Skip to content

පටුනට යන්න

3වෙනි කොටස

යේසුස් පෙන්වූ ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි

යේසුස් පෙන්වූ ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි

අපේ ජීවිතය ඇති තුරා යේසුස්ව අනුගමනය කිරීමට අපව පොලඹවන්නේ කුමක්ද? පාවුල් පැවසූ මේ දෙයින් එම ප්‍රශ්නයට පිළිතුර දැනගත හැකියි. “ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි.” (2 කොරින්ති 5:14) අප මෙම කොටසින් යෙහෝවා දෙවි කෙරෙහිත් පොදුවේ සියලු මිනිසුන් කෙරෙහිත් අප එක් එක් කෙනා කෙරෙහිත් යේසුස්ට තිබෙන ප්‍රේමය ගැන සලකා බලනවා. ඒ තුළින් යේසුස්ව අනුකරණය කිරීමට මහත් පෙලඹීමක් අපේ හදවත් තුළ ඇති වන බව නිසැකයි.