ඇත්තටම අපි විවාහයට සූදානම්ද?
30වෙනි පරිච්ඡේදය
ඇත්තටම අපි විවාහයට සූදානම්ද?
දැන් ඔබට ගැළපෙන කෙනා හම්බ වෙලා. යම් කාලයක් ඔබ දෙදෙනා ඇසුරු කර තිබෙන නිසා ඔබ එකිනෙකාට ඇත්තටම ආදරය කරනවා කියා ඔබට හැඟෙනවා. ඔබ සිහින දකිනවා ඇති විවාහ ජීවිතයට පා තබන්න. ඒත් ඔබේ සිහිනය සැබෑ වෙයිද? ඔබ සූදානම් වෙන්නේ ජීවිතයේ ඉතා වැදගත් තීරණයක් ගැනීමටයි. ඔබ මෙහෙම කල්පනා කරනවා ඇති . . .
ඇත්තටම අපි විවාහයට සූදානම්ද?
ඔබ දෙදෙනා ආදරයෙන් බැඳී සිටියත් මෙම වැදගත් තීරණය ගැනීමේදී ඔබේ සිතට යම් චකිතයක් හෝ බියක් දැනීම සාධාරණයි. අද වැඩිපුරම දකින්න ලැබෙන්නේ අසතුටින්
පිරි විවාහයන්. දික්කසාද වෙන සංඛ්‍යාව දවසින් දවස ඉහළ යනවා. ඒ නිසා ඔබේ ජීවිතයේ වැදගත් කඩඉම වන මෙම අවස්ථාවේදී කල්පනාකාරීව කටයුතු කිරීමට ඔබට වුවමනා ඇති. ඔබ කොහොමද දැනගන්නේ ඇත්තටම ඔබ විවාහයට සූදානම්ද කියා. එය දැනගැනීමට විවාහය ගැන ඔබට තිබෙන බොළඳ සිහින ඉවත් කර යථාර්ථය දකින්න වෑයම් කළ යුතුයි. ඒ සඳහා උදාහරණ කිහිපයක් සලකා බලමු.පළමුවන සිහිනය “අපි ආදරෙයි නම් ඒ ඇති.”
යථාර්ථය: ඔබ දෙදෙනාගේ ආදරය දෝර ගලා ගියත් ඒ ආදරයට බැහැ ඔබේ කුසගින්දර නිවන්න. පර්යේෂකයන් පවසන්නේ විවාහ ජීවිතේ ගැටලුවලට සහ දික්කසාදයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ මුදල් බවයි. ඔබට මුදල් ගැන සමබර ආකල්පයක් නැත්නම් එය දෙවි සමඟ තිබෙන සම්බන්ධයටත් ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ තිබෙන සම්බන්ධයටත් ඔබේ මානසිකත්වයටත් බලපායි. (1 තිමෝති 6:9, 10) ඒ නිසා මුදල් පාලනය කරන්නේ කොහොමද කියා විවාහයට කලින් දෙදෙනා එක්ව කතා කළ යුතුයි.
බයිබලයෙන් උපදෙසක්: ‘ඔබ අතර සිටින කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය කිරීමට හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?’—ලූක් 14:28.
යෝජනාවක්: විවාහ වීමට පෙරම නිවසේ වියහියදම් සඳහා මුදල් පාලනය කරන්නේ කොහොමද කියා ඔහු හෝ ඇය සමඟ කතා කරන්න. (හිතෝපදේශ 13:10) ඒ සඳහා මෙවැනි ප්‍රශ්න යොදාගත හැකියි. ලැබෙන ආදායමට අනුව ජීවත් වෙන්නේ කොහොමද? වෙන වෙනම බැංකු ගිණුම් පවත්වාගෙන යනවාද නැත්නම් හවුලේ ගිණුමක් පවත්වාගෙන යනවාද? වියදම් සඳහා යන මුදල් ගැන වාර්තාවක් තබාගන්නේ කවුද? බිල්පත් ගෙවන්නේ කවුද? * එකිනෙකාට තමන්ගේ වියදමට කොතරම් මුදලක් තබාගත හැකිද? එම දේවල් ගැන සිතා බැලිය යුත්තේ දැනුයි.—දේශනාකාරයා 4:9, 10.
