Skip to content

පටුනට යන්න

හැඳින්වීම සහ පොතේ සාරාංශයක්

හැඳින්වීම සහ පොතේ සාරාංශයක්

කන්ද උඩ දේශනය ගැන හුඟක් අය දන්නවා. යේසුස් උගන්වපු ප්‍රසිද්ධ ඉගැන්වීම් කීපයක්ම ඒකේ තියෙනවා. ඔහු ඒ දේශනය දුන්නේ ගලීල මුහුද කිට්ටුව තියෙන කපර්ණවුම නගරේ කන්දක. ඒ දේශනය තියෙන්නේ බයිබලයේ මතෙව් පොතේ 5 සිට 7 දක්වා පරිච්ඡේදවල. යේසුස්ගේ ඒ වටිනා ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ගන්න උදව්වක් විදිහට ඒ කොටස මේ සඟරාවට ඇතුළත් කරලා තියෙනවා.

  • 5වෙනි පරිච්ඡේදය

    • යේසුස් ඉඳගෙන උගන්වන්න පටන්ගන්නවා (1, 2)

    • සතුටින් ඉන්න උදව් වෙන දේවල් නමයක් (3-12)

    • ලුණු සහ ආලෝකය (13-16)

    • යේසුස් ආවේ නීතිය ඉටු කරන්න (17-20)

    • කේන්තිය පාලනය කරගන්න එක (21-26), අනාචාරය (27-30), දික්කසාදය (31, 32), දිවුරන එක (33-37), එකට එක කරන එක (38-42), සතුරන්ට ආදරේ කරන එක (43-48) ගැන මඟ පෙන්වීම්

  • 6වෙනි පරිච්ඡේදය

    • අනිත් අයට පේන්න දේවල් කරන්න එපා (1-4)

    • යාච්ඤා කරන්න ඕනෙ කොහොමද (5-15)

      • ආදර්ශ යාච්ඤාව (9-13)

    • නිරාහාරව ඉන්න එක (16-18)

    • ලෝකේ වස්තු, ස්වර්ගයේ වස්තු (19-24)

    • කනස්සලු වෙන එක නවත්තන්න (25-34)

      • දිගටම දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන්න (33)

  • 7වෙනි පරිච්ඡේදය

    • විනිශ්චය කරන එක නවත්තන්න (1-6)

    • දිගටම ඉල්ලන්න, හොයන්න, තට්ටු කරන්න (7-11)

    • අනිත් අයට සලකන්න ඕනෙ විදිහ (12)

    • පටු දොරටුව (13, 14)

    • පලවලින් අඳුරගන්න පුළුවන් (15-23)

    • පර්වතයක හදපු ගේ, වැලිවල හදපු ගේ (24-27)

    • යේසුස්ගේ ඉගැන්වීම් අහලා සෙනඟ පුදුම වුණා (28, 29)