Skip to content

පටුනට යන්න

3වන කොටස

දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?

දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?

යෙහෝවා දෙවි ආදම් සහ ඒවට හොඳ දේවල් ගොඩක් දුන්නා. උත්පත්ති 1:28

යෙහෝවා දෙවි පළමු ස්ත්‍රිය වූ ඒවව සාදා ආදම්ට භාර්යාවක් ලෙස දුන්නා.—උත්පත්ති 2:21, 22.

යෙහෝවා දෙවි ඒ දෙදෙනාව සෑදුවේ ශාරීරිකව හා මානසිකව පරිපූර්ණ ආකාරයටයි.

ඔවුන්ගේ නිවහන වුණේ ඒදන් උයනයි. එය ගංගාවන් ගලා ගිය, පලතුරු ගස්වලින් පිරුණු, නොයෙක් මාදිලියේ සතුන් සිටි සුන්දර තැනක්.

යෙහෝවා දෙවි ඔවුන් සමඟ කතා කළා. ඔවුන්ට හරි වැරැද්ද කියා දුන්නා. නමුත් පාරාදීසයක් වූ එම උයනේ සදහටම ජීවත් වීමට නම් ඔවුන් දෙවි කියන දේට සවන් දිය යුතු වුණා.

එක ගසකින් විතරක් කන්න එපා කියා දෙවි කිව්වා. උත්පත්ති 2:16, 17

දේවදූතයන්ගෙන් එක්කෙනෙක් දෙවිට විරුද්ධ වුණා. එම දුෂ්ට දේවදූතයා තමයි සාතන්. යක්ෂයා කියා හඳුන්වන්නෙත් ඔහුවමයි.

යෙහෝවා දෙවි ආදම් සහ ඒවට උයනේ එක් ගහක් පෙන්වා එම ගහේ ගෙඩි කන්න එපා කියා පැවසුවා. එයින් කෑවොත් ඔවුන් මැරෙනවා කියාද දෙවි පැවසුවා.

ආදම් සහ ඒව යෙහෝවා දෙවිට කීකරු වෙනවාට සාතන් කැමති වුණේ නැහැ. ඒ නිසා ඔහු සර්පයෙකු මාර්ගයෙන් ඒවට කතා කරමින් ඒ ගහේ ගෙඩි කෑවොත් ඇය මැරෙන්නේ නැති බවත් දෙවි හා සමාන වන බවත් ඇයට පැවසුවා. සාතන් කිව්වේ අමූලික බොරුවක්.—උත්පත්ති 3:1-5.