දෙවන සිහිනය “අපි දෙන්නා හොඳට ගැළපෙනවා. අපි අතර කවදාවත් මතගැටුම් ඇති වෙලා නැහැ!”
යථාර්ථය: ඔබ දෙදෙනා අතර මතගැටුම් ඇති වෙලා නැත්තේ රෝම 3:23; යාකොබ් 3:2) ඒ නිසා ඔබ දෙදෙනාගේ අදහස් ගැළපෙනවාද කියා බලනවා වගේම අදහස් නොගැළපෙන අවස්ථාවලදී කටයුතු කරන්නේ කොහොමද කියා සිතා බැලීමත් වැදගත්. විවාහ බැඳීම ශක්තිමත් වෙන්නේ මතගැටුම් ඇති වුණත් ඒවා විවෘතව කතා කර අවබෝධයෙන් හා සමාදානයෙන් විසඳාගැනීමට දෙදෙනාම උත්සාහ කරන විටයි.
මතගැටුම්වලට තුඩු දෙන විෂයන් ගැන කතා කිරීමෙන් ඔබ වැළකී සිටි නිසා විය හැකියි. ඒත් විවාහ වූ පසු එවැනි විෂයන් ගැනත් ඔබට කතා කරන්න සිදු වෙයි. එවිට එකඟ නොවීම් ඇති වෙයි. මන්ද අපි සියලුදෙනා අතින් වැරදි සිදු වන නිසා දෙදෙනෙක් කවදාවත් සියයට සියයක් ගැළපෙන්නේ නැහැ. (බයිබලයෙන් උපදෙසක්: “ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න.”—එෆීස 4:26.
යෝජනාවක්: ඔබේ දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් සමඟ මතභේද විසඳාගත් ආකාරය කල්පනා කර බලන්න. දැන් මෙම පොතේ 93වන පිටුවේ හෝ 2වන පොතේ 221වන පිටුවේ ඇති වගුවට සමාන වගුවක් ඇදගන්න. එකඟ නොවීම් ඇති වූ අවස්ථා එහි සඳහන් කර, ඔබ ඒ අවස්ථාවේ කටයුතු කළ විදිහත් කටයුතු කරන්න තිබූ විදිහත් සඳහන් කරන්න. උදාහරණයකට මතගැටුමක් ඇති වූ අවස්ථාවේදී ඔබ කේන්තියෙන් ඔබේ කාමරයට ගොස් තදින් දොර වැසුවා නම් ඊට වඩා සාමකාමීව කටයුතු කිරීමට තිබූ විදිහ කුමක්ද කියා ලියන්න. ඔබ දෙමාපියන් සමඟ සිටින විට ඔබ සාමකාමීව මතගැටුම් විසඳාගන්න විදිහ ඉගෙනගන්නවා නම් එය ප්‍රීතිමත් විවාහයකට බොහෝ සෙයින් දායක වෙයි.
තුන්වන සිහිනය “විවාහ වුණාට පස්සේ මගේ හැම ලිංගික ආශාවක්ම සන්සිඳුවාගන්න පුළුවන්.”
යථාර්ථය: ඔබ විවාහ වුණා 1 කොරින්ති 10:24) එසේනම් තනිකඩව සිටියත් විවාහ වී සිටියත් තමාවම පාලනය කරගැනීමේ හැකියාව අත්‍යවශ්‍යයි කියන කාරණය පැහැදිලියි.—ගලාති 5:22, 23.
කියා ඔබට ඕන ඕන වෙලාවට ලිංගික ඇසුරේ යෙදිය හැකියි කියා සිතීම වැරදියි. ඔබේ සහකරු හෝ සහකාරියගේ හැඟීම්ද සැලකිල්ලට ගන්න ඕනේ කියන කාරණය අමතක කරන්න එපා. ඔහුට හෝ ඇයට එම ඇසුරේ යෙදීමට නොසිතෙන දවස් තිබෙන්න පුළුවන්. ඔබ විවාහ වී සිටින නිසා ඔබේ අවශ්‍යතාවන් ඉටු කර දිය යුතුයි කියා බල කරන්න ඔබට අයිතියක් නැහැ. (බයිබලයෙන් උපදෙසක්: ‘සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි. කිසිවෙකු කාමාශාවෙන් දැවිදැවී නොසිටිය යුතුයි.’—1 තෙසලෝනික 4:4, 5.
