54වෙනි පරිච්ඡේදය
යේසුස් තමයි “ජීවනය ලබා දෙන ආහාරය”
-
යේසුස් තමයි “ස්වර්ගයෙන් පැමිණි ආහාරය”
ගලීල මුහුදට නැඟෙනහිරින් පිහිටි පළාතේදී යේසුස් දහස් ගණනකට කෑම දුන්නාට පස්සේ මිනිසුන් ඔහුව රජකමට පත් කරන්න යද්දී ඔහු බේරිලා ආවා. එදාම තමයි ඔහු වතුර මත ඇවිද්දේ. පේතෘස් වතුර මත ඇවිදන් ගියත් ඔහුගේ විශ්වාසය අඩු වුණු නිසා ඔහුව ගිලෙන්න යද්දී යේසුස් ඔහුව බේරගත්තා. කුණාටුවත් නිහඬ කළා. යේසුස් එහෙම කළේ නැත්නම් ලොකු අනතුරක් වෙන්න ඉඩ තිබුණා.
දැන් යේසුස් ඉන්නේ කපර්ණවුමේ. ආශ්චර්යවත් විදිහට ඔහු දුන්නු කෑම කාපු අය ඔහුව හොයාගෙන ඇවිත් “ගුරුතුමනි, ඔබ මෙහි ආවේ කොයි වෙලාවේද” කියා අසනවා. ඔවුන්ට තදින් කතා කරන යේසුස්, ඔවුන් ඇවිත් ඉන්නේ කෑම කන්න තියෙන ආසාව නිසයි කියා පවසනවා. ඒ වගේම ‘නැති වී යන මෙවැනි ආහාර වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න එපා. ඒ වෙනුවට කිසිදා නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර ලබාගන්න උත්සාහ කරන්න’ කියාත් ඔහු පවසනවා. ඒ නිසා “දෙවිගේ අනුමැතිය ලබන්න අප කළ යුත්තේ කුමක්ද” කියා ඔවුන් දැන් අසනවා.—යොහන් 6:25-28.
ඔවුන් එහෙම අහන්නේ නීතියේ තියෙන දේවල් කරන්න ඕනෙ කියලා හිතාගෙන වෙන්න ඇති. ඒත් ඊටත් වඩා වටිනා දෙයක් ගැන කතා කරන යේසුස් මෙහෙම කියනවා. “දෙවිගේ අනුමැතිය ලබන්න නම් ඔහු එවූ තැනැත්තා කෙරෙහි විශ්වාසය තබන්න අවශ්‍යයි.” යේසුස් කරපු දේවල් දැකලා තිබුණත් ඔවුන්ට ඔහු ගැන සැබෑ විශ්වාසයක් නැහැ. ඒ නිසා තමයි ඔබ ගැන විශ්වාස කරන්න නම් ලකුණක් හැටියට යම් දෙයක් කරන්න කියලා ඔවුන් යේසුස්ගෙන් ඉල්ලන්නේ. “ඔබ මොන වගේ දෙයක්ද කරන්නේ” කියා අසන ඔවුන් යේසුස්ට මෙහෙමත් කියනවා. “සිතන්න පාළුකරයේ මන්නා ආහාරයට ගත් අපේ මුතුන්මිත්තන් ගැන. ලියා තිබෙන ආකාරයටම ‘ඔහු ඔවුන්ට කන්න ස්වර්ගයෙන් ආහාර ලබා දුන්නා.’”—යොහන් 6:29-31; ගීතාවලිය 78:24.
හැම ආශ්චර්යයක්ම කරන කෙනා ගැන යේසුස් මෙහෙම කියනවා. “මම ඔබට කියන මේ දේ මතක තබාගන්න. ස්වර්ගයෙන් ඔබට ආහාර ලබා දුන්නේ මෝසෙස් නොවෙයි. එසේම ස්වර්ගයෙන් ඔබට සැබෑ ආහාරය ලබා දෙන්නෙත් මගේ පියාණන්. දෙවි ලබා දෙන ඒ සැබෑ ආහාරය නම් ස්වර්ගයෙන් ඇවිත් ලෝකයට ජීවනය ලබා දෙන තැනැත්තායි.” ඒත් යේසුස් කියපු දේ තේරුම් නොගත් සෙනඟ “ස්වාමීනි, අපට ඒ ආහාරය හැමදාටම දෙන්න” කියා පවසනවා. (යොහන් 6:32-34) යේසුස් කියන්නේ මොන “ආහාරය” ගැනද?
