Skip to content

පටුනට යන්න

14වෙනි ප්‍රශ්නය

මුදල් ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

මුදල් ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

“විනෝදකාමී ජීවිතයකට ඇලුම් වන්නා දුගීකමට පත් වෙයි. වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් ඇති කරගන්නා කිසිදා පොහොසත් නොවෙයි.”

හිතෝපදේශ 21:17

“ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි.”

හිතෝපදේශ 22:7

“ඔබ අතර සිටින කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද? එසේ කළේ නැත්නම් ඔහුට හැකි වන්නේ එහි අත්තිවාරම දමන්න පමණයි. එය සම්පූර්ණ කිරීමට ඔහුට හැකි වන්නේ නැහැ. එවිට බලා සිටින සියලුදෙනාම ඔහුට සමච්චල් කරයි. ‘මේ මිනිසා වැඩේ පටන්ගත්තත් ඔහුට එය ඉවර කරගන්න බැරි වුණා’ කියා ඔවුන් පවසයි.”

ලූක් 14:28-30

“ඔවුන් කෑම කා තෘප්තියට පැමිණි විට ඔහු තම ගෝලයන්ට මෙසේ කීවේය. ‘කිසිම දෙයක් අපතේ යවන්න එපා. ඉතුරු වී ඇති කෑම එකතු කරන්න.’”

යොහන් 6:12