Skip to content

පටුනට යන්න

අසභ්‍ය පින්තූර බලන එක වැරදි ඇයි?

අසභ්‍ය පින්තූර බලන එක වැරදි ඇයි?

33වෙනි පරිච්ඡේදය

අසභ්‍ය පින්තූර බලන එක වැරදි ඇයි?

අසභ්‍ය පින්තූර ඔයාට අහම්බෙන් හරි බැලෙනවාද?

□ කවදාවත් නැහැ

□ ඉඳලා හිටලා

□ නිතරම

කාමුක දර්ශන අහම්බෙන් දකින්න ඉඩකඩ වැඩි කොහේදීද?

□ ඉන්ටර්නෙට් ගියාම

□ ඉස්කෝලේදී

□ TV එකෙන්

□ වෙන විදිහකින්

අහම්බෙන් ඒ වගේ පින්තූරයක් දැක්කොත් ඔයා මොකද කරන්නේ?

□ ඉක්මනින්ම අහක බලාගන්නවා

□ තව පොඩ්ඩක් ඒක දිහා හොඳට බලනවා

□ හොඳට බලලා තව ඒ වගේ පින්තූර හොයනවා

ඉස්සර කාලේ වගේ නෙමෙයි, අද කාලේ අසභ්‍ය පින්තූර හරිම ලේසියෙන් බලන්න පුළුවන්. එක යෞවනියක් කියන මේ දේ බලන්න. “මං ඉන්ටර්නෙට් එකේ මොකක් හරි වැඩක් කරකර ඉද්දී එකපාරටම නරක පින්තූර මගේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා.” ඒ වගේ දේවල් කලාතුරකින් වෙන ඒවා නෙමෙයි. එක සමීක්ෂණයකිනුත් හෙළි වෙලා තියෙන්නේ වයස අවුරුදු 8ත් 16ත් අතර ළමයිගෙන් 90% අසභ්‍ය පින්තූර දැකලා තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ එයාලගේ ඉස්කෝලේ වැඩ කරකර ඉන්න කොට කියලයි.

අසභ්‍ය පින්තූර අද හරිම ජනප්‍රිය නිසා සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒවා බලන එක එච්චර ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි එහෙම හිතන එක වැරදියි. ඒවා බලන අයගේ මනස් විකෘති වෙනවා. කාලයක් යන කොට එයාලා හිතන්නේ හරිම පහත් විදිහටයි. ඒ වගේ පින්තූරවල ඉන්න අය ගැනත් කාටවත් කිසිම ගෞරවනීය හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ වගේ පින්තූර බලන කෙනෙක් අනාචාරය වගේ බරපතළ වරදක් වුණත් කරන්න පෙලඹෙන්න පුළුවන්.

අසභ්‍ය පින්තූර බලපු කෙනෙක්ට දවසෙන් දෙකෙන් ඒවා අමතක කරලා දාන්න බැහැ. කාලයක් පුරා ඒ දේවල් එයාගේ මනසේ තියෙනවා. ජෙෆ්ගේ අද්දැකීම බලන්න. කාමුක දර්ශන බලන එක නතර කරලා අවුරුදු 14ක් ගිහින් තිබුණත් ජෙෆ් මෙහෙම කියනවා. “ඒ ආසාව ඉස්සර වගේ තදේට දැන් නැති වුණාට ඒක නැත්තටම නැති වෙලා නැහැ. ඒ නිසා නරක පින්තූර බලන්නේ නැතුව ඉන්න හැම දවසකම මං ලොකු උත්සාහයක් ගන්න ඕනේ. මං බලපු සමහර පින්තූර තාම මගේ මනසේ තියෙනවා. ඒ වගේ පහත් පුරුද්දකට වැටුණු එක ගැන අද මං ගොඩක් දුක් වෙනවා. මුලින් නම් මට ඒක එච්චර නරක දෙයක් කියලා හිතුණේ නැහැ. ඒත් දැන් මං දන්නවා ඒකෙන් මොන තරම් හානියක් වෙනවාද කියලා. ඒවා හදන අය මොනවා කිව්වත් ඒවා බලන එකෙන් කිසිම හොඳක් නම් වෙන්නේ නැහැ.”

කල්පනාකාරී වෙන්න!

අහම්බෙන් හරි අසභ්‍ය පින්තූර දකින්න පුළුවන් අවස්ථාවන් මඟහරින්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? මුලින්ම ඒ වගේ අවස්ථාවන් මොනවාද කියලා ඔයා අඳුනගන්න ඕනේ. මේ පැති ගැන හිතන්න.

ඊ-මේල්වලින් හරි ෆෝන් එකෙන් හරි ඔයාට අසභ්‍ය පින්තූර එවයි කියලා හිතන්න පුළුවන් ළමයි ඉන්නවාද? ඒ වගේ අයගෙන් එන ඊ-මේල් ෆෝන් එකට එන පණිවිඩ බලන්නේ නැතුව කෙළින්ම ඩිලිට් කරලා දාන්න.

ඔයා ඉන්ටර්නෙට් ගිහින් මොකක් හරි වචනයක් ටයිප් කරලා තොරතුරු හොයද්දී නරක වෙබ් සයිට්වලට යන්න පුළුවන් එක එක පණිවිඩ ඔයාගේ කොම්පියුටර් ස්ක්‍රීන් එකේ පෙන්නනවාද? එහෙමනම් මොනවා හරි දෙයක් ගැන තොරතුරු හොයන්න ඔයා ටයිප් කරන වචන ගැන සැලකිලිමත් වෙන්න.

වෙන මොන වගේ අවස්ථාවලදීද අසභ්‍ය පින්තූර ඔයා අහම්බෙන් දැකලා තියෙන්නේ?

․․․․․

අහම්බෙන් හරි අසභ්‍ය පින්තූර බැලෙන එක මඟහරින්න ඔයාට කරන්න පුළුවන් තවත් දේවල් මොනවාද?

․․․․․

දැනටමත් ඇබ්බැහි වෙලා නම් . . .

කෙනෙක් හිතාමතාම අසභ්‍ය පින්තූර හොයහොයා බලනවා නම් ඒක සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒ වගේ පුරුද්දකට වැටුණම ඒකෙන් ගොඩ එන්න ලේසි නැහැ. ඒක තේරුම්ගන්න මේ උදාහරණය ගැන ටිකක් හිතන්න. ඔයාගේ අත් දෙක නූල්පොටකින් බැන්දොත් ඒක හරි ලේසියෙන් ඔයාට කඩාගන්න පුළුවන්. හැබැයි නූල්පොට කීපයකින් ඔයාගේ අත් දෙක බැන්දොත් ඒක එච්චර ලේසියෙන් කඩාගන්න බැහැ. ඒ වගේ තමයි අසභ්‍ය පින්තූර බලන එකත්. ඒවා බලන්න බලන්න ඒ පුරුද්ද අත්හරින එක තවත් අමාරු වෙනවා. ඔයාත් අසභ්‍ය පින්තූර බලන්න ඇබ්බැහි වෙලා නම් ඒ පුරුද්ද අත්හරින්න ඔයාට මොනවාද කරන්න පුළුවන්?

අසභ්‍ය පින්තූර බලන එකෙන් වෙන්නේ මොනවාද කියලා මතක තියාගන්න. කාමුක දර්ශන බලද්දී ලිංගික දේවල් ගැන මනසේ ඇති වෙන්නේ විකෘති අදහස්. ඒක සාතන්ගේ උපායක්. සාතන්ට ඕනේ යෙහෝවා දෙවි ගෞරවනීයව සලකන්න කියලා තියෙන දෙයක් මිනිසුන් පහත් දෙයක් විදිහට සලකනවා දකින්නයි. අසභ්‍ය පින්තූර බලන එකෙන් සාතන්ගේ ඒ අරමුණ ඉටු වෙනවා කියලා මතක තියාගත්තොත් “නපුරට ද්වේෂ කරන්න” ඔයාට පුළුවන්.—ගීතාවලිය 97:10.

වෙන්න පුළුවන් හානිය ගැන හිතන්න. අසභ්‍ය පින්තූර බලන එකෙන් විවාහ ජීවිත කඩාකප්පල් වෙනවා. ඒවා බලන අයගේ මනස් පිරිහෙනවා. ඒවාවල ඉන්න අය ගැන ඇති වෙන්නෙත් හරිම පහත් හැඟීමක්. ඒ නිසා ඒ වගේ පින්තූර කොහොමටවත් බලන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම දේ. බයිබලයේ කියන්නෙත්, “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති” කියලයි. (හිතෝපදේශ 22:3) අසභ්‍ය පින්තූර නිතරම වගේ බලන්න ඔයා පුරුදු වුණොත් ඒකෙන් ඔයාට මොන වගේ අනතුරක් වෙන්න පුළුවන්ද?

․․․․․

අධිෂ්ඨාන කරගන්න. අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වැරදි අදහසකින් තරුණියක් දිහා බලන්නේ නැතුව ඉන්න අධිෂ්ඨාන කරගත්තා. එයා මෙහෙම කිව්වා. “මාගේ දෑස් සමඟ මම ගිවිසුමක් ඇති කළෙමි.” (යෝබ් 31:1) ඒ වගේ ඔයාත් අසභ්‍ය පින්තූර බලන්නේ නැතුව ඉන්න අදිටන් කරගන්න. උදාහරණයකට ඔයාට මේ විදිහේ අධිෂ්ඨාන ගන්න පුළුවන්.

මං තනියෙන් ඉන්න වෙලාවලදී ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නේ නැහැ.

