Skip to content

පටුනට යන්න

ඔයාට ආදර්ශයක්—ලිදියා

ඔයාට ආදර්ශයක්—ලිදියා

ඔයාට ආදර්ශයක්—ලිදියා

ලිදියා, පාවුල්ටයි එයාත් එක්ක හිටපු අනිත් අයටයි එයාගේ ගෙදරට ආරාධනා කරලා ආගන්තුක සත්කාරය පෙන්නුවා. එතකොට ලිදියා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙලා වැඩි කල් ගත වෙලා තිබුණේ නැහැ. (ක්‍රියා 16:14, 15) එයා එහෙම කරපු නිසා යේසුස්ගේ නියෝජිතයන්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න එයාට පුළුවන් වුණා. පාවුල්වයි සීලස්වයි හිරෙන් නිදහස් කළ අවස්ථාවක ඒගොල්ලෝ කෙළින්ම ආවේ ලිදියාගේ ගෙදරට.—ක්‍රියා 16:40.

ලිදියා වගේ ඔයාටත් පුළුවන්ද අනිත් අයව අඳුනගන්න උත්සාහ කරන්න? මුලින්ම එක් කෙනෙක්ව හොඳට අඳුනගන්න පියවර ගන්න. ඔයා රැස්වීම්වලට යන හැම වතාවකම කවුරු හරි එක් කෙනෙක් එක්ක කතා කරන්න බලන්න. එකපාරට කෙනෙක් එක්ක කතා කරන්න ඔයාට අමාරු නම් හිනා වෙලා, එයාගෙන් ප්‍රශ්නයක් අහන්න. නැත්නම් ඔයා ගැන විස්තර එයාට කියන්න. එයා කතා කරද්දී හොඳින් සවන් දෙන්න. සාමාන්‍යයෙන් මිත්‍රශීලී විදිහට කෙනෙක් එක්ක කතා කරද්දී එයාත් හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. (හිතෝපදේශ 16:24) ලිදියා මිත්‍රශීලී කෙනෙක් වුණු නිසාත් ආගන්තුක සත්කාරය පෙන්නපු නිසාත් හොඳ මිතුරන් හොයාගන්න එයාට පුළුවන් වුණා. ඔයාත් ලිදියාව ආදර්ශයට ගත්තොත් හොඳ යාළුවෝ හොයාගන්න ඔයාටත් පුළුවන් වෙයි.