15වෙනි පරිච්ඡේදය
දෙවි පිළිගන්නා නමස්කාරය
-
දෙවි සියලුම ආගම් පිළිගන්නවාද?
-
සැබෑ ආගම හඳුනාගත හැක්කේ කෙසේද?
-
දෙවි පිළිගන්නා ආකාරයට ඔහුට නමස්කාර කරන්නේ කවුද?
1. දෙවි කැමති ආකාරයට අප ඔහුට නමස්කාර කරනවා නම් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
යෙහෝවා දෙවි අප ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වන දෙවි කෙනෙක්. ඒ නිසා ඔහු ප්‍රේමණීය ලෙස අපට බොහෝ මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා. අප ඒ මඟ පෙන්වීම් පිළිපදිමින් දෙවි කැමති ආකාරයෙන් ඔහුට නමස්කාර කරනවා නම් සැබෑ ප්‍රීතිය අද්දැකීමටත් බොහෝ ප්‍රශ්න ගැටලු මඟහරවා ගැනීමටත් දෙවිගේ ආශීර්වාදය හා උපකාරය ලබාගැනීමටත් අපට හැකි වෙයි. (යෙසායා 48:17) දැන් මතු වන ප්රශ්නය නම් අප කරන නමස්කාරය දෙවි පිළිගන්නවාද නැද්ද යන්නයි. මන්ද දෙවි කෙනෙකුව අදහන බොහෝ ආගම් කියා සිටින්නේ ඔවුන් කරන නමස්කාරය දෙවි පිළිගන්නා බවයි. නමුත් දෙවි ගැනත් ඔහු අපෙන් බලාපොරොත්තු වන දේවල් ගැනත් ඒ එක් එක් ආගම්වල උගන්වන දේ එකිනෙකට වෙනස්.
2. දෙවි පිළිගන්නා නමස්කාරය කුමක්ද කියා ඔබට දැනගත හැක්කේ කෙසේද? පැහැදිලි කරන්න.
2 එසේනම් යෙහෝවා දෙවි පිළිගන්නා නමස්කාරය නැත්නම් සැබෑ ආගම කුමක්ද කියා ඔබට දැනගත හැක්කේ කෙසේද? ඒ සඳහා සෑම ආගමකම උගන්වන දේවල් සොයා බලා යම් සැසඳීමක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබ කළ යුත්තේ සැබෑ නමස්කාරය ගැන බයිබලයේ උගන්වා තිබෙන දේවල් ඉගෙනගැනීම පමණයි. උදාහරණයකට මේ ගැන සිතන්න. බොහෝ රටවල විවිධ පුද්ගලයන් විසින් හොර නෝට්ටු මුද්‍රණය කරනවා. ඒ හොර නෝට්ටු හඳුනාගැනීම සඳහා සෑම වර්ගයකම හොර නෝට්ටුවල තිබෙන ලක්ෂණ ඔබ මතක තබාගත යුතු නැහැ. කළ යුතු හොඳම දෙය වන්නේ වලංගු මුදල් නෝට්ටුවක තිබෙන ලක්ෂණ හොඳින් දැනගෙන සිටීම පමණයි. එවිට ඔබට
පහසුවෙන්ම හොර නෝට්ටු හඳුනාගත හැකියි. ඒ හා සමානව දෙවි පිළිගන්නා සැබෑ ආගමේ ලක්ෂණ දැනගැනීමෙන් දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම් පැහැදිලිව හඳුනාගැනීමට අපට හැකියි.3. යේසුස් පැවසූ ලෙස දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අප කළ යුත්තේ කුමක්ද?
