Skip to content

පටුනට යන්න

පින්තූර සුචිය

පින්තූර සුචිය

පින්තූර සුචිය පිටු අංකයට අනුව

  • ඉදිරිපස හා පිටුපස කවරය පාවුල්, තබිතා, ගලියෝ, ලූක්, නිලධාරියෙක් සමඟ නියෝජිතයන්, සද්දුසිවරයෙක්, පාවුල්ව සීසර් ළඟට අරන් යමින්, ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කළ කාර් එකක් හා ශබ්දවාහිනියක් යොදාගෙන සාක්ෂි දරමින්.

  • 1වෙනි පිටුව රෝමයට යන බඩු නැවක ඉන්න දම්වැල්වලින් බැඳපු පාවුල් හා ඒ අසල ඉන්න ලූක්.

  • 2වෙනි සහ 3වෙනි පිටු පාලක මණ්ඩලයේ සහෝදරයන් වුණ ජේ. ඊ. බාර් හා ටී. ජැරස් ලෝක සිතියමක් දෙස බලමින්.

  • 11වෙනි පිටුව ගලීලයේ කන්දක් මත සිටියදී යේසුස් තම විශ්වාසවන්ත නියෝජිතයන් 11දෙනාට හා අනිත් ගෝලයන්ට දේශනා කිරීමේ පැවරුම භාර දෙමින්.

  • 15වෙනි පිටුව යේසුස්ව ස්වර්ගයට ඔසවගද්දී නියෝජිතයන් ඔහු දෙස බලා සිටියි.

  • 22වෙනි පිටුව පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ අනුගාමිකයන් වීථිවල හිටිය අයට ඔවුන්ගෙම භාෂාවෙන් කතා කරමින්.

  • 40වෙනි පිටුව කේන්තියෙන් පුපුරමින් ඉන්න කායෆස් ඉදිරියේ පෙනී ඉන්න නියෝජිතයන්. මන්ත්‍රණ සභාවේ නියෝගවලට එකඟව ක්‍රියා කිරීමට සූදානමින් ඉන්න නිලධාරීන්.

  • 49වෙනි පිටුව පහත: දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ නැඟෙනහිර ජර්මනියේ උසාවිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්සත් ජනපදයේ ඔත්තුකරුවන් බවට අසාධාරණ තීන්දුවක් දුන් අවස්ථාව.—Neue Berliner Illustrierte, 1950 ඔක්තෝබර් 3වෙනිදා.

  • 52වෙනි පිටුව මන්ත්‍රණ සභාව ඉදිරියේ පෙනී ඉන්න ස්තේපන්. ඔහුට වම් පසින් ධනවත් සද්දුසිවරුන් සහ දකුණු පසින් උමතු වෙලා ඉන්න පරිසිවරුන්.

  • 60වෙනි පිටුව අලුතින් බව්තීස්ම වුණ කෙනෙක් මත පේතෘස් අත් තබමින්. මුදල් පසුම්බියක් අතැතිව ඉන්න සීමොන්.

  • 85වෙනි පිටුව පේතෘස් හා අනිත් ගෝලයන් කොර්නේලියස්ගේ නිවසට ඇතුල් වෙමින්. රෝම හමුදාවේ ඔහුට හිමි තනතුර පෙන්වන්න කොර්නේලියස්ගේ වම් උරහිස මත විශේෂ සළුවක් සවි කර තිබුණා.

  • 93වෙනි පිටුව දේවදූතයා පේතෘස්ට මඟ පෙන්වමින්. පේතෘස්ව සිරගත කරන්න ඇත්තේ ඇන්ටෝනියා බලකොටුවෙයි.

  • 95වෙනි පිටුව පහත: ක්විබෙක් ප්‍රදේශයේ මොන්ට්‍රියල් නගරයේ 1945දී සාක්ෂිකරුවන්ට විරුද්ධව ඇති වුණ කෝලහලයක්. —Weekend Magazine, 1956 ජූලි.

  • 103වෙනි පිටුව පිසිදියාවේ අන්තියෝකියේ වැසියන් පාවුල්ව හා බානබස්ව නගරයෙන් පිටතට ඇදලා දාපු අවස්ථාව. ඔවුන්ට පිටුපසින් තිබෙන්නේ නගරයට ජලය සැපයීම සඳහා ඉදි කර තිබුණ වාරිමාර්ග පද්ධතියයි. ඒක ඉදි කරන්න ඇත්තේ පළවෙනි සියවසේ මුල්භාගයෙදියි.

