බයිබලයේ තියෙන ප්රතිපත්ති පිළිපදින එක වැදගත්ද?
34වෙනි පරිච්ඡේදය
බයිබලයේ තියෙන ප්රතිපත්ති පිළිපදින එක වැදගත්ද?
ඔයා යාළුවෝ දෙන්නෙක් එක්ක කැන්ටිමේ ඉද්දී දන්න කියන පිරිමි ළමයෙක් එතැනට එනවා.
එක යාළුවෙක් ඔයාට මෙහෙම කියනවා. “මං හිතන්නේ එයා ඔයාට කැමතියි. බලන්නකෝ එයා ඔයා දිහා කන්න වගේ බලන විදිහ.”
එතකොටම අනිත් යාළුවා මෙහෙම කියනවා. “දන්නවාද! එයාට තාම ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ.”
යාළුවෝ දෙන්නා කියන දේවල් ඇත්ත කියලා ඔයා දන්නවා. මොකද එයාගේ ගෙදර තිබුණු පාටියට එන්න කියලා දවස්
කීපයකට කලින් එයා ඔයාට කිව්වා. ඔයා පාටියට ගියේ නැති වුණාට ඒකට යන්න යටි හිතේ පොඩි ආසාවක් තිබුණා.ඒ ගැන හිතහිත ඉද්දිම එක යාළුවෙක් මෙහෙම කියනවා.
“මට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් හිටියේ නැත්නම් මං කොහොමහරි එයාත් එක්ක සෙට් වෙනවා.”
යාළුවා ඊළඟට අහන්න යන්නේ මොකද්ද කියලා දැන් ඔයා දන්නවා.
“ඒක නෙමෙයි, ඔයාට තාම කවුරුත් නැත්තේ ඇයි?”
ඇත්තම කියනවා නම් බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවට ඔයාත් කැමතියි. හැබැයි බඳින්න කිසිම අදහසක් නැතුව පොඩි වයසෙම යාළු වෙන එක වැරදියි කියලා ඔයා බයිබලයෙන් ඉගෙනගෙන තියෙනවා.
එතකොටම අනිත් යාළුවා මෙහෙම අහනවා. “මං දන්නවා, ඔයාගේ ආගම නිසා නේද?”
‘මගේ හිතේ තිබුණු දේ එයා හරියටම කිව්වේ කොහොමද?’ කියලා ඒ වෙලාවේ ඔයාට හිතෙනවා.
“ඔයාට නම් ඉතින් බයිබලයෙන් තොර ලෝකයක් නැහැනේ. මොකද්ද අනේ ඉඳලා හිටලා හරි පොඩි ෆන් එකක් ගන්නකෝ” කියලා සමච්චලේට වගේ එයා ඔයාට කියනවා.
බයිබලයේ තියෙන මඟ පෙන්වීම් පිළිපදින කොට අනිත් අය වගේ සතුටින්, නිදහසේ ඉන්න බැහැ කියලා ඔයාට හිතෙනවාද? ඩෙබොරාට එහෙම හිතුණා. “බයිබල් ප්රතිපත්ති නිසා මං කොටු වෙලා කියලයි මට හිතුණේ. අනිත් ළමයි එයාලට ඕන ඕන දේවල් කරනවා දැක්කම මටත් එහෙම කරන්න ආස හිතුණා” කියලා ඩෙබොරා කියනවා.
රැවටෙන්න එපා
දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදින එකෙන් කිසිම ප්රයෝජනයක් නැහැ කියලා අතීතයේ හිටපු ආසාෆ් කියන කෙනාටත් හිතුණා. හැබැයි දෙවිගේ මඟ පෙන්වීම් අමතක කරලා ජීවත් වෙන අය ගැන කල්පනා කළාම එයාට තේරුණා එයාලා ගත කරන්නේ අරමුණක් නැති ජීවිත කියලා. ඒ වගේ අය ඉන්නේ, “ලිස්සනසුලු තැන්වල” කියලා එයා කිව්වේ ඒ නිසයි. (ගීතාවලිය 73:18) ආසාෆ් වගේ ඔයාටත් පුළුවන් අනිත් අයගේ ජීවිත දිහා බලලා පාඩම් ඉගෙනගන්න. ජීවිතේ හැම දෙයක්ම අද්දැකලම ඉගෙනගන්න ඕනේ නැහැ.
