Skip to content

පටුනට යන්න

පෙරවදන

පෙරවදන

දෙවි ප්‍රේමණීය පියෙක් වගෙයි. 1 පේතෘස් 5:6, 7

දෙවි තමයි අපිව නිර්මාණය කළේ. ඔහු අපි ගැන සැලකිලිමත් වෙනවා. ඒ නිසා නැණවත් මෙන්ම ප්‍රේමණීය පියෙක් මෙන්, අප ජීවත් විය යුතු හොඳම ආකාරය දෙවි අපට කියා දෙනවා.

දෙවි කියා දෙන වටිනා සත්‍යයන් නිසා අපගේ ජීවිතයට සතුටක් හා බලාපොරොත්තුවක් ලැබෙනවා.

ඔබ දෙවිට සවන් දෙනවා නම් ඔහු ඔබට මඟ පෙන්වා ඔබව ආරක්ෂා කර, ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ඔබට උපකාර කරයි.

ඒ විතරක් නෙමෙයි, ඔබට සදාකාලයටම ජීවත් වීමටද හැකි වෙයි!

දෙවි අපට කියන්නේ, “මා ළඟට එන්න. මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න” කියායි. යෙසායා 55:3