Skip to content

පටුනට යන්න

10වන කොටස

දෙවිට සවන් දෙන අයට ලැබෙන්නේ කිනම් ආශීර්වාදද?

දෙවිට සවන් දෙන අයට ලැබෙන්නේ කිනම් ආශීර්වාදද?

මිය ගිය ගොඩක් අය නැවත නැඟිට මේ පොළොවේ ජීවත් වෙනවා. ක්‍රියා 24:15

ඔබ දැන් යෙහෝවා දෙවිට සවන් දුන්නොත් අනාගතයේදී ඔබට ලැබෙන ආශීර්වාද ගැන ටිකක් සිතා බලන්න. ඒ කාලයේදී කිසි කෙනෙක් අසනීප වෙන්නේ නැති නිසා ඔබට නිරෝගිමත් ජීවිතයක් ගත කළ හැකියි. දුෂ්ට මිනිස්සුත් නැති නිසා ඕනෑම කෙනෙකුව විශ්වාස කිරීමට හැකි වෙයි.

දුක, වේදනාව හෝ කඳුළු නැහැ. කිසි කෙනෙක් මහලු වී මිය යන්නේ නැහැ.

පවුලේ අය සහ මිත්‍රයන් ඔබ සමඟ සිටීවි. ඇත්තෙන්ම පාරාදීසියේ ජීවත් වීම ඉතාමත් සුන්දර අද්දැකීමක් වේවි!

ඔබේ සිතට කිසිම බියක් දැනෙන්නේ නැහැ. සෑම කෙනෙක්ම සතුටින් සිටීවි.

දේවරාජ්‍යය නිසා දුක් වේදනා නැති වී යයි. එළිදරව් 21:3, 4