Skip to content

පටුනට යන්න

2වෙනි කොටස

‘ඉගැන්වීම හා ශුභාරංචිය ගැන දේශනා කිරීම’

‘ඉගැන්වීම හා ශුභාරංචිය ගැන දේශනා කිරීම’

යේසුස් වඩු කර්මාන්තයේ යෙදුණා. ආශ්චර්යවත් ක්‍රියා කළා. ලෙඩුන්ව සුව කළා. තවත් නොයෙකුත් දේ කළා. නමුත් ජනයා යේසුස්ව හැඳින්වූයේ එවැනි ක්‍රියාවල නිරත වූ කෙනෙකු ලෙස නොවෙයි. ඔවුන් යේසුස්ව හැඳින්වූයේ ගුරුතුමා කියායි. ඇත්තෙන්ම ‘ඉගැන්වීම හා ශුභාරංචිය ගැන දේශනා කිරීම’ ඔහුගේ ජීවිතයේ වැදගත්ම කාර්යය වුණා. (මතෙව් 4:23) යේසුස්ගේ අනුගාමිකයන් වශයෙන් අපත් එම කාර්යයේ නියැලිය යුතුයි. මෙම කොටසින් අප සලකා බලන්නේ යේසුස් ඒ සම්බන්ධයෙන් තැබූ ආදර්ශයයි.