Skip to content

පටුනට යන්න

2වන කොටස

සැබෑ විශ්වාසය කියන්නේ මොකක්ද?

සැබෑ විශ්වාසය කියන්නේ මොකක්ද?

වටිනාකමක් තියෙන්නේ සැබෑ විශ්වාසයට

දෙවියන්ව සැබවින්ම විශ්වාස කරනවා කියන්නේ දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරන එක විතරක් නෙවෙයි. බොහෝ අය දෙවියන්ව විශ්වාස කළත් හුඟක් දුෂ්ට වැඩ කරනවා. ඒ වගේ විශ්වාසයක් හොර නෝට්ටුවක් වගෙයි. ඇත්ත වගේ පෙනුණත් කිසි වටිනාකමක් නැහැ. එහෙමනම් සැබෑ විශ්වාසය කියන්නේ මොකක්ද?

සැබෑ විශ්වාසය තියෙන කෙනෙකුගේ විශ්වාසය පදනම් වෙන්නේ බයිබලයෙන් ලබාගන්නා නිවැරදි දැනුම මතයි. එහි දෙවියන් ගැන ඇත්ත තොරතුරු තියෙන නිසා ඔහුව හොඳින් හඳුනාගන්න පුළුවන්. දෙවියන්ගේ නීති, පොරොන්දු, ඉගැන්වීම් එහි සඳහන් වෙනවා. ඉගැන්වීම් කිහිපයක්:

  • සැබෑ දෙවියන්ට සමාන කිසි කෙනෙක් නැහැ.

  • යේසුස් සියලු බලසම්පන්න දෙවියන් නෙවෙයි. ඔහු දෙවියන්ගේ අනාගතවක්තෘ කෙනෙක්.

  • රූපවලට වඳිනවාට දෙවියන් කොහෙත්ම කැමති නැහැ.

  • අනාගතයේදී මිනිස්සු හැමෝම දෙවියන්ගේ විනිශ්චය දවසට මුහුණ දෙනවා.

  • අනාගතයේදී දෙවියන් ලස්සන උයනක ජීවත් වෙන්න මැරුණු අයව නැවත නැඟිටුවනවා.

සැබෑ විශ්වාසය තියෙන කෙනෙක් යහපත් ක්‍රියාවලට පෙලඹෙයි. යහපත් ක්‍රියාවලින් දෙවියන්ව ගෞරවයට පත් වෙනවා. ඒවගේම ඒ ක්‍රියාව කරන කෙනාටත් අනික් අයටත් ඉන් ප්‍රයෝජන ලැබෙනවා. යහපත් ක්‍රියා:

  • දෙවියන්ට නමස්කාර කිරීම.

  • ප්‍රේමය ඇතුළු දෙවියන් සතු ලක්ෂණ වැඩි කරගැනීම.

  • නරක සිතුවිලි සහ ආශාවන් ඉවත් කිරීම.

  • ප්‍රශ්න ගැටලු මැද දෙවියන්ට විශ්වාසවන්තව සිටීම.

  • දෙවියන් ගැන අනික් අයට කියා දීම.

සැබෑ විශ්වාසය යහපත් ක්‍රියාවලට පොලඹවනවා

සැබෑ විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන් කොහොමද?

සැබෑ විශ්වාසය වර්ධනය කරගන්න ඕනේ

දෙවියන්ගෙන් උපකාර ඉල්ලන්න. මෝසෙස් දෙවියන්ගෙන් මෙහෙම උපකාර ඉල්ලුවා. “ඔබේ මාර්ග මට කියා දෙන්න. එවිට ඔබව හොඳින් දැන හඳුනාගෙන හැමදාමත් ඔබට ප්‍රසන්න කෙනෙක් ලෙස ජීවත් වීමට මට හැකි වෙයි.” a විශ්වාසය වැඩි කරගන්න දෙවියන් ඔහුට උපකාර කළා වගේ අපිටත් උපකාර කරයි.

බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන්න. මෝසෙස් ලියපු පොත්, දාවිත් ලියපු පොත වගේම යේසුස්ගේ ජීවිත කතාව ඇතුළත් පොත්ද බයිබලයේ තියෙනවා. මෙතෙක් වැඩි භාෂා ගණනාවකින් බෙදාහැර තිබෙන පොත එයයි. ඔබත් එය කියවන්න කැමතිද?

ඉගෙනගන්න දේ ක්‍රියාවෙන් පෙන්වන්න. ව්‍යායාම කරන තරමට මාංස පේශි වර්ධනය වෙනවා. ඒ වගේ හැම කාරණයකදීම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා නම් දෙවියන් ගැන තියෙන විශ්වාසයත් වැඩි වෙනවා. බයිබලයේ තියෙන උපදෙස් පිළිපැදීමෙන් බොහෝ අය ප්‍රයෝජන ලබා තියෙනවා. ඒ ගැන අද්දැකීම් කිහිපයක් බලමු.