Skip to content

පටුනට යන්න

අවසානය

අවසානය

මෙම සඟරාවේ අරමුණ වන්නේ සාක්ෂිකරුවන්ගේ සෑම ආගමික විශ්වාසයක්ම සාකච්ඡා කිරීම නොවෙයි. අප උත්සාහ කරන්නේ සාක්ෂිකරුවන්ගේ ප්‍රතිපත්ති කිහිපයක් පැහැදිලි කිරීම හා දෙමාපියන්ගෙන් එක් කෙනෙකු හෝ දෙදෙනාම සාක්ෂිකරුවන් වන පවුල්වල පවතින වාතාවරණය ගැන ඔබට යම් අදහසක් ලබා දීමටයි.

සාක්ෂිකරුවන් විශේෂ අවධානයක් දෙන්නේ සැබෑ දෙවිට කරන නමස්කාරයේ වැඩි වැඩියෙන් හවුල් වීමට තම දරුවන්ට උපකාර කිරීමටයි. එසේ කිරීම මගින් එය ඔවුන්ගේ ජීවිතයේ සෑම අංගයකටම ඉතා ප්‍රයෝජනවත් වන බව ඔවුන් දන්නවා. ඔවුන්ගේ විශ්වාසයන් හා ප්‍රතිපත්ති ඔවුන්ගේ ජීවිත වඩාත් අර්ථවත් කරන අතර එදිනෙදා ජීවිතයේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමටද උපකාර කරනවා. ඊට අමතරව උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල හවුල් වීමටත් යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමටත් එම ප්‍රතිපත්ති ඔවුන්ව පොලඹවනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජීවිතයේ යථාර්ථයට මුහුණ දීමට දැඩි වෑයමක් දරන නිසා ඔවුන් අධ්‍යාපනය සලකන්නේ ඉතා වැදගත් දෙයක් ලෙසයි. ඒ නිසා ඔවුන් නිතරම ඔබ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ කරනවා. දෙමාපියන් ලෙස ඔවුන් තම නිවෙස්වලදී මෙන්ම ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානවලදීද තම දරුවන්ට උගන්වන්නේ දරුවන් ලෙස ඔවුන්ට පැවරී ඇති කාර්යයේ ඉතා හොඳින් නිරත වීමටයි.