යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හා අධ්‍යාපනය
ඕනෑම මවක්, පියෙක් හා සමානව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින දෙමාපියන්ද ආශා වන්නේ තම දරුවන්ගේ අනාගතය සාර්ථක වෙනවා දකින්නයි. ඒ නිසා ඔවුන් අධ්‍යාපනය ඉතා වැදගත් දෙයක් ලෙස සලකනවා. එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “සමාජයට වැඩදායී පුරවැසියන්ව බිහි කිරීමට අධ්‍යාපනයට හැකි විය යුතුයි. තම රටේ සංස්කෘතික උරුමයන් අගය කිරීමටත් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමටත් ඔවුන්ට ඉගැන්විය යුතුයි.”—The World Book Encyclopedia
1 තිමෝති 5:8) පාසැල් අධ්‍යාපනය තුළින් දරුවන් ලබන පුහුණුව නිසා වැඩිහිටියන් වූ පසු ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට ඔවුන්ට හැකි වෙනවා. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අධ්‍යාපනය සලකන්නේ ඉතා වැදගත් දෙයක් ලෙසයි.
ඉහත සඳහන් අදහසට අනුව පාසැල් අධ්‍යාපනයේ එක් අරමුණක් වන්නේ එදිනෙදා ජීවිතයට දරුවන්ව පුහුණු කිරීමයි. යම් දිනක පවුල් ජීවිතයක් ගත කරන විට එහි කටයුතු හොඳින් හැසිරවීමට සහ පවුලේ අවශ්‍යතා පිරිමැසීමට ඉගැන්වීම එම පුහුණුවට අයත්. එය බැරෑරුම් වගකීමක් බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙයයි. “යමෙකු තමාගේම අයට, විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම් ඔහු සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකි. ඇත්තෙන්ම ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකය.” (“සමාජයට වැඩදායී පුරවැසියන්ව බිහි කිරීමට අධ්‍යාපනයට හැකි විය යුතුයි. තම රටේ සංස්කෘතික උරුමයන් අගය කිරීමටත් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමටත් ඔවුන්ට ඉගැන්විය යුතුයි.”—The World Book Encyclopedia
ඔවුන් නිතරම බයිබලයේ සඳහන් මෙම ආඥාවට එකඟව ජීවත් වීමට උත්සාහ කරනවා. “ඔබ කුමක් කළත් මිනිසුන්ට නොව යෙහෝවා දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම එය කරන්න.” (කොලොස්සි 3:23) පාසැලේ ඉගෙනීමේ කටයුතු ඇතුළු ජීවිතයේ සෑම කටයුත්තකටම එය අදාළ බව ඔවුන් දන්නවා. පාසැලේදී මහන්සි වී ඉගෙනගැනීමටත් ලබා දෙන පැවරුම් හොඳින් ඉටු කිරීමටත් ඔවුන් තම දරුවන්ට උනන්දු කරන්නේ ඒ නිසයි.
“ඔබ කුමක් කළත් මිනිසුන්ට නොව යෙහෝවා දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම එය කරන්න.”—කොලොස්සි 3:23
තමන් ජීවත් වන රටේ නීතිරීතිවලට කීකරු වන්න කියාද බයිබලයේ උපදෙස් දී තිබෙනවා. ඒ නිසා රටේ නීතියට අනුව නිශ්චිත වයසක් දක්වා පාසැල් යෑම අනිවාර්යය වන විට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඊට එකඟ වෙනවා.—රෝම 13:1-7.
එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු සඳහා අධ්‍යාපනයෙන් දරුවන්ට ලැබෙන පුහුණුව බයිබලයේ අවතක්සේරු කරන්නේ නැහැ. නමුත් අධ්‍යාපනයේ මූලික අරමුණ එය පමණක් නොවන බව බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. ජීවිතය සතුටින් ගත කිරීමට සහ හොඳින් සිතා බලා වැඩ කරන පුරවැසියෙකු බවට පත් වීමට හොඳ අධ්‍යාපනයක් මගින් දරුවෙකුට උපකාර කළ යුතුයි. පාසැලේ විෂය මාලාවට බාහිරව තිබෙන ක්‍රියාකාරකම්වල යෙදීමද වැදගත් බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හැඟෙන්නේ ඒ නිසයි. ප්‍රමාණවත් විවේකයක් ගැනීම, සංගීතය, විනෝදාංශවල යෙදීම, ව්‍යායාම් කිරීම, පුස්තකාලයට යෑම සහ කෞතුකාගාර නැරඹීම වැනි දේවල් අධ්‍යාපනයට ඇතුළත් බව ඔවුන් දන්නවා. ඊට අමතරව වැඩිහිටියන්ට ගරු කිරීමට සහ උපකාර කිරීමට ඔවුන් තම දරුවන්ට උගන්වනවා.
