Skip to content

පටුනට යන්න

1වෙනි කොටස

යේසුස්ගේ දේවසේවයට කලින් සිද්ධීන්

“ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා.”—ලූක් 1:32

යේසුස්ගේ දේවසේවයට කලින් සිද්ධීන්

මේ කොටසේ

1වෙනි පරිච්ඡේදය

දෙවිගෙන් ලැබුණු පණිවිඩ දෙකක්

ගාබ්‍රියෙල් දේවදූතයා විශ්වාස කරන්න අමාරු පණිවිඩ දෙකක් දැනුම් දුන්නා.

2වෙනි පරිච්ඡේදය

ඉපදෙන්නත් කලින් යේසුස්ට ගෞරවය ලැබෙයි

එලිසබෙත් සහ ඇගේ කුසේ සිටි දරුවා යේසුස්ට ගෞරව කළේ කොහොමද?

3වෙනි පරිච්ඡේදය

මාර්ගය සූදානම් කරන්නා ඉපදෙයි

සෙකරියාට ආපහු කතා කරන්න පුළුවන් වුණු ගමන්ම ඔහු වැදගත් අනාවැකියක් කිව්වා.

4වෙනි පරිච්ඡේදය

අවිවාහකව සිටිද්දී ගැබ්ගත් මරියා

මරියා ගැබ්ගත්තේ දෙවිගේ බලයෙන් මිසක් වෙන පුරුෂයෙක් එක්ක සම්බන්ධ වෙලා නෙවෙයි කියලා කිව්වාම යෝසෙප් ඒක විශ්වාස කළාද?

5වෙනි පරිච්ඡේදය

යේසුස් උපත ලබයි

යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද?

6වෙනි පරිච්ඡේදය

පොරොන්දු වුණු දරුවා

යෝසෙප් සහ මරියා පුංචි යේසුස්ව දේවමාලිගාවට ගෙනාවාම ඊශ්‍රායෙලයේ මහලු පුද්ගලයන් දෙන්නෙක් යේසුස් ගැන අනාවැකි කියයි.

7වෙනි පරිච්ඡේදය

ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න පැමිණෙයි

ඔවුන් දැකපු තාරකාව යේසුස් හිටිය තැනට මුලින්ම මඟ පෙන්වන්නේ නැතුව හෙරොද් රජු ළඟට යන්න ඒ අයට මඟ පෙන්නුවේ ඇයි?

8වෙනි පරිච්ඡේදය

දුෂ්ට පාලකයෙක්ගෙන් ගැලවෙයි

යේසුස්ගේ ජීවිතයේ මුල් කාලයේදී බයිබල් අනාවැකි තුනක් ඉටු වෙයි.

9වෙනි පරිච්ඡේදය

යේසුස් නාසරෙත්වල හැදී වැඩෙයි

යේසුස්ට සහෝදර සහෝදරියන් කීදෙනෙක් ඉන්න ඇද්ද?

10වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ පවුලේ අය යෙරුසලමට යයි

යේසුස්ව හොයාගන්න බැරි වෙද්දී යෝසෙප් සහ මරියා හුඟක් බය වුණා. තමන් ඉන්න තැන දෙමාපියන් තේරුම්ගත්තේ නැති එක ගැන යේසුස් පුදුම වුණා.

11වෙනි පරිච්ඡේදය

යොහන් බව්තීස්ත මාර්ගය සූදානම් කරයි

පරිසිවරුන් සහ සද්දුසිවරුන් යොහන් ළඟට ආවාම ඔහු ඔවුන්ගේ වැරදි හෙළි කරනවා. ඒ ඇයි?