ඉන්ටර්නෙට් එකේ මොනවා හරි වැඩක් කරකර ඉද්දී නරක පින්තූරයක් ආවොත් මං ඒක ඉක්මනින් වහලා දානවා.

මං ආයෙත් සැරයක් නරක පින්තූර බැලුවොත් ඒ ගැන වැඩිහිටි කෙනෙක්ට කියනවා.

අසභ්‍ය පින්තූර බලන්නේ නැතුව ඉන්න ඔයාට උදව් වෙන තව අධිෂ්ඨාන කීපයක් ලියන්න.

․․․․․

යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්න. දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් දෙවිට මේ විදිහට කන්නලව් කළා. “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.” (ගීතාවලිය 119:37) ඒ වගේ ඔයාත් මේ නරක පුරුද්දෙන් ගොඩ එන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. ඔයා හරි දේ කරනවා දකින්න දෙවි කැමති නිසා දෙවි අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.—ෆිලිප්පි 4:13.

කාට හරි කියන්න. විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඔයාට තියෙන ප්‍රශ්නේ ගැන කතා කරන්න. (හිතෝපදේශ 17:17) මේ නරක පුරුද්දෙන් ගොඩ එන්න ඒක ඔයාට ගොඩක් උදව් වෙයි. ඔයාගේ ප්‍රශ්නේ ගැන ඔයාට භය නැතුව ගිහින් කතා කරන්න පුළුවන් වැඩිහිටි කෙනෙක්ගේ නම ලියන්න.

․․․․․

අසභ්‍ය පින්තූර බලන්න ඔයා ඇබ්බැහි වෙලා නම් ඔයාට ඒ පුරුද්දෙන් ගොඩ එන්න බැහැ කියලා හිතන්න එපා. ඔයාට ඒකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ වගේ පින්තූර බලන්න ඔයාට ආසාවක් ඇති වෙද්දී ඔයා ඒ ආසාව පාලනය කරගන්නවා කියන්නේ ඔයා ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියන එකයි. ඒ විදිහට ඔයා ජය ගන්න හැම වෙලාවකදීම යෙහෝවා දෙවිට ඒ ගැන කියන්න. ඒක කරන්න දෙවි ඔයාට ශක්තිය දුන්නට දෙවිට ස්තුති කරන්න. අසභ්‍ය පින්තූර දිහා බලන්නේ නැතුව ඉන්න ඔයා තීරණය කරන හැම වෙලාවකදීම ඔයා යෙහෝවා දෙවිගේ හිත ගොඩක් සතුටු කරනවා කියලා මතක තියාගන්න.—හිතෝපදේශ 27:11.

බයිබල් උපදෙස

“වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.”—කොලොස්සි 3:5.

යෝජනාවක්

අසභ්‍ය පින්තූර තියෙන වෙබ් සයිට් බලන්න බැරි වෙන විදිහට ඔයාගේ කොම්පියුටර් එක සෙට් කරන්න. දන්නේ නැති කෙනෙක් එවලා තියෙන ඊ-මේල් එකක වෙබ් සයිට් ඇඩ්ඩ්‍රස් එකක් තියෙනවා නම් ඒකට යන්න එපා.

මේක දැනගෙන හිටියාද?

අසභ්‍ය පින්තූර බලන්න තියෙන ආසාව නෝවාගේ කාලේ හිටපු දුෂ්ට දේවදූතයන්ට තිබුණු පහත් ලිංගික ආසාවට සමාන කරන්න පුළුවන්.—උත්පත්ති 6:2.

ඔයාට වැඩක්!

අහම්බෙන් හරි අසභ්‍ය පින්තූර බැලෙන්න තියෙන ඉඩකඩ මඟහරින්න මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● අසභ්‍ය පින්තූර බලන එකෙන් ලිංගික කාරණා ගැන තියෙන්න ඕන ගෞරවනීය හැඟීම නැති වෙලා යන්නේ කොහොමද?

● ඔයාගේ සහෝදරයෙක් හරි සහෝදරියක් හරි අසභ්‍ය පින්තූර බලනවා නම් ඒකෙන් ගොඩ එන්න ඔයා එයාට උදව් කරන්නේ කොහොමද?

[278වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මං හැම කුඩු වර්ගයක්ම වගේ ගහලා තියෙනවා. ඒත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ ඒ හැම දෙයක්ම අත්හරින්න මට පුළුවන් වුණා. හැබැයි නරක පින්තූර බලන පුරුද්ද අත්හරින එක තමයි මට අමාරුම වුණේ. යෙහෝවා දෙවිගේ උපකාරය නැතුව නම් මට කවදාවත් ඒකෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ නැහැ.’’—ජෙෆ්

[276වන පිටුවේ පින්තූරය]

අසභ්‍ය පින්තූර බලන්න බලන්න ඒක අත්හරින එක තව තවත් අමාරුයි