බයිබලයේ තියෙන මඟ පෙන්වීම් බරක් කියලා හිතලා නිදහස හොයාගෙන ගිය යෞවනයන් කීපදෙනෙක්ගෙන් අදහස් අහලා බලමු. මේ
අය කොච්චර නොමඟ ගියාද කියනවා නම් යෞවන වයසෙම ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. එයාලගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?● ඒ වගේ වැරදි දෙයක් කරන්න ඔයා පෙලඹුණේ ඇයි?
ඩෙබොරා: “ඉස්කෝලේ හැමෝටම වගේ ගර්ල්ෆ්රෙන්ඩ්ස්ලා, බෝයිෆ්රෙන්ඩ්ස්ලා හිටියා. එයාලා ඉන්නේ හරිම සතුටින් කියලයි මට හිතුණේ. එයාලා අතින් අල්ලන් ඉන්නවා දැක්කම, කිස් කරනවා දැක්කම මටත් කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතුණා. එක පිරිමි ළමයෙක් ගැන මං නිතර නිතර හිතන්න පටන්ගත්තේ ඒ කාලෙයි. එයාත් එක්ක එකට ඉන්න මගේ හිතේ ලොකු ආසාවක් ඇති වුණා.”
මයික්: “මං බලපු, කියවපු දේවල් නිසා ලිංගික දේවල් ගැන මට ලොකු ආසාවක් ඇති වුණා. ඒවා ගැන ඉස්කෝලේ ළමයි එක්ක කතා කරපු නිසා ඒ ආසාව තවත් වැඩි වුණා. හැබැයි ඒක පාලනය කරගන්න පුළුවන් කියලයි මං හිතුවේ. ගැහැනු ළමයෙක් එක්ක තනියම ඉද්දී ආදරේට එයාව අත පත ගෑවට දුර දිග යන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ ඒ නිසයි.”
ඇන්ඩෲ: “මං නිතරම වගේ ඉන්ටර්නෙට් එකෙන් නරක පින්තූර බැලුවා. මං බොන්නත් පටන්ගත්තා. මං ආශ්රය කළේ, පාටිවලට ගියේ බයිබලයේ තියෙන මඟ පෙන්වීම් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැති අය එක්කයි.”
ට්රේසි: “බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදියි කියලා මං දැනගෙන හිටියට මං ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මට ඒ වගේ දෙයක් කරන්න ඕන වුණා කියලා නෙමෙයි. හැබැයි මට මගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. කාලයක් යනකම් මං කරන්නේ වරදක් කියලවත් මට හිතුණේ නැහැ.”
● හොයපු නිදහස, සතුට ඔයාට ලැබුණාද?
ඩෙබොරා: “මුලින් නම් සතුටක් දැනුණා. ඒත් ඒක වැඩි කල් තිබුණේ නැහැ. මට මාවම පිළිකුල් වුණා. මං මොනවාද මේ කරගත්තේ කියලා මට හිතුණා. මගේ නිර්මලකම මං නැති කරගත්ත එක ගැන මට දැනුණේ ලොකු දුකක්.”