යෝජනාවක්: ඔබේ ලිංගික ආශාවන් කොයි වගේද කියා සිතා, එය ඔබේ විවාහයට කෙසේ බලපායිද කියා සලකා බලන්න. උදාහරණයකට තම ආශාවන් පමණක් තෘප්තිමත් කරගැනීමේ පුරුද්දක් වන ස්වයංවින්දනයට ඔබ ඇබ්බැහි වෙලාද? ඔබ කාමුක දර්ශන නැරඹීමට පුරුදු වී සිටියාද? විරුද්ධ ලිංගයේ අය දිහා රාගික හැඟීමෙන් හොරෙන් බලනවාද? එසේනම් මේ දේ කල්පනා කරන්න. ‘විවාහ වෙන්න කලින් මට මගේ ලිංගික ආශාවන් පාලනය කරගන්න බැරි නම් විවාහ වුණාට පස්සේ මම ඒ දේ කරන්නේ කොහොමද? (මතෙව් 5:27, 28) ඔබ සිතා බැලිය යුතු තවත් කාරණයක් තිබෙනවා. ඔබ දකින දකින කෙනා සමඟ ආලවන්තකම් පාමින් ඔවුන්ගේ හැඟීම් සමඟ සෙල්ලම් කරන කෙනෙක් ලෙස නම් දරා සිටිනවාද? එහෙමනම් විවාහ වුණාට පස්සේ ඔබ එක් කෙනෙකුගෙන් සැහීමට පත් වෙන්නේ කොහොමද?—හිතෝපදේශ 5:15-17.
හතරවන සිහිනය “විවාහ වුණාට පස්සේ මගේ ජීවිතයට සතුට ලැබෙයි.”
යථාර්ථය: තනිකඩව ඉන්න කොට අසතුටෙන් ඉන්නවා නම් විවාහ වුණාට පස්සෙත් ඉන්නේ අසතුටෙන්. ඊට හේතුව සතුට ලැබෙන්නේ ජීවිතය දෙස බලන හිතෝපදේශ 15:15) තමන්ට තිබෙන දේවල් ගැන සතුටු නොවන අය විවාහ වූ පසුත් තමන්ට නැති දේවල් ගැන සිතමින් ළත වෙයි. ඒ නිසා තනිකඩව සිටින කාලයේදීම ඔබට ඇති දෙයින් සතුටු වන හැටි ඉගෙනගන්න. එවිට ඔබ විවාහ වූ විටත් ඔබට සහ ඔබේ සහකරු හෝ සහකාරියටත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකියි.
විදිහෙන් මිස තමන් මුහුණ දෙන තත්වයන්ට අනුව නොවෙයි. (බයිබලයෙන් උපදෙසක්: “ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය.”—දේශනාකාරයා 6:9.