3 බොහෝදෙනෙකු පවසන්නේ දෙවි සෑම ආගමක්ම පිළිගන්නා බවයි. නමුත් බයිබලයේ එවැනි දෙයක් සඳහන් වී නැහැ. එමෙන්ම කෙනෙකු තමන් ක්‍රිස්තියානියෙකු කියා පැවසූ පමණින් ඔහුට දෙවිගේ අනුමැතිය ලබාගත නොහැකියි. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ.” ඉන් පැහැදිලි වන්නේ දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම් ඔහු අපෙන් බලාපොරොත්තු වන දේවල් ගැන එනම්, ඔහුගේ කැමැත්ත ගැන ඉගෙනගෙන ඒවා ඉටු කළ යුතු බවයි. යම් ආගමක් එලෙස ක්‍රියා කිරීමට මිනිසුන්ව යොමු කරනවා නම් එය සැබෑ ආගම ලෙස හැඳින්විය හැකියි. නමුත් එසේ නොකරන ආගම් අදහන අයව යේසුස් හැඳින්වූයේ, ‘අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නන්’ ලෙසයි. (මතෙව් 7:21-23) හොර නෝට්ටු හා සමානව අසත්‍යය උගන්වන එවැනි ආගම්වල කිසිම වටිනාකමක් නැහැ. ඇත්තෙන්ම එවැනි ආගම් අපට හානිකරයි.
4. යේසුස් සඳහන් කළ මාර්ග දෙක කුමක්ද?
4 මේ පොළොව මත සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව යෙහෝවා දෙවි සෑම කෙනෙකුටම දී තිබෙනවා. නමුත් එය ලබාගැනීමට නම් දෙවි පිළිගන්නා ආකාරයෙන් අප ඔහුට නමස්කාර කරමින් ඔහුට ප්‍රසන්න ලෙස ජීවත් විය යුතුයි. බොහෝදෙනෙක් එසේ නොකිරීම කනගාටුවට කරුණක්. යේසුස් මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි. නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.” (මතෙව් 7:13, 14) දෙවි පිළිගන්නා සැබෑ ආගමේ ඉගැන්වීම්වලට අනුව ජීවත් වන විට අපට සදාකාල ජීවනය අත් කරගත හැකියි. නමුත් අසත්‍යය උගන්වන ආගම් ඇදහීමෙන් අපට අත් වන්නේ විනාශයයි. කෙසේවෙතත් කිසි කෙනෙකු විනාශ වෙනවා දකින්න යෙහෝවා දෙවි කැමති නැහැ. සෑම තැනකම ජීවත් වන ජනයාට ඔහු ගැන ඉගෙනගැනීමට අවස්ථාවක් ඔහු ලබා දී තිබෙන්නේ ඒ නිසයි. (2 පේතෘස් 3:9) ඒ අනුව අපට අත් වන්නේ ජීවනයද නැත්නම් මරණයද යන්න රඳා පවතින්නේ දෙවි පිළිගන්නා ආකාරයෙන් අප ඔහුට නමස්කාර කරනවාද නැද්ද යන්න මතයි.
සැබෑ ආගම හඳුනාගන්නා ආකාරය
5. සැබෑ ආගම හඳුනාගත හැක්කේ කෙසේද?
5 ‘ජීවනය කරා යන පාර’ සොයාගත හැක්කේ කෙසේද? කෙනෙකු දෙවි පිළිගන්නා සැබෑ ආගමේ ඉගැන්වීම් අනුගමනය කරනවා නම් ඒ බව ඔහු ජීවත් වන ආකාරයෙන් දක්නට ලැබිය යුතුයි. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “ඔවුන්ගේ පලවලින් ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි. . . . එසේම සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පලයි.” (මතෙව් 7:16, 17) වෙනත් වචනවලින් කිවහොත් සැබෑ ආගමේ ඉගැන්වීම් අනුගමනය කරන අයව ඔවුන්ගේ හැසිරීමෙන් හා ඔවුන් විශ්වාස කරන දේවලින් හඳුනාගත හැකියි. එක් එක් පුද්ගලයන් අතින් අඩුපාඩුකම් සිදු වුණත් සමූහයක් ලෙස දෙවි බලාපොරොත්තු වන දේ කිරීමට ඔවුන් මහත් වෑයමක් දරනවා. සැබෑ ආගම හඳුනාගැනීමට උපකාරවත් වන ලක්ෂණ හයක් ගැන දැන් අපි සලකා බලමු.