  • 106වෙනි පිටුව ලිස්ත්‍රාවේ වැසියන් තමන්ට ගරුබුහුමන් දැක්වීම ගැන පාවුල් හා බානබස් අකමැත්ත පළ කරමින්. ඔවුන්ගේ වන්දනාමානවලට නැටුම් ගැයුම් ඇතුළත් වුණ අතර සාමාන්‍යයෙන් ඒ අවස්ථාවන් ඝෝෂාකාරියි.

  • 113වෙනි පිටුව ඉහළ: සීලස් හා යූදස් සිරියාවේ අන්තියෝකියේ සභාවේ සිටි අයව දිරිගන්වමින්. (ක්‍රියා 15:30-32) පහත: චාරිකා සේවකයෙක් උගන්ඩාවේ සභාවක සිටින අයව දිරිගන්වමින්.

  • 121වෙනි පිටුව යෙරුසලමේ සභාව නිවසක රැස් වෙමින්.

  • 142වෙනි පිටුව රෝමයට බඩු ගෙන යන නැවක පාවුල් හා තිමෝති ගමන් කරමින්. ප්‍රදීපාගාරයක් ඈත පේන්න තියෙනවා.

  • 157වෙනි පිටුව පාවුල් හා සීලස් ඔවුන්ව අල්ලගන්න ආපු පිරිසකගෙන් බේරිලා යනවා. ඔවුන් ඉන්නේ දොරටුව වහලා දාපු මැද මිදුලක.

  • 177වෙනි පිටුව පාවුල්ට චෝදනා ඉදිරිපත් කළ අයව ගලියෝ විසුරුවාහරිමින්. ඔහු ඇඳගෙන ඉන්නේ ඔහුගේ තනතුරට ගැළපෙන ඇඳුමක්. ඔහු පැළඳගෙන ඉන්නේ ටෝගා විදිහට හඳුන්වන දම් පාට වාටියක් තියෙන සුදු සළුවක් හා කැල්සෙයි කියලා හඳුන්වන විශේෂ පාවහන් ජෝඩුවක්.

  • 180වෙනි පිටුව දෙමේත්‍රියස් එෆීසයේ රිදීකරුවන්ව උසිගන්වමින්. ආටෙමිස්ගේ දේවාලය හැඩැති කුඩා රිදී රූප සිහිවටන විදිහට විකුණනවා.

  • 195වෙනි පිටුව පාවුල් හා පිරිස නැවකට ගොඩ වෙමින්. ක්‍රි.පූ. පළවෙනි සියවසේදී ඉදි කළ විශාල ස්මාරකයක් වරායේ දක්නට තිබෙනවා.

  • 205වෙනි පිටුව පහත: 1940 ගණන්වල කැනඩාවේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් හා සඟරා තහනම් කරපු කාලයේ යෞවනයෙක් ඒවා හොරෙන් අරන් යනවා. (මේක සැබෑ සිදුවීමක රඟ දැක්වීමක් විතරයි.)

  • 208වෙනි පිටුව වැඩිමහල්ලන්ගේ යෝජනාවට එකඟව වැඩ කිරීමට පාවුල් කැමති වෙනවා. සහනාධාර අරන් යන්න උපකාර කළ ලූක් හා තිමෝති පිටුපසින් ඉඳගෙන ඉන්නවා.

  • 218වෙනි පිටුව පාවුල්ගේ සහෝදරියගේ පුතා ක්ලෝදියස් ලිසියස්ව හමු වෙලා කතා කරනවා. ඒක සිදු වුණේ ඇන්ටෝනියා බලකොටුවේ වෙන්න ඇති. පිටුපසින් පේන්නේ හෙරොද් රජ ඉදි කළ දේවමාලිගාව.

  • 236වෙනි පිටුව හුඟක් වෙහෙසට පත්ව ඉන්න මඟීන් වෙනුවෙන් පාවුල් යාච්ඤා කරමින්.

  • 254වෙනි පිටුව රෝමයේ සිරකරුවෙක් වෙලා ඉන්න පාවුල් රෝම නුවර දෙස බලා සිටිනවා. ඔහුට දමා තිබෙන දම්වැල හේවායාට සම්බන්ධ කර තිබෙනවා.