන් කොහොමද?

  3. 3 බයිබලය ලිව්වේ කවුද?

  4. 4 බයිබලයේ සඳහන් තොරතුරු විද්‍යානුකූලව නිවැරදිද?

  5. 5 බයිබලයේ සඳහන් වන පණිවිඩය මොකක්ද?

  6. 6 ගැලවුම්කරු ගැන බයිබලයේ කලින්ම කියා තිබුණේ මොනවාද?

  7. 7 අප ජීවත් වන කාලය ගැන බයිබලයේ කලින්ම කියා තිබුණු දේවල් මොනවාද?

  8. 8 මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?

  9. 9 මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

  10. 10 අනාගතය ගැන බයිබලයේ සඳහන් වන්නේ මොනවාද?

  11. 11 කෙනෙක් මැරුණාට පස්සේ මොනවාද වෙන්නේ?

  12. 12 මිය ගිය අයට නැවත ජීවත් වෙන්න ලැබෙයිද?

  13. 13 වැඩ කිරීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

  14. 14 මුදල් ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

  15. 15 ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?

  16. 16 කනස්සල්ලට මුහුණ දෙන්නේ කොහොමද?

  17. 17 පවුලේ අයට දී තියෙන මඟ පෙන්වීම් මොනවාද?

  18. 18 දෙවියන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

  19. 19 බයිබලයට ඇතුළත් වන පොත්වල තියෙන්නේ මොනවාද?

  20. 20 බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද?

බයිබල් පද හොයාගන්නේ කොහොමද?

බයිබලයට කුඩා පොත් 66ක් ඇතුළත්. එය හෙබ්‍රෙව්-ඇරමයික ලියවිල්ල (“පරණ ගිවිසුම”) සහ ග්‍රීක ලියවිල්ල (“අලුත් ගිවිසුම”) ලෙස කොටස් දෙකකට වෙන් කර තියෙන අතර ඒ හැම පොතක්ම පරිච්ඡේද සහ ඡේද වශයෙන්ද වෙන් කර තියෙනවා. බයිබල් පද සඳහන් කර තියෙන තැන්වල පොතේ නමට පසුව මුලින්ම තියෙන ඉලක්කමෙන් පෙන්වන්නේ පරිච්ඡේදයයි. ඊළඟට තියෙන ඉලක්කම හෝ ඉලක්කම්වලින් පෙන්වන්නේ එම පරිච්ඡේදයේ, ඡේදය හෝ ඡේදයි. උදාහරණයකට උත්පත්ති 1:1 කියද්දී ඉන් අදහස් කරන්නේ උත්පත්ති පොතේ 1වෙනි පරිච්ඡේදයේ 1වෙනි ඡේදයයි.