Skip to content

පටුනට යන්න

පෙරවදන

පෙරවදන

දයාබර ඔබට:

“මගේ අනුගාමිකයෙක් වෙන්න.” (මාක් 10:21) එම හද උණුසුම් කරවන වදන්වලින් යේසුස් ඔහුගේ අනුගාමිකයෙක් වෙන්න කියා අපට ආරාධනා කරනවා. ඔබ එම ආරාධනය පිළිගන්නවා නම් ඔබේ ජීවිතයට ප්‍රයෝජන රැසක් අත් වේවි! ඒ කෙසේද?

යෙහෝවා දෙවි තම එකම පුත්‍රයාව පොළොවට එවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මනුෂ්‍යයන් වෙනුවෙන් පූජාවක් ලෙස දීමටයි. (යොහන් 3:16) ඒ විතරක් නොවෙයි, අප ජීවත් විය යුත්තේ කෙසේද කියාත් යේසුස් අපට කියා දුන්නා. ඔහු කළ සෑම දෙයකදීම දෙවිට විශ්වාසවන්ත වෙමින් ඔහුව සතුටට පත් කළා. එසේ කිරීමෙන් ඔහු අපට ආදර්ශයක් තැබුවා. එමෙන්ම දෙවිව අනුකරණය කරන්නේ කෙසේද කියාත් යේසුස් අපට පෙන්වා දුන්නා. යෙහෝවා දෙවි කටයුතු කරන ආකාරය හා ඔහුගේ අරමුණු කුමක්ද කියා යේසුස් කළ කී දේවලින් මනාව පැහැදිලි වුණා.—යොහන් 14:9.

යේසුස්ගේ ‘පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීමට’ ඔහු අපට ආදර්ශයක් තැබුවා කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 පේතෘස් 2:21) යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමටත් අපේ ජීවිතය අර්ථවත් ලෙස ගත කිරීමටත් එමෙන්ම අනාගතයේදී සදාකාලයටම ජීවත් වීමේ ප්‍රස්තාව උරුම කරගැනීමටත් යේසුස්ව කිට්ටුවෙන් අනුකරණය කිරීම අත්‍යවශ්‍යයි.

යේසුස්ව අනුකරණය කිරීමට නම් ඔහු මේ පොළොව මත ගත කළ ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් අප ලබාගත යුතුයි. ඒ සඳහා යේසුස්ගේ ජීවිතය පිළිබඳව ලියැවී තිබෙන බයිබලයේ සඳහන් වාර්තා හොඳින් අධ්‍යයනය කළ යුතුයි. ඔහු කළ කී දේවල් හා අපට ඔහුව අනුකරණය කළ හැකි ආකාරය ගැන සිතා බැලීමෙන් යේසුස්ව ඉතා කිට්ටුවෙන් අනුකරණය කිරීමට අපට හැකියි.

යේසුස් හා යෙහෝවා දෙවි කෙරෙහි ඔබේ හද තුළ තිබෙන ප්‍රේමය තව තවත් වැඩි කිරීමට මෙම ප්‍රකාශනය දායක වේවා යන්න අපේ පැතුමයි. එම ප්‍රේමය, යේසුස්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුකරණය කිරීමටත් යෙහෝවා දෙවිව සදාකාලයටම සතුටට පත් කිරීමටත් ඔබව පොලඹවනු ලැබේවා!

ප්‍රකාශකයෝ