6, 7. දෙවිගේ සේවකයන් බයිබලය සලකන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් තැබුවේ කෙසේද?
6 ඉගැන්වීම් පදනම් වන්නේ බයිබලය මතයි. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්රයෝජනවත්ය. එමගින් දෙවිට විශ්වාසවන්තව සිටින මිනිසා සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක් වනු ඇත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 3:16, 17) පාවුල් පැවසූ පණිවිඩය ක්‍රිස්තියානි සහෝදරයන් සැලකූ ආකාරය ඔහු විස්තර කළේ මෙසේයි. “දෙවිගේ පණිවිඩය අප ඔබට පැවසූ විට ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසය.” (1 තෙසලෝනික 2:13) බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා තිබෙන බව සැබෑ ආගමට අයත් අයද පිළිගන්නවා. ඒ නිසා ඔවුන්ගේ ඉගැන්වීම්වලට හා විශ්වාසයන්ට පදනම වන්නේ බයිබලයයි. ඔවුන්ගේ කිසිම ඉගැන්වීමක් මිනිසුන්ගේ අදහස් හෝ සම්ප්‍රදායන් මත පදනම් වන්නේ නැහැ.
7 ඒ සම්බන්ධයෙන් යේසුස්ද කදිම ආදර්ශයක් තැබුවා. ඔහු තම පියාණන්ට යාච්ඤා කරමින් මෙසේ පැවසුවා. “ඔබ පවසන දේ සත්‍යයයි.” (යොහන් 17:17) දෙවි පැවසූ සෑම දෙයක්ම විශ්වාස කළ යේසුස්, තමන් ඉගැන්වූ සෑම දෙයක්ම පදනම් කරගත්තේ ශුද්ධ ලියවිල්ල මතයි. ඔහු බොහෝ අවස්ථාවලදී, “ලියා තිබෙනවා” කියා පවසමින් ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වූවා. (මතෙව් 4:4, 7, 10) ඒ හා සමානව අද සිටින දෙවිගේ සේවකයන්ද මිනිසුන්ට උගන්වන්නේ ඔවුන්ගේ අදහස් නොවෙයි. ඒ වෙනුවට ඔවුන් තම ඉගැන්වීම් පදනම් කරගන්නේ බයිබලය මත පමණයි.
8. සැබෑ ආගමට අයත් අය නමස්කාර කරන්නේ කාටද? ඔවුන්ගේ නමස්කාරයට ඇතුළත් වන්නේ කුමක්ද?
8 නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට පමණයි. දෙවිගේ නාමය අන් අයට දැනුම් දෙයි. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි” කියා යේසුස් පැවසුවා. (මතෙව් 4:10) ඒ අනුව සැබෑ ආගමට අයත් අය යෙහෝවා දෙවි හැර වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ. එමෙන්ම ගීතාවලිය 83:18හි සඳහන් වන්නේ, “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි” කියායි. ඒ නිසා ඔවුන් සැබෑ දෙවිගේ නාමය ගැනත් ඔහු මොන වගේ දෙවි කෙනෙකුද කියාත් අන් අයට දැනුම් දෙනවා. ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබූ යේසුස්, දෙවිට යාච්ඤා කරමින් පැවසුවේ මෙසේයි. “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා.” (යොහන් 17:6) ඒ අනුව සැබෑ ආගමට අයත්ව සිටින අය යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන අතර ඔහුගේ නාමය, ඔහුගේ අරමුණු සහ ගතිගුණ ගැන අන් අයට උගන්වනවා.
9, 10. සැබෑ ආගමට අයත් අය එකිනෙකාට ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?
