Skip to content

පටුනට යන්න

කතන්දර 114

හැම නරක දෙයකම අවසානය

හැම නරක දෙයකම අවසානය

මේ කවුද? ඒ, සුදු අශ්වයන් පිට නැඟලා එන හමුදාවක්. ඒත් බලන්න උන් කොහෙන්ද එන්නේ කියලා. මේ අශ්වයන් එන්නේ ස්වර්ගයෙන්. උන් එන්නේ වලාකුළු උඩයි. ඒත් ඇත්තටම ස්වර්ගයේ අශ්වයන් ඉන්නවාද?

නැහැ, මේ ඇත්ත අශ්වයන් නම් නෙවෙයි. ඇත්ත අශ්වයන්ට වලාකුළු උඩ යන්න බැහැනේ, නේද? ඒත් ස්වර්ගයේ ඉන්න අශ්වයන් ගැන නම් බයිබලයේ කතා කරනවා. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?

කාලෙකදී යුද්ධවලට අශ්වයන්ව හුඟාක් පාවිච්චි කළ නිසයි. ඉතින් මේ අශ්වයන් පිට එන අය ස්වර්ගයෙන් එනවා කියලා බයිබලයේ කියන්නේ, මේ පොළොවේ ඉන්න මිනිස්සුන් එක්ක දෙවිට යුද්ධයක් කරන්න තියෙනවා කියලා පෙන්නන්නයි. මේ යුද්ධයට කියන නම ඔයා දන්නවාද? හර්–මගෙදොන්. මේ යුද්ධයෙන් පොළොවේ තියෙන හැම නරක දෙයක්ම විනාශ වෙන්න යනවා.

මේ හර්–මගෙදොන් කියන යුද්ධයේ මුල් තැන ගන්න යන්නේ යේසුස්. යෙහෝවාගේ ආණ්ඩුවේ රජු වෙන්න ඔහු තෝරාගත්තේ යේසුස්වයි කියලා ඔයාට මතකද? ඒ නිසයි යේසුස් රජෙක් පළඳින ඔටුන්නක් පැළඳගෙන ඉන්නේ. අර කඩුවෙන් පෙන්නන්නේ ඔහු දෙවිගේ හැම හතුරෙක්වම මරලා දාන්න යනවා කියන එකයි. දෙවි නරක මිනිස්සු හැමෝවම විනාශ කරන එක ගැන අපි පුදුම වෙන්න ඕනේද?

දහවෙනි කතන්දරයට හරවන්න බලන්න. එතන මොනවාද ඔයාට පේන්නේ? ඔව්, නරක මිනිස්සුන්ව විනාශ කරපු විශාල ජලගැල්මයි. කවුද ඒ ජලගැල්ම ගෙනාවේ? යෙහෝවා දෙවි. දැන් 15වෙනි කතන්දරය දිහා බලන්න. එතන මොනවාද වෙන්නේ? යෙහෝවා එවපු ගින්නෙන් සොදොම් හා ගොමොරා නගර විනාශ වෙනවා.

දැන් තිස්තුන්වෙනි කතන්දරයට හරවන්න. බලන්න මිසරවරුන්ගේ අශ්වයන්ටයි යුද්ධ කරත්තවලටයි වෙන්නේ මොනවාද කියලා. කවුද ඒගොල්ලන්ව ගිලෙන්න මුහුදේ වතුර කඩා වැටෙන්න සැලැස්සුවේ? යෙහෝවා. ඔහු ඒක කළේ ඔහුගේ සෙනඟව ආරක්ෂා කරන්නයි. දැන් 76වෙනි කතන්දරය දිහා බලන්න. ඒකෙන් පේන්නේ, ඉශ්‍රායෙල්වරුන් ඔහුගේම සෙනඟ වුණත්, ඒගොල්ලන් කරපු නපුරු දේවල් නිසා ඒගොල්ලන්වත් විනාශ වෙන්න යෙහෝවා ඉඩ දුන්න එකයි.

එහෙනම් ඉතින් යෙහෝවා මේ පොළොවේ තියෙන හැම නරක දෙයක්ම අවසන් කරන්න ඔහුගේ ස්වර්ගයේ හමුදා එවන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ නේද? හැබැයි ටිකක් හිතන්න එහෙම කෙරුවම කොහොම තියෙයිද කියලා! ඊළඟ පිටුවට හරවලා බලමුද?