අධ්‍යාපනික වැඩසටහන්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා ප්‍රසිද්ධ වී සිටින්නේ බයිබලය පිළිබඳව ඉගැන්වීමේ කාර්යය නිසයි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන ජනයාට ඉගැන්වීමේ කාර්යයට වැඩි අවධානයක් දෙන නිසා පාසැල් අධ්‍යාපනය ගැන ඔවුන්ට එතරම් තැකීමක් නැහැ කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් එය එසේ නොවෙයි. තවත් කෙනෙකුට ඉගැන්වීමට පෙර තමන් ඉගෙනගත යුතු බවත් ඒ සඳහා නිසි පුහුණුවක් ලබාගත යුතු බවත් සාක්ෂිකරුවන් දන්නවා. පාසැල් අධ්‍යාපනයට අමතරව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ
සංවිධානය විසින් විවිධ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ ඒ නිසයි. වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන එම පාසැල් මගින් සාක්ෂිකරුවන් වන හා නොවන අයගේ ජීවිතයේ සෑම පැත්තකටම අවශ්‍ය මනා පුහුණුවක් ලබා දෙනවා.උදාහරණයකට බොහෝ රටවල සිටින අයට කියවීමේ හා ලිවීමේ හැකියාව නැහැ. ඒ නිසා බයිබලය ගැන ඔවුන්ට ඉගැන්වීමේදී සාක්ෂිකරුවන් විශාල අභියෝගයකට මුහුණ දෙනවා. ඊට විසඳුමක් ලෙස ඔවුන් එවැනි අයට උපකාර කිරීමට අධ්‍යාපනික වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.
නයිජීරියාව ඊට එක් උදාහරණයක්. වර්ෂ 1949 සිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එවැනි අය සඳහා විශේෂ පන්ති පවත්වමින් සිටිනවා. ඒ නිසා එහි දස දහස් ගණනකට කියවීමට හා ලිවීමට හැකියාව ලැබුණා. සමීක්ෂණයකින් හෙළි වුණේ නයිජීරියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයකට ලිවීමේ සහ කියවීමේ හැකියාව ඇති බවයි. එහි ජනගහනය දෙස බලන විට එම හැකියාව තිබෙන්නේ සියයට 50කටත් වඩා අඩු මට්ටමකයි. මෙක්සිකෝවේද 1946 සිට එවැනි පන්ති අරඹා තිබෙන අතර එක අවුරුද්දක පමණක් 6,500කට වඩා වැඩි සංඛ්‍යාවක් ලිවීමට සහ කියවීමට ඉගෙනගෙන තිබෙනවා. එම හැකියාව ලබා ඇති සංඛ්‍යාව 10,000කට වඩා වැඩි බව වාර්තා වෙනවා. බොලිවියාව, කැමරූන්, නේපාලය සහ සැම්බියාව වැනි තවත් බොහෝ රටවලද එවැනි පන්ති පවත්වනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘කියවීමට සහ ලිවීමට ඉගෙනගැනීම’ කියන පොත භාෂා 100කට වැඩි ගණනකින් මිලියන හතකට වඩා වැඩි පිටපත් ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.
එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන රටවල සිටින බලධාරීන් විසින් බොහෝ අවස්ථාවලදී එය අනුමත කර තිබෙනවා. ඒ ගැන මෙක්සිකෝවේ එක් රජයේ නිලධාරියෙක් මෙවැනි දෙයක් පැවසුවා. ‘කියවීම හා ලිවීම සම්බන්ධයෙන් අපේ රටේ ජනතාවට ඔබ ලබා දෙන සහයෝගය මම බොහෝ සෙයින් අගය කරනවා. අධ්‍යාපනය ලබා දෙමින් ඔබ කරන මහඟු සේවයට රජය වෙනුවෙන් අවංක ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. ඔබේ වැඩසටහන සාර්ථක වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.’
අමතර පුහුණුවක්
බයිබලය ගැන ජනයාට ඉගැන්වීමේ කාර්යය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සලකන්නේ ඉතා වැදගත් දෙයක් ලෙසයි. ඒ නිසා බයිබලයේ සඳහන් තොරතුරු අන් අයට පැහැදිලිව ඉගැන්වීමේ හැකියාව දියුණු කරගන්න ඔවුන් දැඩි වෑයමක් දරනවා. උදාහරණයකට ලොව පුරා ඔවුන්ගේ සභා 1,19,000කට වැඩි සංඛ්‍යාවක ඉන්න ශිෂ්‍යයන්ට දක්ෂ ලෙස යමක් කියවීමේ සහ කතා කිරීමේ හැකියාව දියුණු කරගන්න පුහුණුවක් ලැබෙනවා. සාක්ෂිකරුවන් අතර සිටින කුඩා දරුවන්ට පවා මේ පාසැලට ඇතුළත් විය හැකි අතර ප්‍රයෝජනවත් පුහුණුවක් ඔවුන්ට ඉන් ලබාගත හැකියි. එය ඔවුන්ගේ පාසැල් අධ්‍යාපනය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්වලට ඉතා ප්‍රයෝජනවත්. ඒ බව සනාථ කරමින් ගුරුවරුන් පවා පවසන්නේ සාක්ෂිකරුවන්ගේ දරුවන් ඉතා හොඳින් අදහස් ප්‍රකාශ කරන පිරිසක් බවයි.
ඒ වගේම නමස්කාර මධ්‍යස්ථාන ලෙස හඳුන්වන ඔවුන්ගේ රැස්වීම් පවත්වන ස්ථානවල බයිබල් ආධාරක පොත් පත්,
ශබ්දකෝෂ හා වෙනත් ප්‍රකාශන අඩංගු පුස්තකාලයක් තබාගන්න කියා ඔවුන්ට දිරිගන්වා තිබෙනවා. එම ස්ථානයට පැමිණෙන ඕනෑම කෙනෙකුට ඉන් ප්‍රයෝජන ගත හැකියි. රැස්වීම්වලට පැමිණෙන සෑම කෙනෙකුටම කියවීමට උනන්දු කරන අතර සෑම නිවසකම ලොකු කුඩා සියලුදෙනාටම ප්‍රයෝජනවත් වන පොත් පත් අඩංගු පුස්තකාලයක් තබාගැනීමටත් දිරිගන්වනවා.වැඩි පුහුණුවක්
වෙනත් රටවලට ගොස් බයිබලය ගැන ඉගැන්වීමට කැමති අයව පුහුණු කරන පාසැල්ද සාක්ෂිකරුවන්ගේ සංවිධානය
මගින් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සභාවල විවිධ කාර්යයන්වලදී මූලිකත්වය ගෙන කටයුතු කරන පුරුෂයන්ව පුහුණු කරන පාසැල්ද තිබෙනවා. ඒ සියලු පාසැල්වලින් මනාව පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අධ්‍යාපනය ඉතා වැදගත් කොට සලකන බවයි.