Skip to content

පටුනට යන්න

අම්මේ තාත්තේ

අම්මේ තාත්තේ

ඔබේ සිඟිති දුවට හෝ පුතාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග මොකක්ද? ආදරය, රැකවරණය, මඟ පෙන්වීම් වගේ හුඟක් දේවල් ඔවුන්ට අවශ්‍ය බව ඇත්තයි. ඒත් ඒ අතරින් වටිනාම තෑග්ග වෙන්නේ යෙහෝවා දෙවි ගැනත් බයිබලයේ තියෙන සත්‍යයන් ගැනත් ඔවුන්ට කියා දීමයි. (යොහන් 17:3) ඔබ එහෙම කළොත්, යෙහෝවා දෙවිට ආදරය කරන්නත් මුළු සිතින්ම ඔහුට සේවය කරන්නත් ඔබේ දරුවෝ කුඩා කාලයේ සිටම පුරුදු වෙයි.—මතෙව් 21:16.

ක්‍රියාකාරකම් ඇති පුංචි පාඩම් තියෙන පොත්වලට දරු පැටවුන් හුඟක් කැමති බව බොහෝ දෙමව්පියන්ගේ අද්දැකීමයි. ඒ නිසා පුංචි අපිට පාඩම් කියන මේ පොත අපි ඔබේ දරුවන්ට ලබා දෙන්නේ හරිම සතුටින්. සෑම පාඩමක්ම සකස් කරලා තියෙන්නේ ඉතාමත් සරල විදිහටයි. මෙහි තිබෙන පින්තූර එක්ක තියෙන පුංචි විස්තරයත් දරුවාට කරන්න තියෙන දේවලුත් විශේෂයෙන්ම සකස් කර තිබෙන්නේ අවුරුදු තුනට අඩු දූදරුවන් වෙනුවෙන්මයි. නමුත් මෙය දරුවන්ට දෙන සෙල්ලම් බඩුවක් ලෙස සලකන්න එපා. ඔබේ සිඟිත්තා එක්ක මේ කොටස් කියවන්න. එය ඔබේ දරුවන් එක්ක කතා කරමින් කාලය ගත කරන්නද ඔබට උදව් වෙයි.

“ළදරු කාලයේ පටන්” ඔබේ දරුවන්ට බයිබලයේ තියෙන සත්‍යයන් කියා දීමට මේ පොත ලොකු උපකාරයක් වෙන බව අපිට ස්ථිරයි.—2 තිමෝති 3:14, 15.

ඔබේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය