4වන පාඩම
වැස්ස වැස්ස දැන් ඇති
නතර වෙන්නකෝ
මට යන්න දෙන්නකෝ
නෙත්මි අඬනවා.
හරි පුදුමයි!
ඉර පායලා
වහින්නේ නෑ දැන්
නෙත්මි කියනවා.
හිනා වෙවී උඩ පැන පැන මිදුලට දිව්වම හරිම පුදුම හිතෙන දෙයක් නෙත්මි දකිනවා.
යෙහෝවා දෙවිනේ වැස්ස දෙන්නේ ඒ නිසයිනේ මල් පිපෙන්නේ දැන් තමයිනේ ඒක දන්නේ නෙත්මි හිතනවා.
දෙමාපියනි,
පුංචි පැටියට කියවන්න
මේවා පින්තූරයෙන් පෙන්වන්න කියන්න
ජනේලේ කුරුල්ලා නෙත්මි
ගහ මල්
පුළුවන් නම් හොයන්න කියන්න
කුරුමිණියා ප්ලේන් එක
සිඟිත්තාගෙන් අහන්න
යෙහෝවා දෙවි වැස්ස දුන්නේ ඇයි?