යෝජනාවක්: සමහරවිට සතුට නැති වීමට හේතුව අත් කරගත නොහැකි බලාපොරොත්තු තබාගැනීමයි. ඔබ විවාහයෙන් බලාපොරොත්තු වන දේවල් දෙකක් හෝ තුනක් ලියන්න. දැන් මේ ගැන කල්පනා කරන්න. ‘මගේ බලාපොරොත්තු, අත් කරගන්න පුළුවන් දේවල්ද නැත්නම් දවල් සිහිනද? ප්‍රේම කතා, චිත්‍රපට, ජනමාධ්‍ය වැනි
දේවල් මගේ බලාපොරොත්තුවලට බලපෑමක් වෙලාද? මට තියෙන බලාපොරොත්තුවලින් පෙනෙන්නේ මම මං ගැන විතරක් හිතන කෙනෙක් කියාද? එනම් විවාහයෙන් මගේ තනිකම නැති වෙයි, මගේ ලිංගික ආශාවන් සන්සිඳෙයි, මගේ යාළුවන් අතරේ මට යම් තැනක් ලැබෙයි වැනි දේවල් ගැන හිතන කෙනෙක් කියාද?’ එසේනම් හැම වෙලේම “මම,” “මගේ” කියා සිතනවා වෙනුවට “අපි,” “අපේ” කියා සිතන්න පුරුදු වෙන්න. ඒ දේ කිරීමට ඔබත් ඔබේ අනාගත සහකරු හෝ සහකාරියත් විවාහයෙන් අපේක්ෂා කරන දේවල් දෙකක් හෝ තුනක් ලියන්න.ඉහත සඳහන් සිහින ඔබේ විවාහ ජීවිතයට ඉතාමත් අහිතකර ලෙස බලපායි. ඒ නිසා ජීවිතයේ යථාර්ථය දකින්න උත්සාහ කරන්න. ඔබේ අනාගත සහකරු හෝ සහකාරියත් සමඟ 216වන සහ 217වන පිටුවල ඇති ප්‍රශ්න සාකච්ඡා කරන්න. ජීවිතයේ ලැබිය හැකි උතුම් ආශීර්වාදවලින් එකක් වන ප්‍රීතිමත් විවාහයක් ගත කිරීමට ඉන් ඔබට උපකාරයක් ලැබෙයි.—ද්විතීය කතාව 24:5; හිතෝපදේශ 5:18.
ප්‍රේම සම්බන්ධය බිඳී ගියාම දරාගන්න අමාරුයි. කොහොමද ඒ දුක දරාගන්නේ?
[පාදසටහන]
^ 9 ඡේ. හිතෝපදේශ 31:10-28හි සඳහන් “ගුණවත් බිරිඳක්” පවුලේ ආර්ථිකය ගොඩනැඟීමට විවිධාකාරයෙන් දායක වන විදිහ පෙන්වා දෙනවා. විශේෂයෙන්ම 13, 14, 16, 18, සහ 24 යන පද බලන්න.
බයිබල් උපදෙස
“මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.”—උත්පත්ති 2:24.
යෝජනාවක්
අලුතින් විවාහ වූ යුවළකට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න දෙන උපදෙස කුමක්ද කියා වැඩිහිටි යුවළකගෙන් අසා දැනගන්න.—හිතෝපදේශ 27:17.
ඔබ මේ ගැන දැන සිටියාද . . . ?
සාර්ථක විවාහයකදී ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාව සලකන්නේ මිතුරන් ලෙසයි. ඔවුන් හොඳින් අදහස් හුවමාරු කරගන්නා අතර මතගැටුම් විසඳන ආකාරය දන්නවා. ඒ වගේම ඔවුන් තම බැඳීම සලකන්නේ ජීවත් වන තුරා පවතින බැඳීමක් ලෙසයි.
ගත හැකි පියවර
අනාගත සහකරු හෝ සහකාරිය සමඟ මගේ බැඳීම ශක්තිමත් කිරීමට මම දියුණු කරගත යුතු ගුණාංගය වෙන්නේ ․․․․․
මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․
ඔබ සිතන්නේ කුමක්ද?
● සමහර රටවල විවාහයන් බොහොමයක් කෙළවර වෙන්නේ දික්කසාදයෙන්. එසේ වීමට හේතුව කුමක් කියාද ඔබ සිතන්නේ?
● නිවසේ ප්‍රශ්නවලින් ගැලවෙන්න ඕනේ නිසා විවාහ වීම අනතුරුදායක වෙන්නේ කොහොමද?
● විවාහ ජීවිතය තුළ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම වැදගත් වෙන්නේ ඇයි?
[220වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘විවාහය කියන්නේ බැරෑරුම් කාරණයක්. විවාහය ගැන විතරක් නෙමෙයි විවාහ වෙන කෙනා ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ.’’—ඕඩ්‍රේ
[216, 217යන පිටුවල කොටුව/පින්තූරය]
ඔබේ සටහන්
ඔබ විවාහයට සූදානම්ද?