9 එකිනෙකා අතරේ අවංක ප්‍රේමයක් තිබෙයි. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියා යේසුස් පැවසුවා. (යොහන් 13:35) යේසුස් පැවසූ ආකාරයේ ප්‍රේමයක් මුල් ක්‍රිස්තියානීන් අතරේ දක්නට තිබුණා. සැබෑ ආගමට අයත් අය අතරේද එවැනි ප්‍රේමයක් තිබිය යුතුයි. ඉන් අදහස් කරන්නේ ඔවුන් අතරේ ජාති භේද, තරාතිරම් බැලීම් නොතිබිය යුතු බවයි. සැබෑ සහෝදරත්වයක් ඔවුන් අතරේ තිබිය යුතුයි. (කොලොස්සි 3:14 කියවන්න.) නමුත් අසත්‍යය උගන්වන ආගම්වල එවැනි ප්‍රේමයක් දක්නට නැහැ. ආගම, ජාතිය නිසා ඔවුන් එකිනෙකාව මරා දමනවා. සැබෑ ආගමට අයත් අය නම් තම සහෝදරයන්ව හෝ වෙනත් අයව මරා දැමීමට කිසිවිටක අවි අතට ගන්නේ නැහැ. මන්ද බයිබලයේ පැහැදිලිවම පවසන්නේ මෙසේයි. ‘දෙවිගේ දරුවන් සහ යක්ෂයාගේ දරුවන් හඳුනාගත හැක්කේ මෙලෙසය. ධර්මිෂ්ඨකම් නොකරන, තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන කිසිවෙක් දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙකු නොවේ. අප එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. තම සහෝදරයාව මැරූ දුෂ්ටයාගේ බලපෑමට හසු වූ කායින් මෙන් අප නොවිය යුතුයි.’—1 යොහන් 3:10-12; 4:20, 21.
10 යේසුස් පැවසූ ආකාරයේ ප්‍රේමයක් පෙන්වීමට තවත් බොහෝ දේවල් ඇතුළත් වෙනවා. සැබෑ ආගමට අයත් අය එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් එකිනෙකාව දිරිගැන්වීමට තම කාලය, ශක්තිය හා සම්පත් වැය කරනවා. (හෙබ්‍රෙව් 10:24, 25) යම් විපතක් සිදු වන අවස්ථාවලදී අවශ්‍ය උපකාර ලබා දීමට ඔවුන් සිටින්නේ සූදානමිනුයි. එමෙන්ම ඔවුන් අන් අය සමඟ අවංකව කටයුතු කරනවා. එසේ කටයුතු කිරීමෙන්, ‘සියලුදෙනාටම යහපත් දේවල් කරන්න’ කියා බයිබලයේ දී තිබෙන උපදෙස ඔවුන් පිළිපදිනවා.—ගලාති 6:10.
11. දෙවි අපට ගැලවීම ලබා දෙන්නේ යේසුස් මාර්ගයෙන් බව පිළිගත යුත්තේ ඇයි?
11 දෙවි ගැලවීම ලබා දෙන්නේ යේසුස් මාර්ගයෙන් බව පිළිගනියි. “වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකියි. මන්ද අපව ගැලවීමට ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව දෙවි අප අතරින් තෝරාගෙන නැහැ” කියා යේසුස් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 4:12) අපි පස්වෙනි පරිච්ඡේදයේදී ඉගෙනගත් ලෙස මිනිස් වර්ගයා වෙනුවෙන් යේසුස් තම ජීවිතය පූජා කළා. (මතෙව් 20:28) ළඟදීම මුළු පොළොවම පාලනය කිරීමට නියමිත දේවරාජ්‍යයේ රජු ලෙස පත් කර තිබෙන්නේ ඔහුවයි. ඒ නිසා යේසුස්ට කීකරු වී ඔහුගේ ඉගැන්වීම්වලට අනුව ජීවත් වීම සැබෑ ආගමට අයත් අයගෙන් දෙවි බලාපොරොත්තු වෙනවා. සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව දෙවි ලබා දෙන්නේ එවැනි අයටයි. මන්ද බයිබලයේ පැහැදිලිව පවසන්නේ මෙයයි. ‘පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තාට ජීවනය අහිමි වෙයි.’—යොහන් 3:36.
