Skip to content

පටුනට යන්න

ළමයිගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?

ළමයිගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?

15වෙනි පරිච්ඡේදය

ළමයිගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?

“සිගරට් බොන එක, කුඩු ගහන එක, ලිංගික දේවල් කරන එක ඉස්කෝලේ ළමයි අතරේ සාමාන්‍ය දේවල්. සමහර වෙලාවට අපිවත් ඒවාට ඇදගන්න හදනවා. ඒවා වැරදියි කියලා අපි දන්නවා. ඒත් ඒවා කරන්නේ නැති අයව සලකන්නේ බයගුල්ලෝ හැටියටයි.”—ඊවා.

කවුරුත් කොන් වෙන්න ආස නැහැ. ඉස්කෝලේ ළමයිගෙන් එන පීඩනවලට විරුද්ධ වෙන්න අමාරු ඒ නිසයි. ඔයා බයිබල් ප්‍රතිපත්ති ගැන දන්න කෙනෙක් නම් බොන එක, බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදියි කියලා ඔයා හොඳටම දන්නවා. (ගලාති 5:19-21) ඒත් ඒවා කරන්න කියලා ළමයි ඔයාට බල කරනවා ඇති. එහෙම බල කරන අයත් ඒවා කරන්න පටන්ගන්න ඇත්තේ කොන් වෙන්න ආස නැති නිසයි. එහෙම බලද්දී ඒ යෞවනයන් ජීවත් වෙන්නේ අනිත් අයට ඕන විදිහටයි. ඔයාත් කැමති ඒ ගොඩට වැටෙන්නද? නැත්නම් ඒ බලපෑමට අහු වෙන්නේ නැතුව ඉන්නද?

අතීතයේ දෙවිට සේවය කරපු ආරොන් කියන කෙනා අනිත් අයගෙන් ආපු බලපෑමට අහු වුණා. එක අවස්ථාවක ඊශ්‍රායෙල් සෙනඟ ඒගොල්ලන්ට දෙවි කෙනෙක්ව හදලා දෙන්න කියලා එයාට බල කළාම එයා ඒක කළා. (නික්මයාම 32:1-4) හැබැයි ආරොන් කියන්නේ බයගුල්ලෙක් නෙමෙයි. එයා ඒ කාලේ තිබුණු බලවත්ම අධිරාජ්‍යයේ රජු ළඟට ගිහින් දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කරපු කෙනෙක්. (නික්මයාම 7:1, 2, 16) එච්චර නිර්භීතකමක් තිබුණු ආරොන්ට ඊශ්‍රායෙල් සෙනඟගෙන් ආපු පීඩනයට විරුද්ධ වෙන්න බැරුව ගියා.

ඉස්කෝලේ ළමයි වැරදි දෙයක් කරන්න බල කරද්දී ඔයාටත් ඒ පීඩනයට විරුද්ධ වෙන්න අමාරුද? එහෙමනම් ළමයිගෙන් එන පීඩනවලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා දැනගන්න ඔයා කැමති ඇති. ඒක කරන්න උදව් වෙන පියවර හතරක් දැන් බලමු.

1. අඳුනගන්න. (හිතෝපදේශ 22:3) හුඟක් වෙලාවට අනිත් අයගෙන් පීඩනයක් එන්න කලින් ඒක අඳුනගන්න පුළුවන්. හිතන්න, පන්තියේ කට්ටියක් සිගරට් බිබී ඉන්නවා කියලා. සමහරවිට සිගරට් එකක් බොන්න කියලා ඒගොල්ලෝ ඔයාටත් බල කරයි. ඒ පීඩනය කලින්ම අඳුනගත්තොත් ඒක මඟහරින්න විදිහක් හරි ඒකට මුහුණ දෙන්න ක්‍රමයක් හරි ඔයාට හිතන්න පුළුවන්.

2. හිතන්න. (හෙබ්‍රෙව් 5:14) එන්න පුළුවන් පීඩනයක් අඳුනගත්තට පස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං මේ දේ කළොත් ඊටපස්සේ මට කොහොම හැඟෙයිද? මේ දේ කරලා ඉස්කෝලේ අයගේ හිත දිනාගන්න පුළුවන් වුණාට ගෙදර අයට මං මුහුණ දෙන්නේ කොහොමද? රැස්වීම්වලට ගියාම මගේ හිත වධ දෙයිද? යාළුවන්ව සතුටු කරන්න ඕනේ නිසා දෙවිගේ හිතට දුකක් දෙන එක හරිද?’