මෙම පිටුවල තිබෙන ප්‍රශ්න සලකා බලන්න. ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය සමඟ වුවත් මෙම තොරතුරු සාකච්ඡා කළ හැකියි. එහි සඳහන් බයිබල් පදත් කියවා බලන්න.
මුදල්
□ මුදල් ගැන ඔබේ ආකල්පය කුමක්ද?—හෙබ්‍රෙව් 13:5, 6.
□ ඔබ දැනටමත් මුදල් සම්බන්ධයෙන් වගකීමකින් කටයුතු කරන බව පෙන්වා තිබෙන්නේ කොහොමද?—මතෙව් 6:19-21.
□ ඔබ ණය වී සිටිනවාද? ඒවා ගෙවීමට ඔබ ගෙන තිබෙන පියවර මොනවාද?—හිතෝපදේශ 22:7.
□ ඔබේ විවාහ උත්සවයට යන වියදම කොපමණද? ඒ සඳහා ණයක් ගැනීමට සිදු වෙනවා නම් එය ඔබට ගෙවිය හැකිද?—ලූක් 14:28.
□ විවාහයෙන් පසු දෙදෙනාම රැකියාවක නිරත වෙනවාද? එහෙමනම් වැඩට යන වෙලාව හා ගමනාගමනය සැලසුම් කරගන්නේ කොහොමද?—හිතෝපදේශ 15:22.
□ ඔබ දෙදෙනා ජීවත් වීමට යන්නේ කොහේද? ගෙවල් කුලී, කෑම බීම, ඇඳුම් සහ වෙනත් වියදම් සඳහා කොතරම් මුදලක් වැය වෙයිද? ඒ මුදල් සොයාගන්නේ කොහොමද?—හිතෝපදේශ 24:27.
පවුල
□ දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමඟ ඔබ සහයෝගයෙන් කටයුතු කරනවාද?—නික්මයාම 20:12; රෝම 12:18.
□ පවුලේ අය සමඟ ඇති වන මතගැටුම් ඔබ විසඳාගන්නේ කොහොමද?—කොලොස්සි 3:13.
□ ඔබ තරුණියක් නම් ඔබ ‘තැන්පත් මෘදු ස්වභාවයක්’ ඇති කෙනෙක් බව පෙන්වන්නේ කොහොමද?—1 පේතෘස් 3:4.
□ දරුවන් හදන්න ඔබ බලාපොරොත්තු වෙනවාද? (ගීතාවලිය 127:3) එසේ නොවෙයි නම් කිනම් උපත් පාලන ක්‍රමයක්ද යොදාගැනීමට බලාපොරොත්තු වෙන්නේ?
□ ඔබ තරුණයෙක් නම් විවාහ වූ දවසක පවුලේ අයට දෙවි සමඟ හොඳ බැඳීමක් ඇති කරගැනීමට ඔබ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ කොහොමද?—මතෙව් 5:3.
ගති පැවතුම්
□ ඔබ කඩිසර කෙනෙක් බව පෙන්වා තිබෙන්නේ කොහොමද?—හිතෝපදේශ 6:9-11; 31:17, 19, 21, 22, 27.
□ ඔබ කැප කිරීම් කරන්න කැමති කෙනෙක් බව පෙන්වා තිබෙන්නේ කොහොමද?—ෆිලිප්පි 2:4.
□ ඔබ තරුණයෙක් නම් යේසුස් මූලිකත්වය ගෙන කටයුතු කළ විදිහට ඔබත් කටයුතු කරන බව පෙන්වා තිබෙන්නේ කොහොමද?—එෆීස 5:25, 28, 29.
□ ඔබ තරුණියක් නම් මූලිකත්වයට යටත් වී කටයුතු කළ හැකි බව පෙන්වා තිබෙන්නේ කොහොමද?—එෆීස 5:22-24.
[219වන පිටුවේ පින්තූරය]
දියේ ගැඹුර නොදැන වතුරට පනින්නේ නැහැ වගේ විවාහයේ බැරෑරුම්කම තේරුම් නොගෙන විවාහ වෙන්න එපා