Skip to content

පටුනට යන්න

හැඳින්වම

හැඳින්වම

මෙය, සැබෑ කතන්දර තිබෙන පොතක්. ඒවා රැගෙන තිබෙන්නේ ලෝකයේ උතුම්ම පොත වන බයිබලයෙන්. දෙවි මැවීම ආරම්භ කළ කාලයේ පටන් අපේ වර්තමාන කාලය දක්වා වූ ලෝක ඉතිහාසය ගැනයි මෙම කතන්දරවලින් කියවෙන්නේ. දෙවි අනාගතයේදී කරන්න පොරොන්දු වන දේවල් ගැනත් ඒවායේ කතා කරනවා.

මෙම පොතෙන් පහදා දෙනවා බයිබලය කියන්නේ කුමක්ද කියලා. බයිබලයේ සඳහන් වෙන අය ගැනත් ඔවුන් කළ දේවල් ගැනත් මෙහි කතා කරනවා. දෙවි මනුෂ්‍යයන්ට දී ඇති උතුම් බලාපොරොත්තුව වන පාරාදීස පොළොවක සදාකාල ජීවනය ගැනත් එහි පැහැදිලි කරනවා.

මෙම පොතේ තිබෙන කතන්දර එකසිය දහසය කොටස් අටකට බෙදා තිබෙනවා. සෑම කොටසකම ආරම්භක පිටුව කෙටියෙන් විස්තර කරන්නේ එක් එක් කොටසේ තිබෙන දෙයයි. ඉතිහාසයේ සිද්ධීන් සිදු වූ අනුපිළිවෙළටයි කතන්දර සකසා තිබෙන්නේ. වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් බලද්දී, ඒවා සිදු වුණේ කවදාදැයි දැනගැනීමට මෙය ඔබට උපකාර වේවි.

මෙහි කතන්දර ලියවී තිබෙන්නේ සරල භාෂාවකින්. ඔබේ බාල දරුවන්ට ඒවා තනියෙන්ම කියවාගැනීමට පුළුවන් වේවි. දෙමාපියනි, ඔබේ සිඟිත්තන් මෙම කතන්දර ඔවුන්ට නැවත නැවත කියා දෙනවාට බොහෝ කැමැත්තක් දක්වන බව පෙනේවි. බාල මහලු සැමටම බොහෝ සේ ප්‍රයෝජනවත් වන දේවල් මෙම පොතේ ඇති බව ඔබට දැකගන්ට ලැබේවි.

සෑම කතන්දරයකම අවසානයේ බයිබල් පාඨ සඳහන් වී තිබෙනවා. කතන්දර පදනම් කර තිබෙන මෙම බයිබල් ඡේද කියවන්න අපි ඔබට උනන්දු කරනවා. කතන්දරයක් කියවලා ඉවර වුණාට පස්සේ ඒ කතන්දරයට අදාළ ප්‍රශ්න 116වන කතන්දරයෙන් පසු පිටුවල සඳහන් වේ. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද කියලා බලන්න.