Skip to content

පටුනට යන්න

9වන කොටස

පොළොව පාරාදීසයක් වෙන්නේ කවදාද?

පොළොව පාරාදීසයක් වෙන්නේ කවදාද?

අද දින සිදු වන දේවලින් පැහැදිලි වෙන්නේ දේවරාජ්‍යයේ පාලනය ළඟ බවයි. ලූක් 21:10, 11; 2 තිමෝති 3:1-5

අද දින සිදු වන බොහෝ දේවල් ගැන බයිබලයේ කලින්ම සඳහන් කර තිබුණා. මිනිසුන් මුදලට කෑදර, දෙමාපියන්ට අකීකරු, දරුණු මෙන්ම විනෝදයට ඇල්මක් දක්වන අය වන බව එහි සඳහන් වෙනවා.

මහත් භූමිකම්පා, යුද්ධ, ආහාර හිඟකම් සහ වේගයෙන් පැතිරෙන වසංගත ඇති වන බවත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ දේවල් අද දින සෑම තැනකම දක්නට ලැබෙනවා.

දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොව පුරාම දේශනා කරනු ලබන බවත් යේසුස් පැවසුවා.—මතෙව් 24:14.

දේවරාජ්‍යය සියලුම දුෂ්ට දේවල් ඉවත් කරයි. 2 පේතෘස් 3:13

ඉතා ඉක්මනින් යෙහෝවා දෙවි සියලුම දුෂ්ටයන්ව විනාශ කරයි.

සාතන් හා ඔහුගේ භූතයන්ට දඬුවම් ලැබෙයි.

දෙවිට සවන් දී කීකරු වෙන අයට ධර්මිෂ්ඨ ලොවක ජීවත් වීමට අවස්ථාව ලැබෙයි. ඒ කාලයේදී කිසිවෙක් බියෙන් ජීවත් වෙන්නේ නැහැ. හැමෝම එකිනෙකාට විශ්වාසවන්ත වෙමින් ප්‍රේමණීයව සලකයි.