ඔහු ඒ ගැන පැහැදිලි කරන්නේ මෙහෙමයි. ‘ජීවනය ලබා දෙන ආහාරය මමයි. මා ළඟට එන තැනැත්තාට කිසිදාක බඩගින්නක් ඇති වන්නේ නැහැ. මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට කිසිදාක පිපාසයක් දැනෙන්නේද නැහැ. නමුත් මම කලින් ඔබට පැවසූ ලෙස ඔබ මාව දුටුවත් ඔබ මාව විශ්වාස කරන්නේ නැහැ. මම ස්වර්ගයෙන් ආවේ මගේ කැමැත්ත ඉටු කිරීමට නොව මාව එවූ තැනැත්තාගේ කැමැත්ත ඉටු කිරීමටයි. මාව එවූ තැනැත්තාගේ කැමැත්ත නම් ඔහු මට භාර දුන් සියලුදෙනාගෙන් කිසි කෙනෙක්ව නැති කර නොගෙන අන්තිම දවසේදී මා ලවා ඔවුන් සියලුදෙනාවම නැවත නැඟිටුවීමයි. මගේ පියාණන්ගේ කැමැත්ත නම් පුත්‍රයාව දැක ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීමයි.’—යොහන් 6:35-40.
යේසුස් “ස්වර්ගයෙන් පැමිණි ආහාරය මමයි” කියලා කිව්වාම ඒ ගැන කොඳුරන යුදෙව්වන් එහෙම කියන්න ඔහුට තියෙන අයිතිය මොකක්ද කියලා කතා වෙනවා. (යොහන් 6:41) ඔවුන් යේසුස්ව සලකන්නේ නාසරෙත්වල හැදී වැඩුණු සාමාන්‍ය කෙනෙක් විදිහට. “මේ යෝසෙප්ගේ පුත් යේසුස් නේද? අපි ඔහුගේ පියාවත් මවවත් හොඳින් හඳුනනවා” කියා ඔවුන් පවසන්නේ ඒ නිසයි.—යොහන් 6:42.
යේසුස් දැන් මෙහෙම කියනවා. “කොඳුරන එක නතර කරන්න. කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි. අවසාන කාලයේදී මම ඔහුව නැවත නැඟිටුවනවා. ‘යෙහෝවා දෙවි ඔවුන් සියලුදෙනාටම උගන්වයි’ කියා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබෙනවා. පියාණන්ට සවන් දී ඉගෙනගත් සියලුදෙනාම එන්නේ මා ළඟටයි. දෙවි විසින් එවා ඇති මා හැර වෙන කිසි මිනිසෙක් මගේ පියාණන් වන දෙවිව දැක නැහැ. ඔහුව දැක තිබෙන්නේ මා පමණයි. ඒ නිසා මම ස්ථිරවම කියන්නේ, මාව විශ්වාස කරන තැනැත්තාට සදාකාල ජීවනය හිමි වන බවයි.”—යොහන් 6:43-47; යෙසායා 54:13.
කලින් වතාවකදී යේසුස් නිකදේමස්ට කිව්වා දෙවියන් යොහන් 3:15, 16) ඔහු එහෙම කිව්වේ සදාකාල ජීවනය ලබාගන්න මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි විශ්වාසය තියන එකේ වැදගත්කම කාවද්දන්න. මේ වතාවේ විශාල සෙනඟක් ඉදිරියේ කතා කරද්දීත් ඔහු ඒ දේම කියනවා. සදාකාල ජීවනය මන්නාවලින්වත් රොටිවලින්වත් ලබාගන්න බැහැ. ඒ නිසා තමයි “ජීවනය ලබා දෙන ආහාරය මමයි” කියලා යේසුස් ආපහු කියන්නේ.—යොහන් 6:48.
තම එකම පුතාව දුන්නේ “ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි” කියලා. (ස්වර්ගයෙන් පැමිණි ආහාරය ගැන කෙරෙන සාකච්ඡාව මෙතැනින් නතර වෙන්නේ නැහැ. යේසුස් කපර්ණවුමේ සිනගෝගයේ උගන්වද්දී ආපහු මේ ගැන සාකච්ඡා කරනවා.