12. මේ ලෝකයේ දේවලට සම්බන්ධ නොවන අය කටයුතු කරන්නේ කෙසේද?
12 මේ ලෝකයේ දේවලට සම්බන්ධ නොවෙයි. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියා යේසුස් රෝම ආණ්ඩුකාරයා වූ පිලාත්ට පැවසුවා. (යොහන් 18:36) යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කුමන රටක ජීවත් වුණත් දේශපාලන කටයුතුවලදී ඔවුන් කොහෙත්ම පැති ගන්නේ නැහැ. මන්ද ඔවුන් යටත්වැසියන් වන්නේ යේසුස්ගේ පාලනය යටතේ තිබෙන දේවරාජ්යයේයි. ඔවුන් යුද්ධවලදීත් පැති ගන්නේ නැහැ. සැබෑ ආගමට අයත් අයගේ ස්ථාවරය එයයි. නමුත් අනික් අය දේශපාලන පක්ෂවලට සම්බන්ධ වන විට, දේශපාලනික නිලතල සඳහා තරඟ කරන විට හෝ ඡන්දය දමන විට ඔවුන් ඒවාට ඇඟිලි ගසන්නේ නැහැ. සැබෑ ආගමට අයත් අය දේශපාලනික කටයුතුවලදී පැති නොගෙන සිටියත් ඔවුන් රටේ නීතියට ගරු කරනවා. ඔවුන් එසේ කරන්නේ, “උසස් බලධාරීන්ට යටත් විය යුතුයි” කියා බයිබලයේ අණ කර තිබෙන නිසයි. (රෝම 13:1) දෙවි බලාපොරොත්තු වන දෙය හා යම් ආණ්ඩුවක් ඉල්ලා සිටින දෙය අතර යම් ගැටීමක් ඇති වන විට සැබෑ ආගමට අයත් අය යේසුස්ගේ ගෝලයන්ගේ ආදර්ශය අනුගමනය කරනවා. ඔවුන් පැවසුවේ මෙසේයි. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:29; මාක් 12:17.
13. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් දේවරාජ්‍යය ගැන විශ්වාස කරන්නේ කුමක්ද? ඒ නිසා ඔවුන් කරන්නේ කුමක්ද?
මතෙව් 24:14) මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් මිනිස් පාලකයන්ට ලබා දිය හැකි බව යේසුස්ගේ අනුගාමිකයන් විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් විශ්වාස කරන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් ලබා දිය හැකි එකම පාලනය දේවරාජ්‍යය බවයි. ඒ නිසා ඔවුන් මිනිසුන්ට ඒ ගැන දැනුම් දෙනවා. (ගීතාවලිය 146:3) “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කිරීමට ඉගැන්වීමෙන් යේසුස් දේවරාජ්‍යයේ වැදගත්කම අපට කාවැද්දුවා. (මතෙව් 6:10) බයිබලයේ සඳහන් කර තිබෙන්නේ, “එම රාජ්‍යය [දැන් පවතින] ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි” කියායි.—දානියෙල් 2:44; එළිදරව් 16:14; 19:19-21.
13 මිනිසුන්ට තිබෙන එකම බලාපොරොත්තුව දේවරාජ්‍යය බව දේශනා කරයි. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි” කියා යේසුස් පැවසුවා. (14. ඔබ සිතන ආකාරයට සැබෑ ආගම කුමක්ද? පැහැදිලි කරන්න.
14 මෙතෙක් සලකා බැලූ ලක්ෂණ හය ගැන ටිකක් සිතා බලන්න. තමන් උගන්වන සෑම දෙයක්ම බයිබලය මත පදනම් කරගන්නෙත් දෙවිගේ නාමය මිනිසුන්ට දැනුම් දෙන්නෙත් කුමන ආගමික කණ්ඩායමද? යෙහෝවා දෙවි පවසා තිබෙන ආකාරයට ප්‍රේමය පෙන්වන්නෙත් යේසුස් කෙරෙහි විශ්වාසය තබන්නෙත් කවුද? මේ ලෝකයේ දේවලට සම්බන්ධ නොවන්නෙත් මිනිසුන්ට තිබෙන එකම බලාපොරොත්තුව දේවරාජ්‍යය බව ප්‍රකාශ කරන්නෙත් කවුද? ඒ සෑම ලක්ෂණයක්ම දක්නට තිබෙන්නේ කුමන ආගමේද? එම ලක්ෂණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ ඔබ දකිනවාද?—යෙසායා 43:10-12 කියවන්න.