ඇන්ඩෲ: “වැරදි ආසාවන් ඉටු කරගන්න එක හරිම ලේසි දෙයක්
වුණා. ඒත් මගේ හිත දිගටම මට වධ දුන්නා. මට මං ගැනම කලකිරුණා.”ට්රේසි: “අපි දෙන්නට හරිම සතුටින් ඉන්න පුළුවන් කියලයි මං හිතුවේ. හැබැයි ඒක එහෙම වුණේ නැහැ. අපි අතරේ ගොඩක් ප්රශ්න ඇති වුණා. අපි කියපු කරපු දේවල් නිසා අන්තිමට වුණේ දෙන්නට දෙන්නා රිද්දවගත්ත එකයි. මගේ යෞවන කාලේ දුකෙන් පිරුණා. දෙවිගේ ප්රතිපත්තිවලට එකඟව ජීවත් වුණා නම් මේ වගේ දුක් විඳින්න වෙන්නේ නැහැනේ කියලා හිතලා මං කී දවසක් නම් අඬලා ඇද්ද!”
මයික්: “මට දැනුණේ සතුට මගෙන් ඈත් වෙලා කියලයි. මං කරන දේවල් නිසා අනිත් අයට දැනෙන දුක මං අමතක කරන්න හැදුවට ඒක කරන්න බැරි වුණා. අනිත් අය මං නිසා දුකෙන් ඉන්නවා දැක්කම මට දැනුණේ දරාගන්න බැරි වේදනාවක්.”
● බයිබලයේ තියෙන මඟ පෙන්වීම් නිසා නිදහස සීමා වෙලා කියලා හිතන යෞවනයන්ට ඔයා කියන්න කැමති මොනවාද?
ට්රේසි: “දෙවිගේ මඟ පෙන්වීම් කවදාවත් සුළුවට ගන්න එපා. ඒවා පිළිපදින්න. ඒවා අගය කරන අයව ආශ්රය කරන්න. ඔයාට සතුටින් ඉන්න පුළුවන් එතකොටයි.”
ඩෙබොරා: “ඔයා කරන කියන දේවල් නිසා අනිත් අයටත් ලොකු දුකක් ඇති වෙනවා කියලා මතක තියාගන්න. දෙවිගේ මඟ පෙන්වීම් අමතක කරලා ජීවත් වුණොත් ඔයා ඔයාටම කරගන්නේ ලොකු අනතුරක්.”
ඇන්ඩෲ: “අනිත් ළමයි එයාලට ඕන ඕන දේවල් කරනවා දැක්කම යෞවනයන්ට හිතෙන්නේ ඒක තමයි නියම ජීවිතේ කියලයි. එහෙම හිතලා ඒ වගේ අයව ආශ්රය කරද්දී එයාලා හිතන පතන විදිහට හිතන්න ඔයාත් ඉක්මනින්ම පුරුදු වෙනවා. ඒ නිසයි ආශ්රය කරන අයව හොඳට හිතලා බලලා තෝරගන්න ඕනේ. දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගත්තොත් ඔයාට පසුතැවෙන්න වෙන්නේ නැහැ.”
මයික්: “ආත්මගරුත්වය, නිර්මලකම කියන්නේ කෙනෙක්ට තියෙන වටිනා දේවල්. ඒත් ඔයා ඔයාගේ ආසාවන්ට වහල් වෙලා වැඩ කරද්දී පෙන්නන්නේ ඒ දේවල් ඔයාට පොඩ්ඩක්වත් වටින්නේ නැහැ කියලයි. ඒක කොච්චර මෝඩකමක්ද! ඒ නිසා ඔයා වරදකට වැටෙන්න යනවා කියලා තේරුණොත් දෙමාපියන් එක්ක හරි වැඩිහිටියෙක් එක්ක හරි ඒ ගැන කතා කරන්න. ඔයා අතින් වරදක් වුණොත් හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඒකෙන් ගොඩ එන්න උදව් ඉල්ලන්න. යෙහෝවා දෙවි කියලා තියෙන විදිහට ජීවත් වුණොත් හිතට බරක් නැතුව ඔයාට ඉන්න පුළුවන්.”
ආරක්ෂාවක්ද නැත්නම් කොටු කරනවාද?
