දෙමාපියන්ගේ කාර්යය
වර්තමාන සමාජය තුළ වැඩදායී වැඩිහිටියෙකු වීමට දරුවන්ව ඇති දැඩි කිරීම පහසු කාර්යයක් නොවෙයි.
දරුවන් ඇති දැඩි කිරීමේදී සාර්ථකයයි සලකනු ලැබූ දෙමාපියන් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය සමීක්ෂණයක් කළා. මේ අයගේ අවුරුදු 21 ඉක්මවා ගිය දරුවන් “සියලුදෙනාම පාහේ පෙනෙන විදිහට සමාජයට වැඩදායී වැඩිහිටියන් බවට පත් වෙමින් සිටිනවා.” එම දෙමාපියන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. ‘ඔබගේ අද්දැකීමට අනුව ඔබ වෙනත් දෙමාපියන්ට දෙන උපදෙස කුමක්ද?’ බොහෝදෙනෙක් දුන්
පිළිතුරු මේවායි. ‘හුඟක් ආදරය කරන්න,’ ‘සිතට කාවදින විදිහට හික්මවන්න,’ ‘දරුවන් සමඟ කාලය ගත කරන්න,’ ‘හරි දේ හා වැරදි දේ වෙන් කර හඳුනාගන්න කියා දෙන්න,’ ‘දෙමාපියන් හා දරුවන් අතර ගෞරවය ගොඩනඟන්න,’ ‘හොඳින් සවන් දෙන්න,’ ‘දේශනයක් දෙනවා වෙනුවට ඔවුන්ට මඟ පෙන්වන්න’ සහ ‘යථාර්ථවාදී වෙන්න.’කෙසේවෙතත් සමාජයට වැඩදායී වැඩිහිටියන් දායාද කිරීමේ වගකීම තිබෙන්නේ දෙමාපියන්ට පමණක් නොවෙයි. ගුරුවරුන්ද එහි වැදගත් කාර්යයක් ඉටු කරනවා. අද්දැකීම් ලත් පාසැල් උපදේශකයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “විධිමත් අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ බුද්ධියෙන් වගේම ශාරීරිකව හා මානසිකව හොඳින් වැඩුණු දරුවන් ඇති කිරීමට දෙමාපියන්ට සහය වීමයි.”
ඒ නිසා දෙමාපියන් හා ගුරුවරුන් එක් වී සිටින්නේ එකම අරමුණක් උදෙසායි. එනම් අනාගතය සතුටින් ගත කළ හැකි, තමන් ජීවත් වන සමාජයේ තමන්ට හිමි තැන හඳුනාගැනීමට හැකියාව ඇති, අවබෝධයෙන් කටයුතු කරන වැඩිහිටියන් බිහි කිරීම සඳහායි.
තරඟකරුවන් නොව සහායකයන්
දෙමාපියන් ගුරුවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන විට ගැටලු මතුවෙයි. උදාහරණයකට සමහර දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිසි උනන්දුවක් දක්වන්නේ නැහැ. තවත් අය ගුරුවරුන් සමඟ තරඟ කිරීමට උත්සාහ කරනවා. ඒ ගැන සඳහන් කරමින් ප්‍රංශයේ එක් සඟරාවක මෙවැනි අදහසක් පළ වුණා. “දැන් දරුවාගේ අධ්‍යාපනය භාරව සිටින්නේ ගුරුවරයා පමණක් නොවෙයි. තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඕනෑවටත් වඩා කරදර වෙන දෙමාපියන් දරුවන්ගේ පාසැල් පොත් පරීක්ෂා කරමින් ගුරුවරුන්ව විවේචනය කිරීමට පටන්ගෙන තිබෙනවා. ඒ වගේම දරුවන් අඩු ලකුණු ගත් විට ඒ ගැන කෝපයෙන් ක්‍රියා කරයි.” එවැනි ක්‍රියාවන් තුළින් සිදු වන්නේ ගුරුවරයාට හිමි ස්ථානයට අභියෝග කිරීමයි.
තම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන විට එය තම දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින දෙමාපියන් දන්නවා. ගුරුවරයෙකු හැටියට ඔබට පැවරී ඇති වගකීම එන්න එන්නම දුෂ්කර වන නිසා එම සහයෝගය විශේෂයෙන්ම වැදගත් බව ඔවුන්ගේ විශ්වාසයයි.
වර්තමාන පාසැල් ගැටලු
පොදුවේ ජනයා මුහුණ දෙන ගැටලුවලට පාසැල් දරුවන්ද අද මුහුණ දෙනවා. මෑතක සිට එම ගැටලු උග්‍ර අතට හැරෙමින් තිබෙනවා. එක්සත් ජනපදයේ පාසැලක තත්වය විස්තර කරමින් එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා. “ශිෂ්‍යයන් පන්තියේ නිදාගන්නවා. එකිනෙකාට තර්ජනය කරමින් විවිධ දේවල් බිත්තිවල ලියනවා. හොඳ ශිෂ්‍යයන්ව පහත් කරනවා. සමහර ශිෂ්‍යයන්ට තමන්ගේම දරුවන්ව බලාගැනීමට සිදු වී තිබෙන අතර තවත් ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සිරගත වී සිටිනවා. අපරාධ කල්ලිවලින් බේරී සිටීමට උත්සාහ කරන දරුවන්ද ඒ අතර සිටිනවා. සෑම දවසකම පහෙන් එකක් පමණ පාසැල් පැමිණෙන්නේ නැහැ.”—The New York Times.
ලොව පුරා පාසැල්වල සිදු වන අපරාධ
බිහිසුණු ස්වරූපයක් ගනිමින් තිබෙනවා. යම් කලකට පෙර තිබූ කුඩා ආරවුල් හා රණ්ඩු දබර වෙනුවට අද දිනපතාම අසන්න ලැබෙන්නේ වෙඩි තැබීම් සහ පිහි ඇනුම් පිළිබඳවයි. දරුවන් කුඩා අවදියේ පටන් අපරාධවලට නැඹුරු වී තිබෙන අතර අවිආයුධ භාවිතය සාමාන්‍ය දෙයක් බවටත් පහර දීම් වඩා බරපතළ තත්වයටත් පත් වී තිබෙනවා.සෑම රටක්ම එවැනි දරුණු තත්වයකට පත් වී නැති බව ඇත්තයි. කෙසේවෙතත් ලොව පුරා සිටින ගුරුවරුන් බොහෝදෙනෙක් මුහුණ දෙන තත්වය ගැන ප්‍රංශයේ සතිපතා පළ වන සඟරාවක මෙසේ සඳහන් වුණා. “සිසුන් ගුරුවරුන්ට ගරු නොකරන තත්වයක් උදා වී තිබෙනවා.”—Le Point.
ගුරුවරුන්ට ගරු නොකිරීම සෑම දරුවෙකුටම ඉතා අහිතකර ලෙස බලපානවා. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින දෙමාපියන් වෑයම් කරන්නේ අද දින පාසැල තුළ එතරම් දකින්න නැති ගුණාංග වන බලතල හොබවන අයට ගෞරව කිරීමට හා කීකරු වීමට තම දරුවන්ට ඉගැන්වීමටයි.