Skip to content

පටුනට යන්න

ඔයාට ආදර්ශයක්—දාවිත්

ඔයාට ආදර්ශයක්—දාවිත්

ඔයාට ආදර්ශයක්—දාවිත්

දාවිත් උපතින්ම සංගීතයට හරිම දක්ෂ කෙනෙක්. එයාට සංගීතය වාදනය කරන්නත් ගීත රචනා කරන්නත් හැකියාව තිබුණා. එයා සංගීත භාණ්ඩත් හැදුවා. (2 ලේකම් 7:6) දාවිත් කොච්චර දක්ෂද කියනවා නම් රජමාලිගාවට ඇවිල්ලා රජු ඉස්සරහා සංගීතය වාදනය කරන්න කියලා ඊශ්‍රායෙල් දේශයේ රජු එයාට ආරාධනා කළා. (1 සාමුවෙල් 16:15-23) එයා ඒ ආරාධනාව පිළිගත්තා. හැබැයි දාවිත් කවදාවත් එයාට තිබුණු ඒ හැකියාව ගැන ආඩම්බර වුණේ නැහැ. දාවිත් එයාගේ හැකියාව පාවිච්චි කළේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නයි.

ඔයාත් දාවිත් වගේ සංගීතයට ආස කෙනෙක්ද? එහෙමනම් දාවිත්ගෙන් ඔයාට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. දාවිත් කවදාවත් සංගීතය එයාගේ ජීවිතේ වැදගත්ම දේ හැටියට සැලකුවේ නැහැ. ඒ වගේ ඔයාත් සංගීතය ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ කරගන්න එපා. සමහර සිංදු නිසා යෙහෝවා දෙවි අකමැති විදිහට හිතන්න, අකමැති දේවල් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ වගේ සිංදු අහන්න එපා. සංගීතය නිර්මාණය කරන්න, ඒවා රස විඳින්න පුළුවන් හැකියාව දෙවිගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. (යාකොබ් 1:17) ඒ නිසා ඒ තෑග්ග යෙහෝවා දෙවි සතුටු වෙන විදිහට පාවිච්චි කරන්න. දාවිත් කළෙත් ඒකයි.