දෙවිගේ මඟ පෙන්වීම් නිසා හෙල්ලෙන්න බැරි විදිහට ඔයා කොටු වෙලා වගේ කියලා හිතෙද්දී මේක මතක තියාගන්න. දෙවි මඟ පෙන්වීම් දීලා තියෙන්නේ ඔයාගේ හොඳටයි. ඒවා පිළිපැද්දොත් ඔයාට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒක හරියට වාහනයක ගමනක් යන 1 තිමෝති 1:11) දෙවි කැමති ඔයාත් ජීවිතේ ප්රීතියෙන් ගත කරනවාටයි.—දේශනාකාරයා 11:9.
කොට ආසන පටි දාන එකෙන් ඔයාට ආරක්ෂාවක් ලැබෙනවා වගෙයි. යෙහෝවා දෙවි ‘ප්රීතිමත් දෙවි කෙනෙක්.’ (දෙවිගේ මඟ පෙන්වීම් පිළිපැද්දොත් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. එහෙම කරන එකෙන් ඔයාට යෙහෝවා දෙවිව ගොඩක් සතුටු කරන්න පුළුවන්. ඒ වගේම හුඟක් ආශීර්වාද ලබාගන්නත් පුළුවන්.—යෙසායා 48:17.
දෙවිගේ මිතුරෙක් වෙන්න ඔයාට පුළුවන්. ඒ කොහොමද?
බයිබල් උපදෙස
‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්රයෝජනය සඳහා ඔබට උගන්වන්නේ මමය.’—යෙසායා 48:17.
යෝජනාවක්
දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදින එක ප්රයෝජනවත් කියලා ඔයාගේ නංගිට/මල්ලිට තේරුම් කරලා දෙන්නේ කොහොමද කියලා හිතන්න. ඔයා විශ්වාස කරන දේවල් අනිත් අයට කියලා දෙද්දී ඒවා ඔයාගේ හිතටත් හොඳට කාවදිනවා.
මේක දැනගෙන හිටියාද?
යෙහෝවා දෙවි එක්ක තියෙන මිත්රත්වය එක මොහොතෙන් පලුදු වෙන්න පුළුවන්. හැබැයි ඒ මිත්රත්වය ආපහු ඇති කරගන්න අවුරුදු ගාණක් වුණත් යන්න පුළුවන්.
ඔයාට වැඩක්!
බයිබලයේ තියෙන මඟ පෙන්වීම් කොච්චර ප්රයෝජනවත්ද කියලා තේරුම්ගන්න මං මෙහෙම කරනවා ․․․․․
කිසිම නීතියක් නැතුව තමන්ට කැමති විදිහට ජීවත් වෙන යෞවනයන් වගේ ජීවත් වෙන්න මටත් ආස හිතුණොත් ඒකෙන් ගොඩ එන්න මං මෙහෙම කරනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● දෙවිගේ මඟ පෙන්වීම් අමතක කරලා ජීවත් වෙද්දී වෙන හානිය අද්දැකලම බලන්න ඕනේ නැත්තේ ඇයි?
● ඩෙබොරා, මයික්, ඇන්ඩෲ, ට්රේසි කියපු දේවල්වලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
● දෙවිගේ මඟ පෙන්වීම් නිසා තමන් කොටු වෙනවා කියලා සමහරුන්ට හිතෙන්නේ ඇයි? ඒත් ඒක වැරදි අදහසක් වෙන්නේ ඇයි?
[285වන පිටුවේ වාක්ය කණ්ඩය]
‘‘වරදක් කරලා ඒක හංගන්න හදද්දී දැනෙන වේදනාව වරදකට දඬුවමක් ලැබෙද්දී දැනෙන වේදනාවට වඩා ගොඩක් වැඩියි.’’—ඩෝනා
[288වන පිටුවේ පින්තූර]
බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඔයාව කොටු කරන්නේ නැහැ. ඒවා ඔයාට ආරක්ෂාවක්