අමතර අධ්‍යාපනය ගැන කුමක් කිව හැකිද?
තාක්ෂණයේ දියුණුව නිසා රැකියා සඳහා බලාපොරොත්තු වන සුදුසුකම්ද දිනෙන් දින වෙනස් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ තරුණයන්ට වැඩ කිරීමට සිදු වී තිබෙන්නේ තමන් පුහුණුවක් ලබා නැති ක්ෂේත්‍රවලයි. ඒ නිසා ඔවුන් වැඩ කිරීමට පුහුණු වන ආකාරය, පෞද්ගලිකව ලබන
පුහුණුව එනම් යම් තත්වයන්ට අනුව සකස් වීමේ හැකියාව ඒ සඳහා ඔවුන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රසිද්ධ ලේඛකයෙක් වන මොන්ටෙයින් පැවසූ මේ දෙයින්ද ඒ බව සනාථ වෙනවා. ‘දැනුමෙන් පිරි කෙනෙකු වෙනවාට වඩා දැනුම් තේරුම් ඇතුව වැඩ කරන කෙනෙක් වීම හොඳයි.’දිලිඳු රටවල මෙන්ම ධනවත් රටවලත් විරැකියාව ගැටලුවක් වී තිබෙනවා. එය වැඩියෙන්ම බලපාන්නේ රැකියාවක් සඳහා ප්‍රමාණවත් සුදුසුකම් නැති තරුණ තරුණියන්ටයි. රැකියාවක් සඳහා අවශ්‍ය වන අවම අධ්‍යාපනික සුදුසුකම්වලට අමතරව තවත් සුදුසුකම් ඔවුන්ගෙන් බලාපොරොතු වෙනවා විය හැකියි. එවැනි අවස්ථාවකදී දරුවන්ට අමතර අධ්‍යාපනයක් ලබාගැනීමට මඟ පෙන්වනවාද නැද්ද යන්න දෙමාපියන් සතු තීරණයක්. එහිදී කිරීමට සිදු වන කැප කිරීම් හා වාසි අවාසි ගැන ඔවුන් කල්පනා කර බැලීම අවශ්‍යයි.
කෙසේනමුත් ජීවිතයේ සාර්ථකත්වය යනු මිල මුදල් තිබීම පමණක් නොවෙයි. පසුගිය කාලවලදී තම වෘත්තිය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ බොහෝදෙනෙකුට ඔවුන්ගේ රැකියාව අහිමි වූ විට ජීවිතයේ කිසි අරමුණක් නැති තත්වයට පත් වුණා. සමහර දෙමාපියන්ද වෘත්තිය වෙනුවෙන් ඔවුන්ගේ පවුල් ජීවිත පවා කැප කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ දරුවන්ගේ කායික සහ මානසික වර්ධනයට උපකාර කිරීම සඳහා යෙදවීමට තිබූ කාලයද ඔවුන් රැකියාව වෙනුවෙන් වැය කර තිබෙනවා.
හොඳ අධ්‍යාපනයක් තුළින් බලාපොරොත්තු වන්නේ උසස් රැකියාවක් කර සැපවත් ජීවිතයක් ගත කිරීමට කෙනෙකුට මඟ පෙන්වීම පමණක් නොව සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම සඳහාද උපකාර කිරීමයි. වරක් යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. ‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ මතෙව් 4:4) ඒ නිසා ක්‍රිස්තියානීන් ලෙස යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යහපත් ගුණධර්ම සහ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමේ වැදගත්කම හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. එමෙන්ම තමන්ගේ එදිනෙදා අවශ්‍යතා පිරිමසාගැනීමට ඉගෙනගැනීමේ වැදගත්කමද ඔවුන් හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා.
කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතය.’ (