3. තීරණය. (ද්විතීය කතාව 30:19) දෙවිගේ සේවකයන්ට ජීවිතේ වැදගත් තීරණයක් ගන්න තියෙනවා. ඒ තමයි දෙවිට විශ්වාසවන්තව ඉඳලා ආශීර්වාද ලබාගන්නවාද නැත්නම් දෙවිට අවිශ්වාසවන්ත වෙලා ජීවිතේට දුක එකතු කරගන්නවාද කියලා. අතීතයේ හිටපු යෝසෙප්, යෝබ්, යේසුස් වගේ අය දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න තීරණය කළා. ඒත් කායින්, ඒසව්, යූදස් වගේ අය තෝරගත්තේ දෙවිට අවිශ්වාසවන්ත වෙන්නයි. වැරදි දෙයක් කරන්න පීඩනයක් එද්දී ඔයා ගන්නේ මොන තීරණයද?

4. ක්‍රියාව. ඔයාට හිතෙයි මේක තමයි අමාරුම පියවර කියලා. ඒත් පීඩනයට අහු වුණොත් මුහුණ දෙන්න වෙන දේවල් ගැන හිතලා ඒක කරන්නේ නැතුව ඉන්න ස්ථිර තීරණයක් අරන් ඉන්නවා නම් ඔයාගේ තීරණය එයාලට කියන එක අමාරු නැහැ. එහෙම කළාට පස්සේ ඔයාට ලොකු සතුටකුත් දැනෙයි. (හිතෝපදේශ 15:23) ළමයි ඔයාට බලපෑම් කරද්දී එයාලට බයිබල් දේශනයක් දෙන්න ඕනේ නැහැ. පැහැදිලිව, ස්ථිරව ඔයාගේ අකමැත්ත කියන්න. ඔයාට මෙහෙම කියන්නත් පුළුවන්.

“මං එන්නේ නැහැ.”

“මං ඔය වගේ දේවල්වලට කැමති නැහැ.”

“ඔයා දන්නවානේ මං ඕවට නැහැ කියලා.”

අනිත් අයගෙන් ලොකු පීඩනයක් එන කොට කරන්න පුළුවන් හොඳම දේ ඔයාගේ තීරණය පැහැදිලිව, ස්ථිරව එයාලට කියන එක කියලා ඒකෙන් තේරෙනවා. එහෙම කරද්දී ඔයාට එන පීඩනය අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඔයා මහා බයගුල්ලෙක් කියලා විහිළු කරන්න පටන්ගත්තොත් ඔයාට මොනවාද කරන්න පුළුවන්? ඒ වගේ විහිළු කරන්නෙත් ඔයාට ලොකු පීඩනයක් දීලා ඒ දේ කරන්න ඔයාව කැමති කරවගන්නයි. එහෙම වෙලාවක කරන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා.

අපහාසය භාරගන්න. (“ඔයා හරි මං භයයි තමයි.” ඊටපස්සේ ඒකට හේතුව කෙටියෙන් කියන්න.)

ඔයාගේ තීරණය වෙනස් කරන්නේ නැහැ කියලා පෙන්නන්න පීඩනය වෙන පැත්තකට හරවන්න. ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති විදිහට කරන්න.

ඔයාට දීපු පීඩනය එයාලට ආපහු දෙන්න. ඔයාගේ තීරණයට හේතුව කියලා එයාලා කරන දේ මොන තරම් මෝඩද කියලා පෙන්නන්න. (“මොළේ තියෙන කෙනෙක් හැටියට ඔයා මේ වගේ දෙයක් කරයි කියලා මං කීයටවත් හිතුවේ නැහැ.”)

ඒත් ඒගොල්ලෝ දිගටම ඔයාට විහිළු කරනවා නම් එතැනින් අයින් වෙලා යන්න. ඔයා එතැන ඉන්න ඉන්න ඔයාට එන පීඩනයත් වැඩි වෙනවා. එතැනින් අයින් වෙලා ගියත් ඔයා පැරදුණේ නැහැ කියලා මතක තියාගන්න. මොකද ඒගොල්ලන්ට කැමති විදිහට ඔයාව පාලනය කරන්න ඔයා ඉඩ දුන්නේ නැහැ.

