Skip to content

පටුනට යන්න

කතන්දර 5

අමාරු ජීවිතයක් පටන්ගනී

අමාරු ජීවිතයක් පටන්ගනී

ඒදන් උයනෙන් එළියට ආවාම ආදම් හා ඒවට කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට කෑම හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. දැන් ඒගොල්ලන් වටේ තිබුණේ ලස්සන පලතුරු ගස් නෙමෙයි, කටු ගොකටු විතරයි. ආදම් හා ඒව දෙවිට අකීකරු වෙලා ඔහුත් එක්ක තිබුණ යාළුකම නැවැත්තුවාම මේකයි සිද්ධ වුණේ.

නමුත් ඊටත් වඩා නරක දෙයක් වුණා. ආදම් හා ඒව ටිකෙන් ටික වයසට ගිහිල්ලා මැරුණා. කන්න එපා කියලා කියපු ගහෙන් ගෙඩි කෑවොත් ඒගොල්ලන් මැරෙනවා කියලා දෙවි කිව්වා මතකද? ඇත්තටම ඒගොල්ලන් ගෙඩිය කාපු දවසේ ඉඳන්ම මැරෙන කම් වයසට යන්න පටන්ගත්තා. ඒගොල්ලන් දෙවිට ඇහුම්කන් දුන්නේ නැති එක කොච්චර මෝඩකමක්ද!

ආදම් හා ඒවව ඒදන් උයනෙන් එළියට දැම්මට පස්සෙයි ඒ දෙන්නට ළමයි ඉපදුනේ. ඒ කියන්නේ, මේ ළමයින්ටත් වයසට ගිහිල්ලා මැරෙන්න වෙනවා කියන එකයි.

ආදම් හා ඒව යෙහෝවාට කීකරු වෙලා හිටියා නම්, ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ළමයින්ටත් සන්තෝෂයෙන් ජීවත් වෙන්න තිබුණා. ඒ හැමෝටම අවස්ථාව තිබුණා පොළොවේ සදාකාලෙටම සන්තෝෂයෙන් ජීවත් වෙන්න. කාටවත් වයසට ගිහිල්ලා, ලෙඩ වෙලා මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ.

දෙවිට ඕන කරන්නේ මිනිස්සු සදහටම සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින්නයි. කවදාහරි දවසක ඒගොල්ලන් එහෙම ජීවත් වෙනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. මුළු පොළොවම ලස්සන වේවි. හැමෝම හොඳ සනීපෙන් ඉන්න යනවා. පොළොවේ ඉන්න හැමදෙනාම අනික් හැමෝ එක්කත් දෙවි එක්කත් හොඳ යාළුවන් හැටියට ඉන්න යනවා.

ඒ වුණාට දැන් ඒව දෙවිගේ යාළුවෙක් නෙවෙයි. ඒ නිසා ඇයට ළමයි ලැබෙන කොට ගොඩක් අමාරු වුණා. යෙහෝවාට අකීකරු වුණ නිසා ඇයට ගොඩක් දුක් විඳින්න වුණා.

ආදම් හා ඒවට, පුතාල දුවලා ගොඩක් හිටියා. ඒගොල්ලන්ගේ පළවෙනි පුතා ඉපදෙද්දී, එයාට දැම්මේ කායින් කියන නමයි. ඒගොල්ලන්ගේ දෙවනි පුතාට ආබෙල් කියන නම දුන්නා. ඒ අයට මොකද වුණේ කියලා ඔයා දන්නවාද?