Skip to content

පටුනට යන්න

12වෙනි කොටසට හැඳින්වීම

12වෙනි කොටසට හැඳින්වීම

යේසුස් ස්වර්ග රාජ්‍යය ගැන මිනිසුන්ට ඉගැන්නුවා. දෙවිගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන්න, දේවරාජ්‍යය පොළොවට එන්න, දෙවිගේ කැමැත්ත පොළොවේ වෙන්න කියලා යාච්ඤා කරන්නත් ඉගැන්නුවා. ඔයා දෙමාපියෙක් නම් ඒ යාච්ඤාවේ තේරුම දරුවාට කියලා දෙන්න. තමන් දෙවිට ළැදිව ඉන්න එක නවත්තන්න යේසුස් සාතන්ට ඉඩ දුන්නේ නැහැ. යේසුස් නියෝජිතයන්ව තෝරගත්තා. යේසුස් එක්ක ස්වර්ගයේ රජවරු විදිහට වැඩ කරන්න මුලින්ම තෝරගත්තේ එයාලව. සැබෑ නමස්කාරය ගැන යේසුස්ට මොන තරම් උනන්දුවක් තිබුණද කියලා පැහැදිලි කරන්න. මිනිසුන්ට උදව් කරන්න තිබුණු ආසාව නිසා යේසුස් අසනීප අයව සුව කළා, බඩගින්නේ හිටිය අයට කෑම දුන්නා, මැරුණු අයවත් නැවත නැඟිට්ටුවා. ඒ හැම දේකින්ම ඔහු පෙන්නුවේ දේවරාජ්‍යයෙන් මිනිසුන්ට ලැබෙන්න යන දේවල් ගැනයි.

මේ කොටසේ

74වෙනි පාඩම

යේසුස් ගැලවුම්කරු වෙයි

යේසුස් දෙවිගේ බැටළු පැටවා කියලා යොහන් කියපු දෙයින් අදහස් කළේ මොකක්ද?

75වෙනි පාඩම

යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා

තුන්පාරක්ම යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා. සාතන් යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කළේ මොන ක්‍රම තුන පාවිච්චි කරලද? යේසුස් කළේ මොනවද?

76වෙනි පාඩම

යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා

යේසුස් සත්තුන්ව දේවමාලිගාවෙන් එළෙව්වෙත් මුදල් මාරු කරන අයගේ මේස පෙරළලා දැම්මෙත් ඇයි?

77වෙනි පාඩම

ළිඳ ළඟට ආපු ස්ත්‍රිය

යාකොබ්ගේ ළිඳ ළඟදී යේසුස් තමන්ට කතා කරපු එක ගැන සමරිතානු ස්ත්‍රියක් පුදුම වුණා. ඒ ඇයි? යේසුස් වෙන කාටවත් කියපු නැති දෙයක් සමරිතානු ස්ත්‍රියට කිව්වා. ඒ මොකක්ද?

78වෙනි පාඩම

යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරයි

යේසුස් ගෝලයන් සමහරදෙනෙකුට ‘මිනිසුන් අල්ලන්නන්’ වෙන්න කියලා ආරාධනා කළා. පස්සේ ඔහු ශුභාරංචිය දේශනා කරන්න ගෝලයන් 70දෙනෙකුව පුහුණු කළා.

79වෙනි පාඩම

යේසුස් බලවත් දේවල් කරයි

යේසුස් ගිය හැම තැනකටම අසනීපෙන් හිටිය අය සුවය ලබාගන්න ආවා. යේසුස් ඒ හැමෝවම සුව කළා. ඔහු මිය ගිය පුංචි දුවෙකුට ආයෙත් ජීවිතය දුන්නා.

80වෙනි පාඩම

යේසුස් නියෝජිතයන් දොළොස්දෙනාව තෝරාගත්තා

එයාලව තෝරගත්තේ මොනවටද? එයාලගේ නම් ඔයාට මතකද?

81වෙනි පාඩම

කන්ද උඩ දේශනය

යේසුස් සෙනඟකට වටිනා පාඩම් උගන්වයි.

82වෙනි පාඩම

යාච්ඤා කරන්න ඕන විදිහ යේසුස් ඉගැන්නුවා

යේසුස් ඔහුගේ ගෝලයන්ට ‘නොකඩවාම ඉල්ලන්න’ කියලා කිව්වේ මොන වගේ දේවල්ද?

83වෙනි පාඩම

යේසුස් දහස් ගණනකට කන්න දුන්නා

යේසුස් කරපු මේ පුදුම දෙයින් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

84වෙනි පාඩම

යේසුස් වතුර මත ඇවිද්දා

යේසුස් වතුර මත ඇවිදිනවා දැක්කම ගෝලයන්ට කොහොම හැඟෙන්න ඇද්ද?

85වෙනි පාඩම

යේසුස් සබත් දවසකදී සුව කළා

ඔහු කරපු දේවල් ගැන සමහර අය සතුටු වුණේ නැත්තේ ඇයි?

86වෙනි පාඩම

යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවයි

මරියා අඬනවා දැක්කම යේසුස්ටත් ඇඬුණා. හැබැයි ටික වෙලාවකින් එයාලා හුඟක් සතුටු වුණා.