Skip to content

පටුනට යන්න

තවත් දැනගැනීමට

තවත් දැනගැනීමට

බුද්ධික, ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ නමැති පොත සංඛට හා අනූපමාට පෙන්නුවා.

සංඛ හා අනූපමා පොත දිගහැර පටුන දෙස බැලූ විට කාලයක් පුරා පිළිතුරු සොයමින් සිටි ප්‍රශ්න බොහොමයක් එහි සඳහන්ව තිබෙන බව ඔවුන් දුටුවා. ඉන්පසු බුද්ධික ඒ පොතේ කැපීපෙනෙන අංගයන් කිහිපයක් ගැන පැහැදිලි කරමින් මෙසේ පැවසුවා.

“හැම පරිච්ඡේදයක්ම අවසන් වන්නේ ඒ පරිච්ඡේදයේ කතා කළ විෂයේ සාරාංශයක් සඳහන් පිටු දෙකකින්. ඒ වගේම පොතේ ඇති පින්තූර තුළිනුත් සාකච්ඡා කරන විෂය ගැන යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පොත ලියලා තියෙන්නේ හැම කෙනෙකුටම තේරුම්ගැනීමට පහසු ඉතාමත් සරල විදිහටයි.”

සංඛට හා අනූපමාට එම පොත කියවීමට මහත් ආශාවක් ඇති වුණා. ඒ වගේම බුද්ධික පැවසූ සියල්ල ගැන ඉගෙනගැනීමට හා ඒවා සැබෑවටම ඉටු වෙයිද කියා සොයා බැලීමට ඔවුන්ට ආශාවක් ඇති වුණා. තමන්ට සතුට හා සැනසුම සොයාගත හැකි මාර්ගය පෙන්වා දෙන්න බුද්ධික හා පූර්ණිමා ගන්නා උත්සාහය ගැන සංඛ හා අනූපමා බොහෝ සෙයින් ස්තුතිවන්ත වුණා.