ඔබේ තීරණය කුමක්ද?
15. දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අප කළ යුත්තේ කුමක්ද?
15 දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා දෙවි ගැන යම් විශ්වාසයක් තිබීම පමණක් මදි. සාතන්ට හා භූතයන්ට පවා එවැනි විශ්වාසයක් තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 2:19) නමුත් ඔවුන් දෙවිගේ කැමැත්ත නොකරන නිසා ඔවුන්ට දෙවිගේ අනුමැතිය නැහැ. ඒ අනුව දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම් අප ඔහුගේ කැමැත්ත කළ යුතුයි. එමෙන්ම අසත්‍යය උගන්වන ආගම්වලින් ඉවත් වී දෙවි පිළිගන්නා ආකාරයෙන් ඔහුට නමස්කාර කළ යුතුයි.
16. යමෙක් අසත්‍යය උගන්වන ආගමකට සම්බන්ධ වී සිටිනවා නම් ඔහු කළ යුත්තේ කුමක්ද?
2 කොරින්ති 6:17; යෙසායා 52:11) ඒ නිසා සැබෑ ආගමට අයත් අය අසත්‍යය උගන්වන ආගම්වලින් හා ඒවාට සම්බන්ධ සෑම දෙයකින්ම ඉවත් වී සිටිනවා.
16 අසත්‍යය උගන්වන ආගම්වලින් ඉවත් වීමේ වැදගත්කම පෙන්වා දෙමින් පාවුල් මෙසේ පැවසුවා. “‘ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න. එවිට මම ඔබව පිළිගන්නෙමි.’” (17, 18. “මහ බැබිලෝනිය” ලෙස හඳුන්වන්නේ කුමක්ද? ‘මහ බැබිලෝනිය අත්හැර පිටතට ඒම’ ඉතා හදිසි දෙයක් වන්නේ ඇයි?
17 අසත්‍යය උගන්වන සියලුම ආගම් “මහ බැබිලෝනිය” ලෙස බයිබලයේ හඳුන්වනවා. * (එළිදරව් 17:5) ඊට හේතුව තේරුම්ගැනීමට අප පුරාණයේ පැවති බැබිලෝනිය නමැති නුවර ගැන සලකා බැලිය යුතුයි. නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් පසු අසත්‍යය උගන්වන ආගම් ආරම්භ වුණේ එම නුවරෙනුයි. අද තිබෙන ආගම්වල පොදුවේ දක්නට ලැබෙන බොහෝ ඉගැන්වීම් හා වත්පිළිවෙත් ආරම්භ වුණෙත් පුරාණ බැබිලෝනිය නුවරෙනුයි. උදාහරණයකට බැබිලෝනිවරුන් ත්‍රිත්ව දෙවිවරුන්ට නමස්කාර කළා. අද දිනත් ත්‍රිත්ව දෙවිවරුන්ට කරන නමස්කාරය බොහෝ ආගම්වල දක්නට තිබෙනවා. නමුත් බයිබලයේ පැහැදිලිවම පවසන්නේ එකම සැබෑ දෙවි යෙහෝවා පමණක් බවයි. යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ පුත්‍රයායි. (යොහන් 17:3) මරණයෙන් පසු නොනැසී පවතින යමක් තිබෙන බවත් එය වෙනත් භවයක් ලබන බවත් මිය ගොස් සිටින සමහරුන් අපායක වධ විඳින බවත් බැබිලෝනිවරුන් විශ්වාස කළා. අද තිබෙන බොහෝ ආගම්වලිනුත් එම විශ්වාසයන් ප්‍රචලිත කර තිබෙනවා.