සමහරවිට ඒගොල්ලෝ කියයි ඔයා ඒගොල්ලෝ කියන දේවල් කරන්නේ නැත්තේ ඔයා ඒවාට අකමැති නිසාම නෙමෙයි, ඒවා කරන්න එපා කියලා අනිත් අය ඔයාට උගන්වලා තියෙන නිසයි කියලා. හැබැයි ඔයා ඒවා කරන්නේ නැත්තේ ඒවා වැරදියි කියලා ඔයා දන්න නිසයි. යෙහෝවා දෙවිත් කැමති හරි වැරැද්ද මොකද්ද කියලා ඔයාම තේරුම් අරගෙන ඒ විදිහට ජීවත් වෙනවාටයි. (රෝම 12:2) ඒ නිසා හරි දේ කරන්න භය වෙන්න එපා. රූකඩයක් වගේ ඔයාව නටවන්න ඉස්කෝලේ ළමයිට ඉඩ දෙන්න එපා.—රෝම 6:16.

ඔයාගෙම වයසේ අයගෙන් එන පීඩනයෙන් ඔයාට සම්පූර්ණයෙන්ම බේරෙන්න බැරි වුණත් එයාලගේ පදේට ඔයා නටන්න ඕනේ නැහැ. ඔයාගේ තීරණය එයාලට පැහැදිලිව කියන්න. එයාලගේ පීඩනයට අහු වෙනවාද ඒකෙන් බේරෙනවාද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ.—යොෂුවා 24:15.

තවත් දැනගන්න 1වෙනි පොතේ 9වෙනි පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

ඔයා ගෙදරට හොරෙන් වැරදි කරනවාද? ඒවා දෙමාපියන්ට කියන එක ඔයාට හොඳක් වෙන්නේ කොහොමද?

බයිබල් උපදෙස

“ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝපදේශ 13:20.

යෝජනාවක්

මෑත කාලවලදී පීඩා කරදර මැද්දේ දෙවිට විශ්වාසවන්තව හිටපු අයගේ අද්දැකීම් කියවන එක ඔයාගේ නිර්භීතකම තවත් වැඩි කරගන්න උදව් වෙයි.

මේක දැනගෙන හිටියාද?

ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුද්දක් විතර යන කොට පන්තියේ ළමයිගෙන් ඔයාව ආශ්‍රය කරන්නේ අතළොස්සක් විතරයි. හුඟදෙනෙක්ට ඔයාගේ නමවත් මතක හිටින්නේ නැහැ. ඒත් ඔයාගේ පවුලේ අයට විශේෂයෙන්ම යෙහෝවා දෙවිට ඔයාව කවදාවත් අමතක වෙන්නේ නැහැ.—ගීතාවලිය 37:23-25.

ඔයාට වැඩක්!

ඉස්කොලේ ළමයිගෙන් එන පීඩනයට අහු වෙන්නේ නැතුව ඉන්න මං මෙහෙම කරනවා ․․․․․

ඉස්කොලේ ළමයි වැරදි දෙයකට මාව ඇදගන්න හැදුවොත් මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● මේ පරිච්ඡේදයේ අපි බලපු පියවර හතර ඔයාට උදව් වෙන්නේ කොයි වගේ අවස්ථාවලදීද?

● ඉස්කෝලේ ළමයිගේ පීඩනයට ඔයා අහු වුණොත් ඔයාට මොන වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද?

● ළමයිගෙන් එන පීඩනයට අහු වෙන්නේ නැතුව ඉන්න ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද?

[131වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘අපේ පන්තියේ ගොඩක් අය දන්නවා මං සාක්ෂිකාරයෙක් කියලා. ඒ නිසා එයාලා මොනවා හරි නරක දෙයක් ගැන කතා කරන්න ලෑස්ති වෙද්දී, ‘මයික් අපි දැන් කතා කරන්න යන සබ්ජෙක්ට් එකට ඔයා කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා කැමති නම් මෙතනින් යන්න’ කියලා මට කියනවා.’’—මයික්

[132, 133වන පිටුවේ වගුව]

ඔබේ සටහන්

මිත්‍රයන්ගෙන් පීඩනයක් එන විට

සාම්පලයක්

1 අඳුනගන්න

එන්න පුළුවන් බලපෑම: සිගරට් බොන එක.

