Skip to content

පටුනට යන්න

ඔයාට ආදර්ශයක්—යෝසෙප්

ඔයාට ආදර්ශයක්—යෝසෙප්

ඔයාට ආදර්ශයක්—යෝසෙප්

යෝසෙප්ගේ ස්වාමියාගේ බිරිඳ එයාත් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න කියලා යෝසෙප්ට නිතර නිතර බල කළා. දවසක් එයා යෝසෙප්ව කොහොමහරි ඒකට කැමති කරවගන්න හැදුවා. හැබැයි යෝසෙප් ඒකට අහු වුණේ නැහැ. එයා එකහෙළාම කිව්වේ, ‘මේ තරම් දුෂ්ට දෙයක් කරලා දෙවිට විරුද්ධව මං පව් කරන්නේ කොහොමද’ කියලයි. යෝසෙප් කොච්චර අකමැතියි කියලා කිව්වත් එයා ඒක ගණන් ගන්නේ නැතුව යෝසෙප්ව බලෙන්ම අල්ලගත්තා. එතකොට යෝසෙප් ගෙයින් එළියට පැනලා දිව්වා. ඒක එයාගේ පිරිමිකමට මදිකමක් කියලා යෝසෙප් හිතුවේ නැහැ. ඒකෙන් තේරෙන්නේ දෙවිගේ ප්‍රතිපත්ති රකින එක කොච්චර වැදගත් දෙයක් හැටියට යෝසෙප් සැලකුවාද කියලයි.—උත්පත්ති 39:7-12.

ලිංගික ආසාවන් අවුස්සලා වැරදි දෙයක් කරන්න කවුරු හරි කෙනෙක් ඔයාවත් පොලඹවාගන්න හදන්න පුළුවන්. ඒ වගේ වෙලාවක යෝසෙප් වගේ ක්‍රියා කරන්න නම් ඔයාගේ ආසාවන් පාලනය කරගන්නවාට අමතරව ඔයාට ජීවිතය දීපු යෙහෝවා දෙවිට දුකක් දෙන කිසිම දෙයක් නොකරන්න ඔයාට ලොකු උවමනාවක් තියෙන්න ඕනේ. ඔයාට වගේම යෝසෙප්ටත් ලිංගික ආසාවන් තිබුණා. හැබැයි දෙවිට දුකක් දීලා ඒ ආසාවන් ඉටු කරන්න එයා කොහොමටවත් කැමති වුණේ නැහැ. එහෙමනම් බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් දෙවි ගොඩක් දුක් වෙනවා කියලත් අන්තිමේදී ඔයාටත් හිත් වේදනාවලට මුහුණ දෙන්න වෙනවා කියලත් තේරුම් අරන් ඉන්න එක කොච්චර වැදගත්ද! යෝසෙප් වගේ දෙවිගේ ප්‍රතිපත්ති රකින්න ඔයාත් උත්සාහ කරන්න.