Skip to content

පටුනට යන්න

4වන කොටස

සාතන්ට සවන් දීමෙන් සිදු වුණේ කුමක්ද?

සාතන්ට සවන් දීමෙන් සිදු වුණේ කුමක්ද?

ආදම් සහ ඒව මැරුණේ දෙවිට අකීකරු වුණ නිසයි. උත්පත්ති 3:6, 23

ඒව, සර්පයා පැවසූ දේ අසා ඒ ගහේ ගෙඩි කෑවා. ඇය ආදම්ටත් එයින් කන්න දුන්නා.

ඔවුන් කළේ වැරදි ක්‍රියාවක්. එය පාපයක්. ඒ නිසා දෙවි ඔවුන්ට ඒදන් උයනින් යන්න කිව්වා.

ඉන්පසු ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් උරුම වුණේ කටුක ජීවිතයක්. ඔවුන් වයසට ගොස් මිය ගියා. ඔවුන් දෙවිට සමාන වුණේ නැහැ. ඔවුන්ගේ ජීවිතය එතැනින් කෙළවර වුණා.

මැරුණු අයට මුකුත් කරන්න බැහැ. ඔවුන් දූවිලි වගෙයි. උත්පත්ති 3:19

අප ආදම් සහ ඒවගෙන් පැවතෙන නිසා මරණය අපටත් උරුම වෙලා. මිය ගිය කෙනෙකුට කිසිවක් පෙනෙන්නෙවත් ඇසෙන්නෙවත් නැහැ. ඔහුට කිසිවක් කරන්නවත් බැහැ.—දේශනාකාරයා 9:5, 10.

මිනිසුන් මිය යෑම යෙහෝවා දෙවිගේ අරමුණ වුණේ නැහැ. ළඟදීම ඔහු මිය ගිය අයව නැවත ජීවත් කරවනවා. ඒ අය ඔහුට සවන් දුන්නොත් ඔවුන් සදහටම ජීවත් වේවි.