හුඟක් වෙලාවට ඒ බලපෑම එන්න පුළුවන් කොහේදීද? ඉස්කෝලෙදී.

2 හිතන්න

මං මේ බලපෑමට අහු වුණොත්

යෙහෝවා දෙවියි දෙමාපියනුයි ගොඩක් දුක් වෙයි. මගේ හිත මට වධ දෙයි. ආයෙත් බලපෑමක් ආවොත් ‘බැහැ’ කියන්න මට අමාරු වෙයි.

මං මේ බලපෑමට අහු වෙන්නේ නැතුව හිටියොත්

මට විහිළු කරයි. සමහරු මාව ආශ්‍රය කරන එක නතර කරයි. ඒත් දෙවි මං ගැන සතුටු වෙයි. ආයෙත් නැතුව ඉන්න පුළුවන් වෙයි.

3 තීරණය

මං මේ බලපෑමට අහු වෙන්නේ

ඒකට මුහුණ දෙන්න මං හරියට ලෑස්ති වෙලා හිටියේ නැත්නම්. දෙවිව සතුටු කරනවට වඩා යාළුවන්ව සතුටු කරන්න හැදුවොත්.

මං මේ තීරණය ගත්තේ

සිගරට් බොන එකට යෙහෝවා දෙවි කැමති නැහැ කියලත් ඒකෙන් මගේ සෞඛ්‍යයට හානියක් වෙනවා කියලත් දන්න නිසයි.

4 ක්‍රියාව

මං කරන්නේ

එපා කියලා එතැනින් යන එක.

විහිළු කරන කොට

මෙහෙම කිව්වොත්: “අපෝ, සිගරට් එකක්වත් බොන්නේ නැද්ද? මොකෝ භයද?”

එතකොට මට මෙහෙම කරන්න පුළුවන්

භාරගන්න

“ඔව්, මං භයයි තමයි. සිගරට් බිව්වම පෙණහලුවල පිළිකා හැදෙනවනේ.”

හරවන්න

“සිගරට් එක මට දුන්නට කිසි වැඩක් නැහැ. ඔයාම තියාගන්න.”

ආපහු දෙන්න

“මොළේ තියෙන කෙනෙක් හැටියට ඔයා මේ වගේ දෙයක් කරයි කියලා මං හිතුවේ නැහැ.”

මතක තියාගන්න: දිගටම ඔයාට බලපෑම් කළොත් එතැනින් ඉක්මනින් අයින් වෙලා යන්න. එතැන ඉන්න ඉන්න එයාලගේ පදේට ඔයා නටන්න තියෙන ඉඩකඩ වැඩියි. දැන් ඊළඟ පිටුව පුරවන්න.

මිත්‍රයන්ගෙන් පීඩනයක් එන විට

පිටපත් කරන්න

1 අඳුනගන්න

එන්න පුළුවන් බලපෑම: ․․․․․

හුඟක් වෙලාවට ඒ බලපෑම එන්න පුළුවන් කොහේදීද? ․․․․․

2 හිතන්න

මං මේ බලපෑමට අහු වුණොත්

․․․․․

මං මේ බලපෑමට අහු වෙන්නේ නැතුව හිටියොත්

․․․․․

3 තීරණය

මං මේ බලපෑමට අහු වෙන්නේ

․․․․․

මං මේ තීරණය ගත්තේ

․․․․․

4 ක්‍රියාව

․․․․․

මං කරන්නේ

․․․․․

විහිළු කරන කොට

මෙහෙම කිව්වොත්: ․․․․․

එතකොට මට මෙහෙම කරන්න පුළුවන්

භාරගන්න

․․․․․

හරවන්න

․․․․․

ආපහු දෙන්න

․․․․․

ඔයා ලියපු දේවල් දෙමාපියන් එක්ක හරි වැඩිහිටියෙක් එක්ක හරි පෙරහුරු කරන්න.

[135වන පිටුවේ පින්තූරය]

අනිත් අයගේ පීඩනයට අහු වුණොත් ඔයා හරියට රූකඩයක් වගේ