1වෙනි කොටස • ක්‍රියා 1:1–6:7
“ඔයාලා උගන්නපු දේවල් යෙරුසලම පුරාම පැතිරිලා”
ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ දෙවියන්ගේ බලය ලැබුණු අවස්ථාවේ සිට යේසුස්ගේ ගෝලයන් දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දීමේ කාර්යයේ ඉතා කඩිසරව නියැලුණා. මේ කොටසෙන් ක්‍රිස්තියානි සභාව ආරම්භ වුණ විදිහ ගැනත් යෙරුසලම පුරා දුන් ප්‍රබල සාක්ෂිය ගැනත් දිනෙන් දින වැඩි වුණ විරුද්ධවාදිකම් හමුවේ යේසුස්ගේ නියෝජිතයන් නිර්භීතව ඔවුන්ගේ ස්ථාවරය රැකගත්ත විදිහ ගැනත් සලකා බලනවා.