Skip to content

පටුනට යන්න

ඔයාට ආදර්ශයක්—ආසාෆ්

ඔයාට ආදර්ශයක්—ආසාෆ්

ඔයාට ආදර්ශයක්—ආසාෆ්

ආසාෆ්ගේ කාලේ හිටපු වැඩිදෙනෙක් දෙවිගේ මඟ පෙන්වීම් ගණන් ගත්තේ නැහැ. හැබැයි එයාලා හිටියේ හරිම සතුටින් කියලයි ආසාෆ්ට පේන්න තිබුණේ. ඒ නිසා දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදින එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද කියලා එයා කල්පනා කළා. එයා මෙහෙම කිව්වා. “නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය. මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.” හැබැයි දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන්නේ නැති අයට අන්තිමට මොකද වෙන්නේ කියලා ආසාෆ් හොඳට කල්පනා කරලා බැලුවා. එතකොට එයාට තේරුණා එයාලගේ සතුට තියෙන්නේ ටික කාලෙකට විතරයි කියලා. දෙවිට විශ්වාසවන්තව ඉන්න එක තමයි හොඳම දේ කියලා එයා තේරුම්ගත්තා. ආසාෆ් යෙහෝවා දෙවිට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. ‘මට සතුටු වීමට පොළොවේ කිසි දෙයක් නැත. මාගේ සතුට ඔබයි.’—ගීතාවලිය 73:3, 13, 16, 25, 27.

දෙවිගේ මඟ පෙන්වීම් ගණන් ගන්නේ නැති යෞවන යෞවනියන් හරිම සතුටින් ඉන්නවා දකිද්දී සමහරවිට ඔයාත් කල්පනා කරලා ඇති දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදින එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද කියලා. එහෙම හිතෙන වෙලාවලදී ඒ වගේ අයගේ ජීවිත ගැන ටිකක් කල්පනා කරලා බලන්න. දෙවිට විශ්වාසවන්තව ඉන්න අයට වඩා ඇත්තටම එයාලා ඉන්නේ සතුටින්ද? පිටින් පේන්න තියෙන දේ දිහා බලලා තීරණය කරන්නේ නැතුව දේවල් ගැන හොඳට හිතලා බලන්න. එතකොට ආසාෆ් වගේ ‘දෙවිට ළං වී සිටීම මට යහපතක්’ කියලා පිළිගන්න ඔයාටත් පුළුවන් වෙයි.—ගීතාවලිය 73:28.