18 පුරාණයේ බැබිලෝනියෙන් ආරම්භ වූ අසත්‍යය උගන්වන ආගම් ලොව පුරාම ව්‍යාප්ත වූ නිසා අධිරාජ්‍යයක් හා සමානව ඒවා තම අණසක පතුරුවමින් සිටිනවා. මහ බැබිලෝනිය ලෙස හඳුන්වන මෙම ලෝක අධිරාජ්‍යය හදිස්සියේම විනාශ වන බව දෙවි කලින්ම පැවසුවා. ඒ නිසා මහ බැබිලෝනිය හා සම්බන්ධ සෑම දෙයකින්ම ඔබ ඉවත්ව සිටීම කොතරම් වැදගත්ද! යෙහෝවා දෙවි කැමති වන්නේ ඔබ විගස, ‘මහ බැබිලෝනිය අත්හැර පිටතට එනවා’ දකින්නයි. තවමත් එසේ කිරීමට ඔබට කාලය තිබෙනවා.—එළිදරව් 18:4, 8 කියවන්න.
19. දෙවිට සේවය කිරීමෙන් ඔබට ලැබෙන්නේ මොනවාද?
මාක් 10:28-30 කියවන්න.) ඔබ ගන්නා තීරණය නිසා ඔබෙන් ඈත්ව ගිය සමහරදෙනෙක් පසු කාලයක බයිබලයේ තිබෙන සත්‍යයන් ගැන සොයා බලා යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට තීරණය කළ හැකියි.
19 අසත්‍යය උගන්වන ආගම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ඔබ තීරණය කළොත් ඔබ සමඟ ඇසුරු කරන සමහරදෙනෙක් ඔබෙන් ඈත් වීමට ඉඩ තිබෙනවා. නමුත් අධෛර්යයට පත් නොවන්න. යෙහෝවා දෙවිට නමස්කාර කරන අය සමඟ එක්ව දිගටම දෙවිට සේවය කරන්න. එමගින් ඔබට බොහෝ ආශීර්වාද භුක්ති විඳිය හැකියි. යේසුස්ගේ අනුගාමිකයන් වීම සඳහා යම් දේවල් අත්හැර දැමූ ඔහුගේ ගෝලයන්ට මෙන් ඔබටත් බොහෝ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙයි. එකිනෙකාට අවංකව ප්‍රේමය පෙන්වන, සැබෑ ක්‍රිස්තියානීන් මිලියන ගණනකින් සමන්විත ලෝක ව්‍යාප්ත පවුලක සාමාජිකයෙකු වීමට ඔබටත් හැකි වෙයි. එමෙන්ම, “මතු පැමිණෙන කාලයේදී” සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටීමට ඔබට හැකි වෙයි. (20. සැබෑ දෙවිට නමස්කාර කරන අයට තිබෙන්නේ මොන වගේ අනාගතයක්ද?
20 බයිබලයේ පවසා තිබෙන ආකාරයට දෙවි ඉතාමත් ළඟදී දැන් පවතින දුෂ්ට සමාජය විනාශ කර දමා දේවරාජ්‍යය මගින් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරනවා. එදාට තිබෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක්. (2 පේතෘස් 3:9, 13) එහි වාසය කරන සියලුදෙනා මොන තරම් ප්‍රීතියක් අද්දකීද! ඒ ධර්මිෂ්ඨ සමාජයේ සිටින සියලුදෙනාම නමස්කාර කරන්නේ සැබෑ දෙවිට පමණයි. ඒ නිසා සැබෑ ආගමේ සාමාජිකයෙකු වීමට දැන්ම පියවර ගැනීම ඥානවන්ත දෙයක් නොවෙයිද?
^ 17 ඡේ. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ ““මහ බැබිලෝනිය,” එය කුමක්ද?” කියන ලිපිය බලන්න.